වෙලේ සුදා පාපෝච්චාරණ���

ලංකාවේ 'කුඩු ගෝඩ් ෆාදර් දුමින්ද සිල්වා': 'මහින්ද බාලසූරිය සහ අනුර සේනානායකත්' කුඩු ජාවාරමට හවුල් -වෙලේ සුදා පාපෝච්චාරණය කරලා
 

(ලංකා ඊ නිව්ස් - ලංකාවේ හෙරොයින් ජාවාරමේ 'ගෝඩ් ෆාදර්' වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බවත් සියළු හෙරොයින් ජාවාරම්කාරයන් මාසිකව ඔහුට රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ගෙවිය යුතු බවත් තමන් ඔහුට රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ මාසිකව කප්පම් වශයෙන් ගෙවා ඇතැයි පාකිස්තානයේ සිට අත් අඩංගුවට පත්ව ලංකාවට ගෙනවිත් ප්‍රශ්න කරන 'වෙලේ සුදා' හෙවත් සමන්ත කුමාර විතානගේ හෙලිදරව් කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
 
දුමින්ද සිල්වාට අමතරව හිටපු පොලිස්පති වරයෙක්ද තානාපතිවරයෙක්ද පසුව නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් වරයාද වූ පසුගියදා රටින් පලා ගිය මහින්ද බාලසූරියදවත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකද මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට ආරක්ෂාව දී ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබා ගන්නා බවද වෙලේ සුදා අනාවරණය කර තිබේ.
 
ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වූ 'වෙලේ සුදා' පාකිස්ථානයේ වෙසෙන ස්ථානය ඉතාමත් නිවැරදිව සොයා ගත් කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය ඒ බව රාජපක්ෂ ආණ්ඩුව පවතිද්දී කලකට පෙර ආරක්ෂක ලේකම් වරයාට ලබා දී තිබුනද පාකිස්ථානය සමග එක්වී ඔහු අත් අඩංගුවට ගැනීමට කිසිදු උත්සාහයක් ගෙන නොතිබිණ.
 
රාජපක්ෂ ආණ්ඩුව වැටෙන්නට ඔන්න මෙන්න තිබෙද්දී පාකිස්ථානය විසින් වෙලේ සුදා අත් අඩංගුවට ගත් අතර ඡන්දයට පෙර ඔහු රැගෙන ඒමට රාජපක්ෂලා විසින් පාකිස්ථානයට යැවුවේ වෙලේ සුදා ගැන ලංකාවේ පරීක්ෂණ කළ නිලධාරීන් නොවන ඔහුව නොහඳුනන පිරිසකි. වෙලේ සුදා රැගෙන කොළඹ එද්දී රාජපක්ෂලා බලයෙන් විසිවී තිබිණ.
 
වෙලේ සුදා කරන හෙලිදරව් නිසා වත්මන් ආණ්ඩුවෙන් සහනයක් නොලැබෙන බව දැනගත් මහින්ද බාලසූරිය රටින් පලා යද්දී ඒ බවක් තම ආරක්ෂකයන්ට පවා පවසා නැත. තම බිරිඳ රට යන බවත් ඇයව ඇරලන්නට යන බවත් පවසා ආරක්ෂකයන්ට මඳක් එළියේ ඉන්නැයි පවසා ගුවන් තොටට ඇතුළු වූ මහින්ද බාලසූරිය එහෙමම හෙමින් සැරේ පලා ගොස් තිබිණ. බොහෝ වේලාවක් එළියේ බලා සිටි ආරක්ෂකයෝ තම ස්වාමියා නොපැමිණි නිසා සොයා බලද්දී ඔහු පලාගොස් ඇති බව වටහා ගෙන තිබේ. 
 
කෙසේ වෙතත් මේ දිනවල මත්ද්‍රව්‍ය නාශක අංශය වෙලේ සුදාගෙන් ප්‍රශ්න කරගෙන යනු ලැබේ.
 
රාජපක්ෂලාගේ හෙරොයින්ප්‍රේමී කුඩු ආණ්ඩුව වෙලේ සුදාට සහන ලබා දුන් හැටි දීර්ඝ ලෙස විස්තරයක් කරමින් ලංකා ඊ නිව්ස් පසුගිය වසරේ 2014 මාර්තු 01 දා පළ කළ ලිපිය යලිත් මෙහි පහත පළ කරමු
 
මැදමූලන රාජපක්ෂලා විලි ලැජ්ජාවක් නැතිව කුඩු රජා වෙලේ සුදාට අධිකරණයෙන්ම සහන දෙයි..!
 
(ලංකා ඊ නිව්ස් -2014.මාර්තු.01පෙ.ව.8.00) රාජපක්ෂලාගේ හෙරොයින්ප්‍රේමී කුඩු ආණ්ඩුවට රටපුරා මෙතරම් විරෝධයක් මතුව තිබියදී විලි ලැජ්ජාවක් නැතිව නීතියෙන්ම කුඩු රජුන් බේරා ගැනීමට රාජපක්ෂලා ගන්නා උත්සාහයන් දෙකක් මේ සතියේදී වාර්තා විය.
 
කුඩු ආණ්ඩුවේ ලැප්ටොප් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් මුව වසා සිටියද ලංකා ඊ නිව්ස් ඒ පිලිබඳ සත්‍ය ගෙන එන්නෙමු.
 
ඉන් පළමු වැන්න නම් ශ්‍රී ලංකාවේ හෙරොයින් ජාවාරමේ පතාකයෙකු වන "වෙලේ සුදා" හෙවත් සමන්ත කුමාර විතානගේ සහ ඔහුගේ බිරිඳ ගයනි ප්‍රියදර්ශනී හෙවත් "සුජී" බේරා ගැනීමට මැදමූලන මරා යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති වෑයමකි.
 
පසුගිය කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමේ විශාල පදාසයක් අල්ලා ගත්තේය. හෙරොයින් කිලෝ එකකට ආසන්න තොගයක් ඒවා පැකට් කරන කර්මාන්ත ශාලාවත් එකී පිරිසත් සමග අල්ලා ගත්තේ ජයවර්ධන රෝහල අබියස 2000 ප්ලාසා හි සුපිරි නිවසක් වටලමිනි. ලංකාවේ පළමුවරට හෙරොයින් පැකට් කරද්දී අල්ලා ගත්තේ එම අවස්ථාවේදීය. වෙලේ සුදාගේ බිරිඳ අත් අඩංගුවට ගත්තේය. ඔහු හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් දේපොල රාජසන්තක කළේය. මේ සියල්ල සිදු කිරීමෙන් පසු මත්ද්‍රව්‍ය නාශක අංශය තමන්ගේ පරීක‍ෂණ වාර්තා බාර දිය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුවට ය. ඒ එතැන් සිට අපරාධ කරුවාට එරෙහිව නීතිමගින් කටයුතු කළ යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් නිසාය.
 
වෙලේ සුදා ගැන මත්ද්‍රව්‍ය නාශක අංශය ලබා දුන් සාක්කි පරීක‍ෂණ සියල්ල මත පසුගිය සතියේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පැවරීම ආරම්භ කළේය. අහෝ අවාසනාවකි. නීතිපති දෙපාර්තමේන්තුව එය කර ඇත්තේ අස්පයාට පැන යන්නට ඉඩ තබමිනි. ඊට ප්‍රධාන හේතුව වන්නේ එක නඩුවකට ගොනු කළ හැකි චෝදනා නඩු තුනකකට කඩා වෙන් වෙන් වශයෙන් නඩු පවරා තිබීමයි. නඩු භාණ්ඩ ඇත්තේ ද ලැයිස්තු කිහිපයකට ය. එවිට එක නඩුවක නඩු භාණ්ඩ ඊට අදාල නැති වෙනත් නඩුවකට ගොස් තිබේ. මෙලෙස තාක්ෂනික දෝෂ රැසක් සමග නඩු ගොනු කර ඇත්තේම සැකකරුට වාසි වන අන්දමට ය. මෙහි වඩාත් පුදුමාකාර දේ නම් නඩුව සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට එවා තිබුනේ කිසිදු අත්දැකීමක් නැති වයස 25 ක් පමණ වන ලාබාල නීතිඥවරියක් වීමයි. ඇයද පැමිණ චෝදනා මුඛයෙන් කතා කෙළේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ වැරැදිය. කොටින්ම කියන්නේ නම් ඇය වරක් කීවේ "කව්ද වෙලේ සුදා කියන්නේ ? කොහොමද ඒ මනුස්සයා කුඩු ජාවාරම් කාරයෙක් කියන්නේ? ඔයගොල්ලොමනේ මාධ්‍ය අල්ලාගෙන එයාව කුඩු ජවාරම් කාරයෙක් කරලා තියෙන්නේ" කියා ය. කාට කියන්නද? ඇය නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයට පැමිණියේ වෙලේ සුදාට එරෙහිව නඩු කියන්නද? නැතිනම් වෙලේ සුදාගේ නීතිඥ වරිය ලෙස පෙනී සිටින්නද? යන්න මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට උභතෝකෝටික ප්‍රශ්ණයක් විය.
 
මෙය නිකම්ම සිදුවූවක් නොවේ. නීතිපති දෙපාර්තමේන්තුව අයත් වන්නේ මැදමූලන මරාට ය. කේස් එක ලිස්සා යවන්නැයි ඔහු දුන් උපදෙස් මත සිදුවූවකි. මේ අතර වෙනත් වෙබ් මාධ්‍යයක් වාර්තා කෙළේ වෙලේ සුදාට අයත් කොළඹ සුපිරි නිවසක් පවරා ගනීවි යැයි බියට පත්ව අල්ලස් හා දූෂන කොමිසමේ සභාපතිවරයාගේ නමට හරවා තිඛෙන බවකි.
 
'වෙලේ සුදා' හෙවත් සමන්ත කුමාර විතානගේ විදේශ රටක ජීවත් වන අතර ඔහුගේ බිරිඳ ගයනි ප්‍රියදර්ශනී හෙවත් 'සුජී' අත් අඩංගුවේ පසුවේ. මොවුන් කුඩු ආණ්ඩුව සමග කටයුතු කරමින් වසර 2 ක් තුල උපයාගෙන ඇති ධනය අති විශාලය. ඒ මෙසේය.
 
• කොල්ලූපිටියේ නිවාස 2 යි - වටිනාකම රු.මි. 50. 5 යි
• කොළඹ 7 නිවාස 1 යි - වටිනාකම රු.මි. 25 යි
• රාජගිරිය නිවාස 1 යි - වටිනාකම රු.මි. 20 යි
• පන්නිපිටිය නිවාස 1 යි - වටිනාකම රු.මි. 15 යි
• මාදිවෙල නිවාස 1 යි - වටිනාකම රු.මි. 10 යි
 
• දෙහිවල ඉඩම් 1 යි - වටිනාකම රු.මි. 16 යි
• නැදිමාල ඉඩම් 1 යි - වටිනාකම රු.මි. 14 යි
 
• බී.එම්.ඩබ්ලිව් කාර් 1 යි - වටිනාකම රු.මි. 20 යි
• ප්‍රාඩෝ ජීප් රථ 1 යි - වටිනාකම රු.මි. 15 යි
• ජීප් රථ 1 යි - වටිනාකම රු.මි. 12 යි
 
• කොල්ලූපිටිය මහජන බැංකු ගිණුමේ තිබූ මුදල රු.මි. 18.2 යි
• කොල්ලූපිටිය නිවසේ තිබී හමුවූ විදේශ මුදල් වල වටිනාකම රු.මි. 9.1 යි
• කොල්ලූපිටිය නිවසේ තිබූ හමුවූ රත්තරන් කිලෝ 3 ක වටිනාකම රු.මි. 20.1 යි
 
ආසන්න එකතුව රුපියල් මිලියන 244 කි. එනම් කෝටි 25 ක් පමණය.
 

No comments:

post

MSTI Maritime Academy Launches Sri Lanka’s Most Advanced and Comprehensive Ship Handling Simulator.

    Established in 1986 as Sri Lanka’s first privately-owned maritime training school, MSTI Maritime Academy today holds a prestigious l...

Popular Posts ජනප්‍රිය ලිපි