බිග් මැච් අස්‌සේ 'බියර්' - තරුණියන්ට රුපියල් 25000 ක්‌

බිග් මැච් අස්‌සේ 'බියර්' - තරුණියන්ට රුපියල් 25000 ක්‌
 Views - 4695
ජනප්‍රිය පාසල් අතර මේ දිනවල පවත්නා වාර්ෂික මහා ක්‍රිකට්‌ තරග අතරවාරයේ බීර පානය සඳහා තරුණ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොමුකර ගැනීමේ සූක්‍ෂ්ම වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න මහතා පැවැසීය.


මෙම පාසල් අතර පසුගිය 2015 වසරේ පැවැති වාර්ෂික මහා ක්‍රිකට්‌ තරග සඳහා බියර් නිපදවන සමාගම් සිය ප්‍රවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක්‌ වැය කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.


ජනප්‍රිය පාසල් අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට්‌ තරග සම්බන්ධව තමන් කළ සමීක්‍ෂණයට අනුව සෑම වසරකම බියර් පානය සඳහා අලුතින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසක්‌ යොමුකර ගැනීම බියර් සමාගම්හි ඉලක්‌කය වී ඇතැයි හෙළිවූ බවයි  වෛද්‍ය අසංග විජයරත්න මහතා පවසන්නේ.


ඒ සඳහා ඔවුන් තරුණ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් යොමුකර ගැනීමට බියර් අලෙවිය සඳහා නව යොවුන් වියේ පසුවන තරුණියන් යොදා ගෙන ඇති බවත් එම එක්‌ තරුණියකට ක්‍රිකට්‌ තරගය පැවැත්වෙන දින දෙක හෝ තුන සඳහා ඇයගේ සේවය වෙනුවෙන් රුපියල් විසිපන්දහසකට අධික මුදලක්‌ ගෙවා ඇති බවත් අනාවරණය වී ඇතැයිද  අසංක විජයරත්න මහතා ප්‍රකාශ කළේය.


2015 වසරේදී කොළඹ ජනප්‍රිය පාසල් දෙකක්‌ අතර පැවැති වාර්ෂික මහා ක්‍රිකට්‌ තරගයේ දින දෙක සඳහා එක්‌තරා බියර් සමාගමක්‌ අනුග්‍රාහකත්වය දෙමින් රුපියල් ලක්‍ෂ 17 ක්‌ ලබාදී ඇතැයි හෙළිවූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


(උපුටා ගැනීම දිවයින /උපාලි ද සේරම්)

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි