බ්‍රිතාන්‍යයට ඇතුළුවන්න පවුම් 3000ක තැන්පතුවක්

 බ්‍රිතාන්‍යයට ඇතුළුවන්න පවුම් 3000ක තැන්පතුවක්

බ්‍රිතාන්‍යයට ඇතුළුවන්න පවුම් 3000ක තැන්පතුවක්

Bookmark and Share

අවුරුදු 18 හා ඊට වැඩි ලාංකිකයින් ඇතුළු රටවල් 6 ක වැසියන් බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේදී ස්ටර්ලින් පවුම් 3000 ක බැදුම්කරයක් තැන්පත් කළ යුතු බව එරට රජය පවසයි.

බ්‍රිතාන්‍යයේ මාස 6ක වීසා ලබා දීම සඳහා අදාළ මුදල අය කිරීමට තීරණය කර තිබේ.

එරට “ද සන් පුවත්පත” වාර්තා කරන්නේ බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම් තෙරේසා මහත්මිය මෙම ක්‍රමවේදය සැලසුම් කර ඇති බවයි.

මෙහි පළමු අදියර යටතේ අදාළ රටවල් 6 සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට මෙම බැදුම්කර තැන්පත් කිරීම අනිවාර්ය කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නයිජීරියාව සහ ඝානාව එම රටවල් 6ට ඇතුළත්ය.

බ්‍රිතාන්‍යයට පැමිණෙන විදේශිකයින් ආගමන නීති කඩකරමින් එරට රැදී සිටීම වළක්වාලීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව තෙරේසා මේ මහත්මිය පෙන්වාදෙයි.

ඒ අනුව ආගමන නිති කඩ කරමින් බ්‍රිතාන්‍ය තුළ රැදී සිටින පුද්ගලයින්ට මෙම බැදුම්කර අහිමි වනු ඇත.

ඔස්ට්‍රේලියාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමන නීති හා සමානව මෙම නීතිය ක්‍රියාත්මක කරන බව බ්‍රිතාන්‍ය ස්වදේශිය කටයුතු ලේකම් තෙරේසා මේ මහත්මිය සඳහන් කළේය. 


No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි