කොළඹ නවතම හෝටලය මාලදිවයින් සමාගමකින්


කොළඹ නවතම හෝටලය මාලදිවයින් සමාගමකින් ආයෝජනය ඩොලර් මිලියන 170 යි සංචාරක කර්මාන්තය පිබිදෙමින් තිබීමත් සමග මහා පරිමාණයෙන් හෝටල් ඉදිවෙද්දී කාමර 300 කින් යුතු කොළඹ නවතම හෝටලය මාලදිවයින් සමාගමක් විසින් ඉදිකිරීමට සූදානම් වේ. මේ අනුව, මාලදිවයින් ජනරජයේ ඊ.ඕ.එන්. රිසෝට්ස් ගෘප් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 170 ක ආයෝජනයකින් මෙම හෝටලය ඉදිකිරීම සඳහා රජය විසින් අවසර ලබාදී තිබේ. මේ අනුව, මෙම හෝටලය බේරේ වැව අසල සීනෝර් පදනම හා සුරාබදු දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිතය. මහල් 45 කින් යුක්ත මෙම හෝටලයේ සුපිරි නිවාස 100 ක්ද ගොඩ නගන බව රජය කියයි.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි