oie_animation (1) ඡන්දය දෙන්න ඌවේ ඡන්ද දායකයින්ගේ ඉහළ උනන්දුවක් ( ඩිල්ෂාන් මඩවල )

ඌව පළාත් සභා මැතිවරණයේ පළමු පැය 05 ඇතුලත ඡන්දය ප‍්‍රකාශ කිරීම ප‍්‍රශස්ථ මට්ටමක ඇතැයි නිරික්‍ෂණ සංවිධාන පවසනවා. මේ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා.

"  ඡන්දය භාවිතා කිරීම යම් ප‍්‍රශස්ථ මට්ටමක තිබෙන බවක් වාර්තාවෙනවා...  "

මැතිවරණ මහලේකම් කාර්යාලය ද පවසන්නේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඌව පළාතේ ඡන්ද දායකයින්ගේ කැපි පෙනන උනන්දුවක් දක්නට  ඇති බවයි.

ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඡන්ද දායකයින්ගේ ඇති උනන්දුව සම්බන්ධයෙන් නෙත් නිවුස් බදුල්ල තේරීම්භාර නිලධාරී රෝහණ කීර්ති දිසානායක මහතාගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ  උදෑසන 10වන විට මුළු ඡන්ද දායකයින්ගෙන් සියයට 30ක් පමණ ඡන්දය ප‍්‍රකාශ කර තිබු බවයි.

මෙම ඡන්ද විමසීම ආරම්භ කෙරුණේ අද උදෑසන 07ටයි. සවස 04.00 දක්වා ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමිවනවා.

මැතිවරණය පැවැත්වෙන බදුල්ල සහ මොණරාගල යන දිස්ත‍්‍රික්ක දෙකේම සාපේක්‍ෂව මේ දක්වා පවතින්නේ සමාකාමී තත්ත්වයක්.

කෙසේවෙතත් ඉකුත් පැයක පමණ කාලයේදි සාමයට බාධා කරන සිද්ධින් කිහිපයක්ම වාර්තා වු බව නිරික්‍ෂණ සංවිධාන පවසනවා. කරුණු දැක්වීම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතාගෙන්.

" පැයක පමන කාල සීමාව තුල මම දකිවනා මොනරාගල දිස්ති‍්‍රක්කයේ හා බණ්ඩාරවෙල , වැලිමඩ , යම් ගැටුම් කාරී සිදුවීම් වාර්තාවී තිබෙනවා... තර්ජනය කිරීමේ සිද්ධි 9 ක් මොනරාගල දිස්ති‍්‍රක්කයෙන් වාර්තාවුණා.. ඒ වගේම බණ්ඩාරවෙල දී පහරදීමක් වුණා..  "

සිදුවෙමින් ඇති මෙම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට මුල් වී සිටින්නේ බදුල්ලේ හෝ මොණරාගල වැසියන් නොව පිටතින් පැමිණි කණ්ඩායම් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

" වැලිමඩ ප‍්‍රදේශයට පිටතින් පැමිණි කණ්ඩායම් ඡන්ද මධ්‍යස්ථාන වලට ඇවිත් විපක්ෂයේ ආධාරකරුවන්ට තර්ජනය කිරීමේ තත්වයක් මතුවෙලා තිබ්බා...  "

මුලින් පැවති සාමකාමී වාතවරණයට බාධා කරන සුළු සිදුවීම් කිහිපයක් ඉකුත් පැයක පමණ කාලයේ දී වාර්තා වු බවත් ඊට මුල්වී ඇත්තේ පිටතින් පැමිණි කණ්ඩායමක් බවත් පැෆ්රල් සංවිධානයේ ද නිරික්‍ෂණයයි. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වුවා.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි