සිරිකොතේදී ජනපති මෛත්‍රී ජනපතිවරණයේ රහස් 2ක් හෙළිකරයි.

සිරිකොතේදී ජනපති මෛත්‍රී ජනපතිවරණයේ රහස් 2ක් හෙළිකරයි.

maithripala sirisena insirikotha
ජනවාරී 5දා රාත්‍රී මරදානේ පැවැති අවසන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියට ආරක්ෂක හේතු‍න් මත නොයන්නැයි දන්වා ආරක්ෂකයින් හා රියදුරන් තමා නිවසේ තනිකර ගිය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවසට පැමිණ තමාව රැස්වීමට රැගෙන ගිය අයුරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද හෙළි කරන ලදී.
ඒ සිරිකොතදී අද පෙරවරුවේ පැවැති එජාප 69 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් කළ කතාවේදීය.
ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ අවසන් දවස වූ 5 වැනිදා තමන් ඇඹිලිපිටිය, කළුතර, මොරටුව ඇතුළු රැස්වීම් ගණනාවකට සහභාගි වී නිවසට පැමිණි බවත්, එදින තමන්ට සහභාගිවීමට තිබූ අවසන් ප්‍රචාරක රැලිය සංවිධානය කර තිබුණේ මරදානේ බවත්, ජනාධිපතිවරයා පැවසීය.
කෙසේ වුවද අනෙකුත් රැස්වීම් සියල්ල අමතා නිවසට පැමිණි තමාට ආරක්ෂක හේතුන් නිසා “සර්” මරදානේ රැස්වීමට කිසිසේත් ගෙනයාමට නොහැකි කියා, ආරක්ෂකයින් හා රියදුරන් තමන් නිවසේ තනිකර ගිය බව ජනාධිපතිවරයා කියා සිටියේය.
එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා “මරදානේ රැස්වීමට ඔබතුමා එනකන් අපි බලාඉන්නවා” දුරකථන ඇමතුමකින් දැනුම්දුන් බවත්, ඒ වන විට ආරක්ෂකයින් හා රියදුරන් කිසිවෙකුත් නැති නිසා තමාට මරදානට ඒමට නොහැකි තත්ත්වයක් ඇති බව කියා සිටියේ යැයි මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
එහිදී අගමැතිවරයා කවරෙකුවත් අවශ්‍ය නෑ මම ඇවිත් ඔබතුමා රැගෙන යන්නම් කියා තම නිවසට විනාඩි කිහිපයක් තුළ පැමිණි බවද, ඒවන විට රවී කරුණානායක මන්ත්‍රීවරයාත් පැමිණ සිටි බවද, ජනාධිපතිවරයා කියා සිටියේය.
අනතුරුව සියලුදෙනා මරදානේ රැලියට ගිය බවත්, එහිදී රනිල් වික්‍රමසිංහ මහතා තමන් වේදිකාවට ගෙනගොස් එතුමා දස දහසක් වූ ජනතාව අතර මැදට යමින් ඒ යන සෑම තැතනකදීම දෑත් ඉහළට ඔසවා ප්‍රතිචාර දැක්වූ බවත්, මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා එසේ ජනතාව අතර තැනින් තැනට යමින් අත් ඔසවා ප්‍රකාශ කළේ “ අපේ රැස්වීමේ ඔබතුමාගේ ජීවිතයට අනතුරක් නෑ” යනුවෙන් යැයිද ඒ මහතා හෙළි කළේය.
එදා රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අතරට යමින් දෑත් ඔසවමින් හැසිරුණේ අවුරුදු 20ක 25ක කොල්ලෙක් වගේ යැයි ද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසුවේය.
තමන් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම ගැන නොවැම්බර් 22 වැනිදාට පෙර වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා තමන් එක තත්ත්පරයක් වත් හමූවී සාකච්ඡා කර නැතැයිද කියමින් ඒ හා සම්බන්ධ තවත් හෙළිදරව්වක්ද එහිදී අනාවරණය කළේය.
ඇමතිවරයෙක් ලෙස තමන් පාර්ලිමේන්තුවේ ඇමති ආසනයේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා තමාට ඇසකින් සංඥාවක් දෙමින් “දැන් අපි යමු” යනුවෙන් ඉඟියක් කළ බවත්, එසේ යාමට සුදානමින් සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නිවසට බවත්, ඒ ජනාධිපතිවරණයට අදාළ සාකච්ඡාවකට බවත්, ඔහු කියා සිටියේය.
ඒ අනූව තමාත් රනිල් වික්‍රමසිංහ මහතාත් වාහනවලට නැඟී පාර්ලිමේන්තුව ඉදිරිපස පිහිටි පොකුණ පසුකරනවාත් සමග චොපර් එකක් පැමිණි බවත්, තවත් විනාඩි කිහිපයක් ප්‍රමාද වූවානම් එම චොපර් එකේ පැමිණි කෙනා තමාගේ ගමන වළක්වන බවද ජනාධිපතිවරයා හෙළි කළේය.
යම් හෙයකින් එම අවස්ථාවේ පැය කිහිපයක් ප්‍රමාද වුවත් එදා ගෙන තිබූ තීරණයට අනූව අපේ ගමන යන බවත්, එය වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙන බවත්, ජනාධිපතිවරයා පැවසුවේය.
ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආශ්‍රිතව රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය ගැන ඉහත පරිදි අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ජනපති කිරීමට විශේෂයෙන් එජාප පාක්ෂිකයින් ලබාදුන් සහය තමාගේ සිතේ සදා නොමියෙන සටහනක් ලෙස තිබෙන බවද කියා සිටියේය.
ජාතික හා ජාත්‍යන්තර බලවේගවලට මුහුණදෙමින් අපට අලුත් ගමනක් යාමට දැන් සිදුව ඇති බවත්, එම ගමනටද ඔබ සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බවත්, එහිදී පැවසූ ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශ්‍රීලනිපය සහෝදරත්වයේ දෑත් දිගු කරන බවද ප්‍රකාශ කළේය.
එසේම අප සියලුදෙනා පැය 24ම අවධියෙන් සිටිය යුතු බවත්, සතුරා දැන් දුර්වල යැයි අඩු තක්සේරුවකින් නොසිතිය යුතු බවත්, සියලුදෙනා මේ රට ඉදිරියට ගෙනයාමට අවංකව කැපවිය යුතු බවත්, ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
010205060809101112

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...