එකදු යානයක් අයිති නැති ගුවන් සේවයක් - රනිල්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයිති එකම ගුවන් යානයක්වත් නැති බවත්, එසේ එකම ගුවන් යානයක් වත් අයිති නැති ගුවන් සේවයක් ලෝකයේ කිසිම රටක නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
අගමැතිවරයා මෙසේ පවසා ඇත්තේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත්කළ සිවු පුද්ගල කමිටු වාර්තාව, එහි සභාපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා විසින් පසුගියදා අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙන ලද අවස්ථාවේදීය.
මෙම වාර්තාව ගැන අදහස් දක්වමින් අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ පසුගිය කාලයේ සිදු වූ දූෂණ නිසා අද වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය රටට විශාල බරක් වී ඇති බවයි.
රජයේ වෙනුවෙන් මෙම වාර්තාව භාරගත් අගමැතිවරයා එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ප්‍රසිද්ධ කරන බවද පවසා ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා ලබාගැනීමේදී සිදුවූයේ යැයි කියන අක්‍රමිකතා මෙන්ම පසුගිය රජයේ ශ්‍රී ලන්කන් ආයතනයේ ප්‍රධානින්, එම ගුවන් සේවය අයථා ලෙස පරිහරණය කළ ආකාරය ගැනද කරුණු මෙම වාර්තාව මගින් හෙළිකර ඇති බව කියැවෙයි.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි