අරවින්දගේ ලෝක කුසලාන අවසන් කණ්ඩායම් දෙක

අරවින්දගේ ලෝක කුසලාන අවසන් කණ්ඩායම් දෙක

      Views - 7606
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ දැන් කාගෙත් අවධානය යොමු වෙලා තියෙනවා. මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් පිළිබඳවද කවුරුත් කතාබහ වෙනවා. 

1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ වීරයා වූ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මේ එ් පිළිබඳ නෙත් නිවුස් සමග කළ සංවාදයකි මේ.


 “ අපේ කණ්ඩායම මේ දක්වා දක්වපු දක්ෂතා එක්ක හොඳ මට්ටමක ඉන්නවා. දැනට ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආබාධයකට ලක් වෙලා ඉන්නේ. එ් වෙනුවට කණ්ඩායමට අලූතින් එකතු වුණු ක්‍රිඩකයින් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සමබර වෙලා තියෙනවා. 

අපිට ලොකුම පාඩුව රංගන හේරත් මේ වන කොට ආබාධයක් ලක්වෙලා සිටීම. කොහොම වුණත් ශ්‍රී ලංකාව දක්වපු දක්ෂතා ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම පිතිකරණ දක්ෂතා ගැන. කුමාර් සංගක්කාර, ඩිල්ෂාන්, තිරිමාන්න සහ මහේල මේ වන කොට ශතක වාර්තා කරලා ලකුණු අතරට ඇවිල්ලා තියෙනවා. 

ඔවුන් සියලූදෙනාම  ලකුණු අතර ඉන්න එක අපිට ලොකු වාසියක්. කොහොම වුණත් අපේ යොවුන් මැද පෙළ ක්‍රීඩකයින් තවමත් සාර්ථක වී නැහැ. මම හිතනවා ඉදිරි තරගවලදී ඔවුන් ලකුණු අතරට එයි කියලා. මම නම් කියන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි කියලා.”

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි