මුස්ලිම් කාන්තා රෙදි ගලවන්න පෙර සුද්දියන්ට රෙදි අන්දවන්න

මුස්ලිම් කාන්තා රෙදි ගලවන්න පෙර සුද්දියන්ට රෙදි අන්දවන්න මෙරට බහු ආගමික සහ බහු වාර්ගික අනන්‍යතාව අමතක කර බොදු බලසේනා සංවිධානය මුස්ලිම් කතුන්ගේ නිකබය තහනම් කිරීමට කර ඇති යෝජනාව මගින් සිය ආගම ජාතිය රැක ගන්නා අතර අන්‍ය ජාතීන් සහ ආගම්වලට ගෞරව කිරීමේ සරධර්මය ඇති බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පැවසූවාය.
ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කතුන්ගේ විළිවැසීම සදහා ඉදිරිපත් විය යුතු මොහොතක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුස්ලිම් කතුන්ගේ නිකබය තහනම් කිරීමට යෝජනා  කිරීම මානව හිමිකම් පමණක් නොව කාන්තා අයිතිවාසිකම්ද උල්ලංඝනය  කිරීමක් වන බවද අයිතීන් උදෙසා කන්තාවෝ පවසති.
අන්‍ය ආගම් ජාතීන් සංස්කෘතීන් හා අනන්‍යතාවන්ට  බලපෑම් කිරීමේ පහත් තැනට නොවැටෙන ලෙස ඥානසාර  හිමියන්ගෙන් ඉල්ලා සිටින ගුණසිංහ මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය.
‘ඥානසාර  හිමියන් මේ යෝජනාව කරන්නේ ආරක්ෂාව වෙනුවෙන් නම් උන්වහන්සේ පළමුවන්ම කරන්න  ඕනේ මේ රටේ සිද්ධවෙන ගණිකා ජාවපාරම්, මත්ද්‍රව්‍ය  ජාවාරම් හා සමහර දේශපලනඥයන් කරන වැරදිවලට එරෙහිව සටන් කිරීමයි. මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුමෙන් සමාජයට හානියක් නැතිනම් එයට බලපෑම් කරන්න කිසිවකුට අයිතියක් නැහැ. මේ රටට දැන් එන විදේශීය සංචාරක කතුන් කොයි තරම් නම් විලි ඇරගෙනද? අඩ නිරුවතින් ඉන්නවද?
මුස්ලිම්  කාන්තාවන් සිය කැමැත්තෙන් නිකාබය ඉවත් කරනවා නම් එයටත් බලපෑම් කළ නොහැකියි. සමහර මුස්ලිම් රටවල් ඇදුමෙන් ශරීරය ආවරණය නොකළවිට කාන්තාවෝ මැරුවා. දැන් ලංකාවේ හදන්නේ ඇදුමෙන් කොටසක් වැඩි බව කියා එය තහනම් කරන්න.
මේක බොහෝම අසාධාරණ ක‍්‍රියාවක්. ප‍්‍රධාන අවශ්‍යතාව තියෙන්නෙ  කාන්තාවන්ගේ ඇදුම් කොටස් ඉවත් කිරීමේ නොවේ. ඔවුන්ට ඇදුම් අන්දන එකයි. ඒ නිසා අපි  ඥානසාර    හිමියන්ගෙන් ඉල්ලන්නේ නරකට විරුද්ධව සටන් කරන ලෙෂ හා මුස්ලිම් කාන්තාවන්ගේ අනන්‍යතාවයිට බලපෑම් නොකරන ලෙසයි’

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි