අනුරාධපුර පූජා භූමියේ සමලිංගික වැඩමුළුවක්

අනුරාධපුර පූජා භූමියේ සමලිංගික වැඩමුළුවක් අනුරාධපුර වැනි පූජා භූමියක්   තෝරාගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම කනගාටුවට කරුණක් බව සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන  ආයතනයක උසස් නිලධාරියෙකු පැවැසීය.
අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය ආසන්නයේ හෝටලයක පසුගිය 12 වැනිදා මේ සම්බන්ධයෙන්  නේවාසික පුහුණු වැඩමුළුවක්  පැවැත්වීමට කටයුතු කිරීම  පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද ඔහු පැවසීය. ලෝකයේ බොහෝ රටවල සමලිංගිකත්වය ප්‍රසිද්ධ කරුණක් වුවත්, බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ  පූජනීය ස්ථානයක  ප්‍රසිද්ධියේ වැඩමුළු පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එය නරක පූර්වාදර්ශයක්   බවත් ඔහු පෙන්වා දුන්නේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ    සමලිංගික සේවනයේ යෙදෙන්නන් 700 ක ප්‍රමාණයක් සිටින බව පැවැසූවත් එතරම් විශාල පිරිසක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියේය.
විජාතීය බලවේගයන් අපේ රටේ  තරුණ තරුණියන් සමලිංගිකත්වයට ඇද දැමීම සඳහා රුපියල් කෝටි ගණනින් වියදම් කරන බවත්, සමලිංගික  නොවන  තරුණ තරුණියන්ද ඔවුන්ගේ මුදල් පෙන්වා මෙම ක්‍රියාවලියට එක්කරගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.
අනුරාධපුර නගරයේ පාසල් සිසුන් හා විවිධ  වෘත්තීය පාඨමාලාවල යෙදෙන තරුණ තරුණියන් මේ සඳහා ‍පොළඹවා  ගැනීමට අනුරාධපුර ප්‍රදේශයේ  විශේෂ කණ්ඩායමක් කටයුතු කරන බවත්,  තරුණ තරුණියන්ට මුදල් හා පහසුකම් ලබාදෙමින් ඔවුන් මෙම පිළිකුල් සහගත ක්‍රියාවලියට ‍පොළඹවා ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම ක්‍රියාවලියේ   ඇති භයානක    තත්ත්වය නම් විරුද්ධ ලිංගිකයන්ට (ස්ත්‍රී – පුරුෂ) වඩා සමලිංගිකයන් තුළින් භයානක  සුවකළ  නොහැකි  ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වීම බව ඔහු පෙන්වා දුන්නේය. සමලිංගික සේවනය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ  ඇමෙරිකාවෙන් හමුවූ ලෝකයේ ප්‍රථම ඩ් ආසාදිතයා  සමලිංගිකයෙකු බවත්ය.
1983 හෝ 1984 කාලයේදී ශ්‍රී ලංකාවෙන් ඩ් ආසාදිතයෙක්  හමුවූ බවත් ඔහු ද විදේශීය රටක සමලිංගික   ඇසුර පැවැත්වූ පුද්ගලයෙක් බවද වෛද්‍යවරයා කියා සිටියේය. ඊට අමතරව 1983 අගභාගයේ  හෝ 1984  මුල් භාගයේදී දේශීය   ඩ් ආසාදිතයෙකු හමුවූ  අතර ඔහුද සමලිංගික  ඇසුරක් පැවැත්වූ අයකු බවද වෛද්‍යවරයා   පෙන්වා දුන්නේය. ඊට අමතරව සමලිංගික   ඇසුර තුළින්   නිට්ටාවට සුව කළ නොහැකි ගොනෝරියා, ලිංගික ඉන්නන්, ලිංගික හර්පිස්, හෙපටයිටිස්   ඕ, උපදංශය වැනි  භයානක  රෝග වැළඳිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. විවිධ පුද්ගලයින් පෙන්වා දෙන තරමේ සුන්දර ලෝකයක් සමලිංගික  සේවනයන්ට පුරුදු වූවන්ට නොමැති බව වෛද්‍යවරයා වැඩිදුරටත්   සඳහන් කළේය.
අනුරාධපුර නගරයේ හෝටලයක පැවති සමලිංගිකත්වය ප්‍රචලිත වැඩසටහන  සඳහා විවිධ  වයස් කාණ්ඩවල 20 දෙනෙකු   පමණ සහභාගි වී සිටින බව වාර්තා වූ  අතර ඔවුන්ට අවශ්‍ය  සියලු පහසුකම්   සපයාදී තිබූ බවද අනාවරණය  විය.

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි