ජාතික රෝහලට රොබෝ වෛද්‍යවරයෙක්.. රුපියල් තිස් කෝටියයි

ජාතික රෝහලට රොබෝ වෛද්‍යවරයෙක්.. රුපියල් තිස් කෝටියයිකොළඹ ජාතික රෝහලට පැමිණෙන පුරස්ථි ග‍්‍රන්ථියේ පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර ලබා දීමට වෛද්‍ය රොබෝවරයකු ගෙන්වා ගැනීමේ සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් තිබේ. එවැනි රොබෝවරයකුගේ මිල රුපියල් තිස් කෝටියක් වන අතර මෙමගින් සර්වාංගයන්හි සැත්කම් සිදු කිරීමට පවා අවස්ථාව සැලසෙන බව ජාතික රෝහල් ආරංචා මාර්ග කියයි.
දැනට පුරස්ථි ග‍්‍රන්ථියේ පිළිකා සඳහා ලොකු කැපීම් මගින් කෙරෙන සැත්කම් වෙනුවට දැන් ‘යතුරු සිදුරු’ ක‍්‍රමයෙන් සැත්කම් පැවැත්වෙන අතර ඊළඟ පියවර වන්නේ වෛද්‍ය රොබෝවරයකු ඒ සඳහා යොදවා ගැනීමයි.
රොබෝ හසුරුවාලමින් සැත්කම සිදුකරන්නේ වෛද්‍යවරයාය. රොබෝ මගින් ශරීර අභ්‍යන්තරයේ කොටස් ත‍්‍රිමාන ලෙස දැකිය හැකිය.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි