Hawaii lava crosses residential property, threatens more homes
With the best!
| Invest….. With the best! Follow between 70,000 talented traders from 192 countries automatically, FOR FREE in your account.
P Save a tree, Don't print this e-mail unless it's really necessary. |
Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක් එයි! - neth
| P Save a tree, Don't print this e-mail unless it's really necessary.
| ||
| |
Choosing The Best Brewery Sanitizer
| By Dominique Martin Sanitized equipment are the only way to produce clean, tasty and quality beer. This is a fact even when you are using grains, malt or combining several ingredients. Equipment that are not sanitized will introduce a foreign taste, odor and reduce the quality. The right choice on brewery sanitizer must be made if high quality is to be achieved and maintained. Bleach is common for many brewers because it costs less and is easy to find. You also require very small amounts to clean a lot of equipment. This makes it a very powerful agent. To rinse it off the equipment, you will require a substantial amount of water. Unless the water is distilled and the environment very carefully guarded, the water will reintroduce impurities and negate your initial efforts. Bleaches will require sterile water to rinse off containers. This is an added expense in your brewing process. The strength of bleaches makes them harmful to the skin, cloths and the eyes. The presence of bleach in your beer will significantly alter its taste. It requires a lot of work to completely sanitize your equipment. One-Step comes with the brewing equipment during purchase. It is oxygen based and rarely requires rinsing after cleaning. FDA has not approved its use and therefore it might be a dangerous option. The sanitizer is considered a very strong option and therefore a secondary option for many breweries. Iodophor- it rates high among sanitizers because of its effectiveness. You can buy it from online shops or brewery stores in your neighborhood. Its contact time is short since it is based on iodine. The strength means that it will stain your cloths and plastic bottles after several years of use. The odor left behind in cloths and equipment after use is very strong. Star Sun- it has a foaming effect that ensures that it gets into cracks and crevices. The sanitizer is considered as an acid rinse and is available from home brew stores and online shops. It is both colorless and odorless with a very little amount going a long way. You can still use it as long as the PH remains below 3. The undoing about Star Sun is the fact that you will be left with a very dry skin and hands. The fact that it foams makes some brewers uncomfortable. The surface also remains slippery but this is likely to be attributed to poor rinsing procedures. It is considered among the best sanitizers available. Star Sun gives incredible results when used in a squirt bottle. It makes it easy to control the amount and therefore clean more equipment. Mixing with reverse osmosis or distilled water helps to raise the quality of results and enable you to reuse it. This translates into reduction in expenditure during the brewing process. The essence of sanitizing is to reduce the concentration of bacteria. This means that your fermentation process will be dominated by yeast. Yeast will deter other organisms from taking over your fermentation process. The complete removal of bacteria would require a microwave prototype called autoclave that is found in laboratories. The other alternative is boiling for about twenty minutes. | ||
| |
මේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ඉල්ලපු අපට දැන් ලජ්ජයි
ප‍්‍රශ්නය:- ඌව පළාත් සභා ප‍්‍රතිඵලය දිහා ආණ්ඩුවට සුබවාදීව බලන්න බෑ කියලා මතයක් තියෙනවා.
පිළිතුර:- ඌව කියන්නේ රටේ තියෙන පුංචිම පළාත් සභාව. ඌව පළාත් සභාවේ ප‍්‍රතිඵලයෙන් හෝ පළාත් සභා මැතිවරණයක ප‍්‍රතිඵලයකින් ජාතික මැතිවරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න අමාරුයි.
ප‍්‍රශ්නය:- නමුත් සමස්ත ප‍්‍රතිඵලය ගත්තොත්?
පිළිතුර:- ඔව්. සමස්ත ප‍්‍රතිඵලය ගත්තොත් 2012 නැගෙනහිර පළාත් සභාවෙන් ආරම්භ වෙලා 2014 දී ඉඩවර වෙච්ච ඌව පළාත් සභා ප‍්‍රතිඵලය සහ අතිශයින් වැදගත් දේශපාලනික වශයෙන් සංවේදී බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණය මෙන්ම උතුර හා නැගෙනහිර පළාත් සභා ප‍්‍රතිඵලය ගත්තොත් ඒවා තමයි රටට වැදගත් පළාත් සභා ප‍්‍රතිඵලය වෙන්නේ. මේ ප‍්‍රතිඵල ගත්තොත් පැහැදිලි ලකුණු කිහිපයක් දකින්න තියෙනවා. රටේ ඡන්ද දායකයෝ ඉන්නවා එක්කෝටි හතළිස් පන්ලක්ෂයක්, මේ ලක්ෂ එකසිය හතළිස් පහෙන් පළාත් සභා මැතිවරණවලදී අනුහය ලක්ෂයක් ඡන්දය දීලා තියෙනවා. ඒවායින් වලංගු ඡන්ද අනූ දෙලක්ෂයයි. ඒ කියන්නේ සියයට 66 ක් විතර ඡන්දය ප‍්‍රකාශ කරලා තියෙනවා. මේක ටිකක් හොඳ ප‍්‍රතිශතයක්. මොකද මෙයට පෙර පළාත් සභාවලදී සියයට පනස් පහක් විතර තමයි ඡන්දය දාලා තියෙන්නේ. ඒ සියයට 66 ක අනූ දෙලක්ෂයක ඡන්දවලින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද හතළිස් නව ලක්ෂයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මුළු ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 53 ක් විතර අරගෙන තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඡන්ද විසිහතර ලක්ෂයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ සියයට 26 ක්. ඒ නිසා ඔය තිස්ස අත්තනායක මහත්තය කියන විදියේ සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් රටේ නැහැ. ඒ ගොල්ලන්ට තියෙන්නේ සියයට 26 යි. ඒක තමයි යථාර්ථය.
ප‍්‍රශ්නය:- නමුත් ජවිපෙ වේගවත් ප‍්‍රගතියක් පෙන්නුම් කරලා තියෙනවා.
පිළිතුර:- ඇයි දෙමළ සන්ධානය. ඒ අය උතුරේ හා නැගෙනහිර ඡන්ද පන්ලක්ෂ හතළිස් හත්දාහක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපට පේනවා එල්ටීටීඊය පාලන බලය උසුලනවා හා සමානව දෙමළ ජාතිවාදි ඡන්දත් වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ඔබ කිව්වා වගේම ජනතා විමුක්ති පෙරමුණ තුන්ලක්ෂ හැටහය දාහක් ඡන්ද අරගෙන තියෙනවා. ෆොන්සේකා මහත්තයා තුන්ලක්ෂ හැත්තෑහය දාහක් අරගෙන තියෙනවා. ෆොන්සේකා මහත්තයාගේ වර්ධනය ඌවෙන් අවසන් වුණා. ඒ වගේම මුස්ලිම් කොංග‍්‍රසය දෙලක්ෂ විසිහය දාහක් ඡන්ද අරගෙන තිබුණා. හකීම් මහත්තයාට දස ලක්ෂයක් ඡුන්ද තියෙනවා කියන කතාව පට්ට බොරුවක්. මේ අර්ථයෙන් අපි අරගෙන බලනකොට මේක තමයි සමස්ත ඡන්ද ප‍්‍රතිඵලය. මේ ඡන්ද ප‍්‍රතිඵලයමත ඉඳගෙන එක්සත් ජාතික පක්ෂය කේක් කන්නේ කොහොමද කියලා මට ප‍්‍රශ්නයක් මතුවෙනවා.
ප‍්‍රශ්නය:- ඔබ කියන්නේ ආණ්ඩුවට කිසිම ප‍්‍රශ්නයක් නැහැ කියලයි.
පිළිතුර:- නෑ. ආණ්ඩුවට ප‍්‍රශ්නයක් තියෙනවා. 2010 ජනාධිපතිවරණයේදී අපි ගත්ත හැට ලක්ෂයක් ඡුන්ද. ඒ හැට ලක්ෂයෙන් දස ලක්ෂයක්ම සන්ධානයෙන් ගිලිහිලා තියෙනවා. මෙතැනදී සන්ධානය කියපු එක කාරණාවක් තමයි පළාත් සභාවලදී සියයට 65 යි ඡුන්දය දෙන්නේ. ජනාධිපතිවරණයකදී සියයට 75 ක් ඡන්දය දෙනවා. එතකොට ඒ ඉතිරි සියයට දහය ඡන්දය දෙනකොට ඔය අඩුපාඩුව මඟ හැරෙනවා කියලා.
ප‍්‍රශ්නය:- නමුත් ඌවේදී සියයට 76 ක් ඡුන්දය දුන්නා.
පිළිතුර:- ඔව්. ඒක තමයි මම කියාගෙන ආවේ. සියයට 76 ක් ඡන්දය දුන්නා කියලා සන්ධානයට 2010 ඡුන්ද ප‍්‍රතිශතයට වඩා අඩු ඡුන්ද ප‍්‍රතිශතයක් තමයි ලැබුණේ. ඒ කියන්නේ ඡන්දය නොදී ගෙදර හිටපු පිරිස සන්ධානයට ඡන්දය දෙන අදහසක් නැහැ. ඒ අනුව බැලූවම බරපතළ අනතුරු ඇඟවීමක් මෙතැන තියෙනවා. ඒ කියන්නේ රටෙන් සියයට 75 ක් ඡන්දය දෙන තත්ත්වයක් යටතේ සන්ධානයට සියයට 50 නැති තත්ත්වයක් තියෙන්නේ.
ප‍්‍රශ්නය:- ඒ කියන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි.
පිළිතුර:- අනිවාර්යෙන්ම ඔව්. ප‍්‍රධාන කාරණය තමයි…. සාමාන්‍යයෙන් පළාත් සභාවක ඡුන්ද ප‍්‍රතිඵලයයි ජනාධිපතිවරණයක ඡන්ද ප‍්‍රතිඵලයයි සන්සන්දනය කරන්න බෑ. රාජ්‍ය බලය සමග පළාත් සභා ඡන්දයකදී කිසියම් ප‍්‍රතිශතයක් ඡන්දය දෙනවා. හැබැයි රාජ්‍ය බලය ඇදවැටෙනවා යැයි කියලා විශ්වාසයක් සහිත ජනාධිපතිවරණයකදී වෙනසක් පිළිබඳ හැඟීමක් එහෙම ආවොත් රාජ්‍ය බලය තිබුණ කියන එක වැදගත් වෙන්නේ නැහැ. සල්ලි බෙදුවද, කෑම බෙදුවද, ලෑන්ඞ් රෝවල් කීයක් ගියාද පාරවල් කීයක් කාපට් කළාද කියන එක වැදගත් වෙන්නේ නැහැ. 2004 පළාත් සභා ඡන්දයයි 2009 ජනාධිපතිවරණයයි ගත්තම ආණ්ඩුවට සියයට 5 යි 10 අතර ඡුන්ද ප‍්‍රමාණයක් අහිමි වුණා. 2009 පළාත් සභාමැතිවරණයයි 2010 ජනාධිපතිවරණයයි ගත්තම සියයට 5 යි 10 ක ඡුන්ද ප‍්‍රමාණයක් අහිමි වුණා. ඒ ප‍්‍රතිඵලයට අපි මෙතැන්ටත් යොදා ගත්තොත් බොහොම බරපතළ තත්ත්වයක ආණ්ඩුවක ඉන්නේ. ඒ වගේම මමත් විශ්වාස කරන විදියට දැන් ඇතිවෙලා තියෙන මේ කම්පනය විශේෂයෙන්ම රජයට බැරිවෙලා තියෙනවා තමන්ගේ මැතිවරණ ජයග‍්‍රහණයවත් දේශපාලන ජයග‍්‍රහණයක් බවට පත්කර ගන්න. පැරදිච්ච යූඑන්පිය ජය ගත්තා වගේ හැඟීමක් තමයි රටේ තියෙන්නේ. ඉතිං ඒ නිසා වාසි පැත්තට හෝයියා කියාගෙන හිටපු නිලධාරින් ව්‍යාපාරික ….. සමාජ කණ්ඩායම් දැන් ගිලිහෙන්න පටන් අරගෙන තියෙනවා.
ප‍්‍රශ්නය:- ඒ වගේම සන්ධානයේ හවුල්කාර පක්ෂත් කළකිරිලා.
පිළිතුර:- ඔව් අනිවාර්යෙන්ම හවුල්කාර පක්ෂවලටත් ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිවරණයක් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ මැතිවරණ කාර්යාලයත් ඇරලා තියෙනවා. ජනාධිපතිවරණයට ලෑස්තිවීමක් තියෙනවා. නමුත් සන්ධානයෙ පක්ෂනායක හමුවක් කැඳවලා එහෙම තීරණයක් අරගෙන නෑ. අයි ජනාධිපතිවරණයක් තියන්නේ කියන එකට උත්තරයක් නැහැ. ඒ දිනය ගැන එහෙම අදහසක් දන්වලත් නැහැ. ඒක නිසා තමයි අර වමේ පක්ෂ 3 ක් එකතුවෙලා ලිපියක් යවලා තියෙන්නේ. මෙයාට තීන්දුවක් අරගෙන නෑ. කරුණාකරලා මේ ජනතාවගේ පොරොන්දු ඉටු කරන්න කියලා. සන්ධානයේ හවුල්කාර පක්ෂවලට මේක ඇතුළේ කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදි ඉඩක් නැහැ. ඒ වගේම අද මේ රටේ අලූත් මතයක් ඇතිකරගෙන යනවා සුළු ජාතික ඡන්දයෙන් පුළුවන් රජවරු හදන්න කියලා. ඒ නිසා සුළු ජාතික ඡන්ද පාවිච්චි කරලා තමයි හුඟක් දෙනෙක් බලයට එන්න හිතාගෙන ඉන්නේ.
ප‍්‍රශ්නය:- ඔබ කියන්නේ එහෙම බෑ කියලද?
පිළිතුර:- ඔය සුළු ජාතික ඡන්ද කියන්නේ මොකක්ද? ලංකාවේ අද ඉන්නවා සිංහලයෝ සියයට 76 ක්. අපි හිතමු 75 යි කියලා. එතකොට අසිංහලයෝ ඉන්නවා සියයට 25 ක්. අපි හිතමු ඔය සියයට 25 න් සියයට 80 ක්ම ඡුන්දය දෙනවා විපක්ෂයට කියලා. එහෙම ප‍්‍රවණතාවක් ඇතිවෙන්න පුළුවන්. මොකද දෙමළ සන්ධානය ගත්තා උතුරේ සියයට 76 ක් ඡන්ද. අපි හිතමු දෙමළ ඡන්ද විතරක් ගත්තොත් ඒක සියයට 80 යි කියලා. ඒ 80 ටම ගත්තා කියලා හිතමු. 80 ට වඩා ගනී කියලා මම හිතන්නේ නැහැ. දෙමළ, මුස්ලිම් ඡන්ද මොකද සෙසු පක්ෂවලටත් රජයටත් ඒවා වැඩ කරන නිසා. වතු දෙමළ ඡන්ද ගත්තොත් දෙමළ ඇමැතිවැරන් ඉන්නවා. ඩග්ලස් දේවානන්ද ඉන්නවා. පිල්ලෙයාන් ඉන්නවා. ඔය වගේ කණ්ඩායම් ඉන්නවා. ඒ විදියට සිංහල ඡන්ද සියයට 80 වුණොත් සියයට 25 කින් සියයට 80 ක් කියන්නේ ජාතික ප‍්‍රතිශතය සියයට 20 යි. ජනාධිපතිවරණයක තියෙන සුවිශේෂත්වය තමයි අනිවාර්යයෙන්ම සියයට 50 ගන්න ඕනෑ. පාර්ලිමේන්තු මැතිවරණයකදි නම් ආණ්ඩුවක් පිහිටුවන්න සියයට 50 ක් ඕනෑ නැහැ. 50 ට වඩා අඩු ප‍්‍රතිශතයකින් තමයි ලංකාවේ දිගටම ආණ්ඩු පිහිටුවලා තියෙන්නේ. 1977 දි, 2010 දියි විතරයි ඒක වෙනස් වුණේ. චන්ද්‍රිකාට අර මහා යෝධ ජන රැල්ලක් තිබිය දීත් හම්බ වුණේ සියයට 48 යි. රනිල්ට 2010 දී හම්බ වුණොත් 47 යි. නමුත් ජනාධිපතිවරණයක ස්වරූපය තමයි අනිවාර්යෙන්ම සියයට 50 ගන්න ඕනෑ. දැන් එතකොට විපක්ෂයේ අපේක්ෂකයා සිංහල ඡන්දවලින් සියයට 30 ගත්තොත් ඒ කියන්නේ සෑම සිංහලයො දහ දෙනෙකුගෙන් හතර දෙනෙකේ විපක්ෂයට ඡන්දෙ දෙන්න ඕනා. කිසිම ආසනයක ලංකාවේ යූඑන්පිය මේ සියයට 40 අරගෙන නෑ. මොනරාගල තමයි හොඳම උදාහරණය. සියයට 31 යි ලැබුණේ.
ප‍්‍රශ්නය:- ඔය කියන තත්ත්වය ආණ්ඩුවක් නැහැ.
පිළිතුර:- ජනාධිපතිතුමා ගත්තොත් එතුමා වැඩිපුරම විශ්වාසය තියලා තියෙන්නේ සිංහල ඡුන්ද ගැන තමයි. එතුමාට 2010 දී ඒක පැහැදිලිවම තිබුණා. එතුමා ජය ලබන්නනම් සුළු ජාතිකයන්ගේ ජාතික ප‍්‍රතිශතයෙන් සියයට 5 කුත් සිංහලයන්ගේ ජාතික ප‍්‍රතිශතයෙන් සියයට 45 කුත් ගත යුතුයි. සිංහල ඡන්දවලින් සියයට 45 ක් කියන්නේ සිංහලයන් දහ දෙනෙකුගෙන් හය දෙනෙක් ජනාධිපතිතුමාට ඡන්දය දිය යුතුයි.
ප‍්‍රශ්නය:- මගේ ප‍්‍රශ්නය වුණේ එහෙම ගන්න පුළුවන්ද කියලයි.
පිළිතුර:- අවාසනාවකට කිසිම ආසනයක ඒ ප‍්‍රතිශතය ජනාධිපතිතුමාටත් ලැබිලා නැහැ. සිංහල බළකොටු හැටියට තිබිච්ච හෝමාගම ජනාධිපතිතුමාට ලැබුණේ විපක්ෂයට වඩා ඡුන්ද පන්දාහයි. මහා ධනයක් ආයෝජනය කරපු තිස්සමහාරාමය ගන්න විපක්ෂයට වඩා ඡන්ද හාර දහසයි. ඒකයි තත්ත්වය.
ප‍්‍රශ්නය:- ඒ කියන්නේ ජනාධිපතිවරණය ඉතා තීරණාත්මකයි.
පිළිතුර:- අනිවාර්යයෙන් ඒ නිසා එතුමා එක්කෝ සුළු ජාතික ඡන්දයෙන් ඒව පුරවාගන්න ඕනා. එහෙම නැත්නම් මහ ජාතික ඡන්දෙන් ඒක පුරවාගන්න ඕන. සුළු ජාතික ඡන්දවලින් ඒක පුරවා ගැනීමේ හැකියාවක් එතුමාට නැහැ. රනිල්ටත් ඔයිට වඩා එහාට ගිහින් සුළු ජාතික ඡන්ද ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මෙවරත් ජනාධිපතිවරණයේ තීරක සාධකය සිංහල ඡන්ද. සිංහල මධ්‍යස්ථ උගත් ඡන්ද දායකයා කොහොමද ඡන්දය දෙන්නේ කියන එක මත තමයි ජනාධිපතිවරයා කවුද කියලා තීරණය වෙන්නේ.
ප‍්‍රශ්නය:- ඔය ඔබ කියන බලවේගය දිනාගන්න ජනාධිපතිවරණය අසමත් කියලා ඔබ හිතනවාද?
පිළිතුරු:- 2005 ඉඳන් 2010 ට සන්ධානය ඉතාම දුර්වල පාර්ලිමේන්තු නියෝජනයක් තිබියදී බොහොම නිර්භීතව කටයුතු කරලා ත‍්‍රස්තවාදය පරාජය කරලා ආර්ථික ක්ෂේත‍්‍රයේත් පිමි ගණනාවක් පැනලා ජාතික ආර්ථිකය සවිමත් කිරීමේ දිහාවට ගියා. නමුත් 2010 ඉඳන් අපේ ආණ්ඩුවේ ලකුණු පුවරුව සාර්ථක නැහැ.
ප‍්‍රශ්නය:- ඔබත් මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක්. ඔය ඇයි එහෙම කියන්නේ?
පිළිතුර:- අපි ගනිමු ව්‍යවස්ථාව පිළිබඳ ප‍්‍රශ්නය. සිරිමාවෝ මැතිනියට තුනෙන් දෙකක් බලය ලැබුණා. සිරිමාවෝ මැතිනිය ඒ බලයෙන් බි‍්‍රතාන්‍යයත් එක්ක හැප්පිලා රට ජන රජයක් කළා. රට ඒකීය කළා. බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙනවා කියලා වගන්තියක් එකතු කළා ව්‍යවස්ථාවට සියලූම අන්‍යාගමිකයන් කැරලි ගහද්දී දෙමළ රාජ්‍ය පක්ෂය කැරලි ගහද්දී රට ඒකීය කළා. එහෙම නිර්භීත බවක් සිරිමාවෝට තිබුණා. ඒ සියලූ බලවේග කැරලි ගහද්දී රට ඒකීය කරන්න. රට ජන රජයක් කරන්න රටේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන්න පියවර ගත්තා. ඒකට යූඑන්පියේ සහාය ගන්නත් එතුමිය බුද්ධිමත් වුණා. ඇයට ලැබුණු තුනෙන් දෙකේ බලයෙන් ඇය ව්‍යවස්ථාව විප්ලවයක් කළා. ඊළඟට ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට 1977 දී තුනෙන් දෙකේ බලය ලැබුණා. උන්නැහෙත් මේ සියලූ විරෝධතා මැද්දේ විධායක ජනාධිපතිකමත් හැදුවා. අනුපාත ඡුන්ද ක‍්‍රමයක් හැදුවා. මානව හිමිකම් පිළිබඳ කාරණා ව්‍යවස්ථාවට ගෙනාවා. හරි හෝ වැරදි හෝ ඔහුත් ව්‍යවස්ථා විප්ලවයක් කළා. පළාත් සභා ක‍්‍රමයකුත් ගෙනාවා. බලහත්කාරයෙන්. ජේ.ආර්. තමන්ගේ බලය පාවිච්චි කරලා රට ඇතුළේ ව්‍යවස්ථාමය පරිපාලනමය විශාල වෙනසක් කළා.
ප‍්‍රශ්නය:- ඔබ කියන්නේ මේ ආණ්ඩුව මුකුත්ම කළේ නැහැ කියලද?
පිළිතුර:- හොඳ ප‍්‍රශ්නයක්. මේ ආණ්ඩුව මොකක්ද කළේ. අපේ ආණ්ඩුවටත් තුනෙන් දෙකක බලයක් තියෙනවා. මොනවාද කළේ. අපේ ආණ්ඩුවට තිබුණ ඉතා පැහැදිලිවම මේ රටේ ප‍්‍රාදේශීය සභාවලට බලතල දෙන ජන සභා පනත හදලා තියෙන්නේ. ඒක කි‍්‍රයාත්මක කරන්න තිබුණා. ඒක කළේ නැහැ. ස්වාධීන එකඟතාවයක් තිබුණා මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්න. ඒ පනත ගෙනැල්ලා සම්මත කරගෙන මේ කාලකණ්නි අනුපාත ක‍්‍රමයෙන් අපි ගැලවුණේ නැහැ. ඒ වගේම පළාත් සභාව ගන්න. පළාත් සභාව අහෝසි කරන්න බැරි නම් පළාත් සභාවේ ඉතාම භයානක අංග පහක් අපි පෙන්වලා දුන්නා. පළාත් දෙකකට එකතු වීමට තිබෙන හැකියාව, ආණ්ඩුකාරවරයාට හදිසි තත්ත්වයක් යටතේ වුණත් මහ ඇමැතිවරයාට අත දීමේ නොහැකියාව. පොලිස් බලතල, ඉඩම් බලතල, සම ජාතියේ ලැයිස්තුවේ බලතල පළාත් සභාවලට පැවරීම, මෙන්න මෙවැනි ඒකීය භාවයට පැහැදිලි තර්ජනයක් තිබෙන ලකුණු පහක් අපි පෙන්වලා දීලා කිව්වා ඒවා වෙනස් කරන්න කියලා. පළාත් සභා ක‍්‍රමයම ආවේ බලහත්කාරයෙන්. හැබැයි අපිට එඩිතරකමක් තිබුණේ නැහැ එහෙම දෙයක් කරන්න. ඊළඟට බරපතළ විදියේ උනන්දුවක් රටේ තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ඒ උනන්දුව මේ රටේ ඇති කළේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කියලා.
ප‍්‍රශ්නය:- විධායක ජනාධිපතික‍්‍රමය වෙනස් කළ යුතුයි කියලා ඔබත් කියනවද?
පිළිතුර:- විධායක ජනාධිපතික‍්‍රමය ගැන අපටත් ප‍්‍රශ්න තියෙනවා. නමුත් ඒක අහෝසි කරනවා කියන තැන අපි නැහැ. ඒක මේ මොහොතේ කරන්න බැහැ. නමුත් අත්තනෝමතික බලතල කිහිපයක් විධායක ජනාධිපතිවරයාට තියෙනවා. ඇමැතිවරු පත් කිරීමට, ඇමැතිවරු ඉවත් කිරීමට තියෙන බලය ලේකම්වරුන් පත් කිරීමට, ලේකම්වරුන් ඉවත් කිරීමට තියෙන බලය පාර්ලිමේන්තුවට තියෙන විශේෂ ජනවරම නොතකා පාර්ලිමේන්තුව විසුරුවා ලීමට තියෙන බලය, අධිකරණයට විනිසුරුවන් පත් කිරීමට තිබෙන බලය, අධිකරණයට වග නොකියන සුළු ස්වභාවය. පාර්ලිමේන්තුවට වග නොකියන සුළු ස්වභාවය. මෙවැනි අතත්නෝමතික බලතල තියෙනවා. එවැනි බලතල අහෝසි කළ යුතුයි. ව්‍යවස්ථාවට අනුව මේවායේ බලතල ආවම ජනාධිපතිවරයා අපට ප‍්‍රායෝගික අත්දැකීමක් තියෙනවා.ජයවර්ධනගේ කාලයේත්, චන්ද්‍රිකාගේ කාලයේත් පේ‍්‍රමදාසගේ කාලයේත්, මේ ජනාධිපතිවරයාගේ කාලයේත් ඉතාම සුළු පිරිසක් එකතු වෙලා මේ විධායක බලතල පාවිච්චි කරනවා. ඒක අපිට පේන්න තියෙනාව. ඒ කිසිම ජනවරමක් නැති මිනිස්සු පිරිසක්. ඒක මහජනයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බරපතළ ප‍්‍රශ්නයක් ඇති කරවනවා. මේවා එකක්වත් කළේ නෑ.
ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව ඇතුළේ ඔබත් ඉන්නවා. මෙච්චර කාලයක් මොනවද කළේ කියලා මම ඇහුවොත්?
පිළිතුර:- 2010 දී පක්ෂ නායක හමුවක් කැඳවලා 18 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවේ පියවරෙන් පියවර මේවා කරන බවට පොරොන්දු වුණා. ඒ 2010 දී. අද 2014 . ඒ පොරොන්දු ඉටුවෙලා නැහැ. ඒ නිසා මේ රජයට ලබා දීපු තුනෙන් දෙකක බලයෙන් කිසිම වැඩක් ගත්තේ නැති ආණ්ඩුවක් විදියටත් ඒ වගේම රටට ඉතාම අහිතකර විදියට උතුරු පළාත් සභාව ප‍්‍රභාකරන් පරාජය කරලා. විසිහය දාහක් ජීවිත පූජා කරලා මුදාගත් උතුර ප‍්‍රභාකරන්ගේ දේශපාලන සගයන්ට ප‍්‍රභාකරන්ගේ දේශපාලන පෙරමුණට හදා දුන් රජයක් විදියටටයි මේ රජය ඉතිහාසයට එකතු වෙන්නේ. ඒකයි මට තියෙන කනගාටුව. ඒ වගේම මෙච්චර අයුද ජයග‍්‍රහණයක් ලබලත් අපිට බැරි වුණා. පොරොන්දුවක් දුන්නා රටට 1971 ජන අනුපාතයට අනුව උතුරයි නැගෙනහිරයි නැවත ජන අනුපාතය සකස් කරන්න.
ප‍්‍රශ්නය:- නමුත් ඒක කෙරුණේ නැහැ.
පිළිතුර:- ඔව්. අපට බැරිවුණා. උතුරෙන් පලවා හැරපු සිංහල ජනයා නැවත පදිචි කරවන්න. මඩකළපුවෙන් පළවා හැරපු සිංහල ජනයා නැවත පදිංචි කරවන්න. උථුරෙන් නැගෙනහිරෙන් අවසන් වරට සිංහලයන් පලවා හැරියේ 1987 ඔක්තෝබර් 6 වැනිදා. ඉන්දියන් හමුදාව ලංකාවේ ආරක්ෂාව බාරව සිටියදී ඉන්දු-ලංකා ගිවිසුම ගහලා ඉන්දියන් හමුදාව බලාගෙන ඉන්නකොට මඩකළපුව නගරයේදී සිංහලයන් අනූපස් දෙනෙකු ඝාතනය කළා. එහෙම ඝාතනය කරළා මඩකළපුවෙන් සිංහලයන් පැන්නුවා. යාපනය නගරයේදී සිංහලයන් හය දෙනෙකු අල්ලලා අමුවෙන් පුච්චලා ඉතිරිවෙලා හිටපු සිංහලයන් ටිකත් පැන්නුවා. මේ අයුක්තිය වෙනස් කරයි කියල තමයි දේශපේ‍්‍රමීන්ගේ යෝධ විශ්වාසය වුණේ. හැබැයි අපේ ආණ්ඩුව ඕක කරන්න නිර්භය වුණේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ. රට මුදා ගත්තා කියලා කිව්ටව අද රට මුදාගෙන නැහැ. අද මොකද වෙලා තියෙන්නේ. අන්න ජාතිවාදි විග්නේෂ්වරන්ට උතුර බාර දීලා තියෙන්නේ. අද විග්නේෂ්වරන් වැලිඔය සිංහලයන්ට සල්ලි දෙන්නේ නැහැ. ඒ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විතරක් සල්ලි දෙන්නේ නැහැ. අදත් වැලිඔය මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් මුලතිව් සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් යාපනය සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් මඩකළපුව සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. විසිහය දාහක් ජීවිත පූජා කළේ සියයට 60 ක් ඡන්දය දුන්නේ අතිශය බලාපොරොත්තුවක් ඇතිවයි. ඒ බලාපොරොත්තුව මේ ආණ්ඩුව කඩ කරලා තියෙනවා. ඒ නිසා සිංහලයන්ගෙන් දේශපේ‍්‍රමය මත ඡන්දය ඉල්ලන්න මේ ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.
ප‍්‍රශ්නය:- මේවා ඇයි ඔබ ආණ්ඩුව ඇතුළේ කතා නොකරන්නේ?
පිළිතුර:- අපි විශාල අරගලයක් කළා. ඒ අරගලය ඇතුළේ කරලා එපා වෙලා තමයි අපි එළියට කරුණු කියන්න පටන් ගත්තේ. මේ රජය බලයට පත් කරපු බලවේග පිළිබඳ අවතක්සේරුවෙන් ඒ පිළිබඳ උපහාසාත්මක දැක්මකින් ඇතැම් උපදේශකයන් කිහිප දෙනෙක් කි‍්‍රයා කරන නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. ඒ නිසා ඒ ඇත්තන්ට දැන් හෝ අනාගතයේදී හෝ වැටහිය යුතුයි මේ රටේ දැන උගත් සිංහල ජනතාව රවට්ටන්න බෑ කියලා. තවදුරටත් දේශපේ‍්‍රමි සළුපිළිවලින් රවට්ටන්න බෑ කියන එක ඔවුන් තේරුම් ගත යුතුයි. ඒ වගේම බලන්න විදේශ පෙරමුණ. විදේශීය වශයෙන් අපි ලොකු වටලෑමක ඉන්නේ. අපි මොකද කිව්වේ… අපි කිව්වා යුද අපරාධ වෙලා නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අපිට ඒක හොයන්න පුළුවන්. අපි අන්තිමට මොකද කළේ. යුද අපරාධ හොයන්න කියලා කොමිසමක් පත් කරලා අපිම කියපු දේ අපි ප‍්‍රතික්ෂේප කළා.
ප‍්‍රශ්නය:- ඇයි විදේශීය උපදේශකයන් පත් කළේ?
පිළිතුර:- ඔව්. උපදේශකයන් විදියට විදේශිකයන් කිහිප දෙනෙකු පත් කරලා විදේශීය මැදිහත්වීම අපිම කළා. අපට තවදුරටත් අයිතියක් නෑ ජිනීවාවල විදුලි පුටු ගැනකතා කරන්න. අපේ රටේ රණවිරුවන් අපි පාවලා දීලා ඉවරයි. ඒ යුද අපරාධ හොයන්න කොමිසම පත් කරන්න තීරණය කරපු අය ඒකට විදේශීය නියෝජිතයන් ගෙන්වා ගන්න තීරණය කරපු අය මේ රටේ රණවිරුවන් පාවලා දීලා ඉවරයි.ඒ අයට රණවිරුවන් ගැන කතා කරන්න බෑ. ඒ නිසා ඒ විදේශ මැදිහත්වීමෙන් ඒ දේශමාමක ජනතාවගේ මතය කොල්ලකන්න තවදුරටත් ආණ්ඩුවට බැහැ.මේක හරිම කණගාටුදායක තත්ත්වයක්. මේ ආණ්ඩුව වෙනුවෙන් ජන්දය ඉල්ලපු අපට දැන් ලජ්ජයි.
ප‍්‍රශ්නය:- ඔබ කියන විදියට වැරදි පාරේ යන්නේ ජනාධිපති මහින්දද වෙනත් පිරිසක්ද?
පිළිතුර:- මම පුද්ගලයන්ට දෝෂාරෝපණය කරන්නේ නැහැ. ජනාධිපතිතුමාට බරපතළ වගකීමක් තියෙනවා මේ සන්ධානයේ නායකයා හැටියට ඒ වගේම ජනාධිපතිවරයා හැටියට. ඒ වගේම අපිටත් වගකීමක් තියෙනවා. මේවා ආපසු හැරවීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපටත් වගකීමක් තියෙනවා.
ප‍්‍රශ්නය:- මින් ඉදිරියට ඔබ මොකද කරන්නේ?
පිළිතුර:- මේ ගැන අපි ලජ්ජා වෙනවා. ඒ වගේම අපි කෝපයට පත්වෙලා ඉන්නේ. අපි අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට අහිමි කරපු අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකේ කිසිම සැකයක් නැහැ. අපට පුද්ගලයො වැදගත් නෑ. ඒක මුලින්ම මේ ආණ්ඩුව දැනගන්න ඕනෑ. අපි පුද්ගලයෝ පස්සේ යන්නෙත් නැහැ. අපට පුද්ගලයෝ වැදගත් නැහැ. අපේ ජනතාවට කළ අසාධාරණයට අපේ ජනතාවට කළ රැවටීමට අපි අනිවාර්යෙන්ම ප‍්‍රතිචාර දක්වනවා. ඒ ජනතාවගේ හෘද සාක්ෂියයි අපි නියෝජනය කරන්නේ.
ප‍්‍රශ්නය:- ඉදිරි ජනාධිපතිවරණයේදී ලොකු පිම්මක් පනින්නද මේ හදන්නේ?
පිළිතුර:- ජනාධිපතිවරණය කියන්නේ රටක ආණ්ඩු මාරු කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක්. ඒ ප‍්‍රශ්නයේදී අපි මේ රටේ දැන උගත් සිංහල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රටට ඉදිරි අනාගතයක් තියෙන්න නම් මේ විදේශී්‍ය වටලෑමට කොන්ද කෙළින් තියාගෙන මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම අපේ රණවිරුවන්ගේ අභිමානය රකින පුළුවන්. උතුරේ හා නැගෙනහිර අපේ ජනතාවගේ ඉඩම් අයිතිය රකින්න පුළුවන් රට තුළ කි‍්‍රයාත්මක බෙදුම්වාදි ව්‍යාපාර, සමාජ බෙදුම්වාද ව්‍යාපාර පරාජය කරලා රටට එක නීතියක් ගේන්න පුළුවන් විශේෂයෙන්ම අද ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා ආර්ථිකයේ. ඒ ආර්ථික ප‍්‍රශ්න විසඳන්න පුළුවන් වැඩ පිළිවෙළක් සහිත කි‍්‍රයාදාමයක් සහිත ජනාධිපතිවරයෙක් තමයි අපිට ඊළඟට ඕනෑ කරන්නේ. රට යන්නේ යුග පෙරළියකට.
ප‍්‍රශ්නය:- පොදු අපේ්කෂකයෙක් ගැනත් කතාවක් තියෙනවා. එහෙම වුණොත් මොකක් වෙයිද?
පිළිතුර:- අපේක්ෂකයෝ මෙතැනදී වැදගත් නෑ. පුද්ගලයෝ ශත පහකටවත් වැදගත් නෑ. ප‍්‍රතිපත්ති තමයි මෙතැන වැදගත් වෙන්නේ. රටට ප‍්‍රතිසංස්කරණ අවශ්‍යයි. රටට අවශ්‍යයි යෝධ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක්. රටට අවශ්‍යයි යෝධ ආර්ථික ප‍්‍රතිසංස්කරණයක්. රටට අවශ්‍යයි යෝධ සමාජ ප‍්‍රතිසංස්කරණයක්.
ප‍්‍රශ්නය:- ඔබ කිව්වා රට සැරසෙන්නේ යුග පෙරළියකට කියලා. ඔබ ඒ ඉඟියෙන් මොකක්ද කියන්නේ?
පිළිතුර:- රටට වෙනසක් ඕනෑ. රට සම්පූර්ණයෙන්ම යුග පෙරැළියක තියෙන්නේ. ඒ යුග වෙනස අවශ්‍යයි. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් කරන්න පුළුවන්. හැබැයි එතුමා 2005 ට යන්න ඕනෑ.
ප‍්‍රශ්නය:- විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්න කියලා ඔබට ආරාධනාවක් ආවොත් ඔබ ඕක බාරගන්නවද?
පිළිතුර:- මෙහෙමයි. පොදු අපේක්ෂකයා වෙන්න මගේ අදහසක් නෑ. හැබැයි පොදු ප‍්‍රතිපත්තිය රටට හදන්න අපි ඉදිරිපත් වෙනවා.
– ලංකාදීප පුවත්පතෙනි
SriLankan flight develops technical snag in Chennai
|
The aircraft landed here around 9.30 AM, they said. As many as 244 passengers, who were to board the flight on its return journey to Colombo were put up in hotels in Chennai since the snag was not rectified before the scheduled departure time of 12.30 PM, media reports said quoting sources. |
Pitching tents, Hong Kong democracy protesters dig in for long haul
Tunisia: We came, we saw, we enjoyed! Spice up your family holiday with African thrills
/p/fierce-check-out-of-worlds-greatest.html
Tat’s one hot look! Cheryl flaunts ink as she leads Mirror’s Pride Of Britain Awards stars-By Ash Percival
EVERYONE had something to say when Cheryl Fernandez-Versini covered her back and bum in a massive rose tattoo, but the X Factor judge proved she wasn’t afraid to flaunt it at the Mirror’s Pride of Britain Awards.
/looking-ink-credible-cheryl-fernandez.html
මට හොරෙන් කැළණියේ බාර් පර්මිට් දීලා.. මං ආණ්ඩුවෙන් යනවා..
හරක් මස් කඩ, මත්පැන් අලෙවි සැල් කැළණියේ විවෘත කිරීමට තමත් අවසර නොදෙන බවද පවසන ඇමතිවරයා තමාට හොරෙන් හෝටලයකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍රය දී ඇත්තේ කෙසේදැයි ප‍්‍රශ්ණ කරයි.
Banks and airlines prop up FTSE 100
post
Money worries may age your heart as much as serious disease
Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....
Popular Posts ජනප්‍රිය ලිපි
-
By Patrick Hilfiger London Architects: Their Role and Function Any architect worth her salt will be very creative. A good architect ...
-
By Bertha Wells Blogging has in the last decade made a huge impact on the internet. It has quickly come up as a way to reach audiences f...
-
By Cohen M. Boutot Maybe, you are not acquainted with the term reverse phone number lookup service. It is because this service has a qui...
-
By Lisa Thomas Spending your energy into creating a productive investment consulting business continues to be a terrific a way to achiev...
-
By Ruben P. Kon The Forex exchange is a worldwide non-prescription money market through which you can trade the fluctuating value of mon...
-
By Abigail Smitheroo Walkinson Are you planning a birthday for your bundle of joy? The first birthday is always a memorable occasion whe...
-
By Eddy Wilson Simply put, they are pests. As if to add annoyance to their already unwelcome presence, they similarly spare no one. Thei...
-
By Nick Espensen The average person will travel at least once in their life. You can gain a lot by learning about travel, even if you ar...
-
By Aaron Small You are in search for an authentic air and heating contractor who can do your job honestly with affordable price. Take th...







