විදේශ ගමන් බලපත‍්‍රයට ‘ඇස්’ සලකුණ

විදේශ ගමන් බලපත‍්‍රයට ‘ඇස්’ සලකුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යවරයා වශයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුමැතිය ලැබීමත් සමඟ විදේශ ගමන් බලපත‍්‍ර වල ආරක්ෂිතභාවය සුරක්ෂිත කිරීම සදහා දැනට පවතින ඇගිලි සලකුණු ක‍්‍රමය වෙනුවට ඇස් මගින් පුද්ගලයන් හදුනා ගැනීමේ ක‍්‍රමවේදයට (Bio Matrix) යොමුවීමට අවශ්‍ය පියවර ගැනීම සිදුවෙමින් තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් කි‍්‍රයාත්මක කරන මෙම ව්‍යාපෘතිය  සදහා  ඕස්ටේ‍්‍රලියාවෙන් ප‍්‍රදානයක් ලෙස රුපියල් මිලියන 629.7ක් හිමි වේ. එය ආගමනය සදහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් ලබාදෙන අතර ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම රුපියල් මිලියන 679.7 කි.
මේ පිළිබදව අදහස් දැක්වූ කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ ලොව දියුණු රටවල් බොහෝමයක් ඇස් මගින් පුද්ගලයන් හදුනා ගැනීමේ ක‍්‍රමයට යොමු වී ඇති බවත්,ඒ හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රදාන මත ඇගිලි සලකුණු ක‍්‍රමය වෙනුවට නවීන ක‍්‍රමවේදයට යොමුවීමට අදහස් කළ බවත්ය

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි