එ.ජා.ප.යේ 69 වන සංවත්සරය හා රටේ අනාගතය.

එ.ජා.ප.යේ 69 වන සංවත්සරය හා රටේ අනාගතය.

unp
එක්සත් ජාතික පක්ෂයේ 69 වන සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06) පෙරවරු 9.30 ට ආරම්භ වුනා. එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංවත්සර උත්සවයට නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගිවීම විශේෂත්වයක්.
සියලූ ජාතීන්ට හා විවිධ ජනකොටස්වලට එකට එක්විය හැකි පුළුල් පෙරමුණක අවශ්‍යතාව දැඩිව දැනුණු යුගයක එක්සත් ජාතික පක්ෂය බිහිවන්නේ 1946 වසරේ සැප්තැම්බර් 6 වනදායි.
236c51ef7251f1e3f3dc583a820f56065d546c69665e37243953c5201596e270da43d0ඊට අදාළ ප්‍රධානතම සාකච්ඡාව කොළඹ ගිල්ප්‍රට් ක්‍රසන්ට් – පාම්කෝට් මන්දිරයේ පැවති අතර එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ මන්ත‍්‍රිවරුන් වූ ඞී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ඇල්බට් පීරිස්, ටී. බී. ජයා මේ සඳහා පුරෝගාමීව කටයුතු කළා.
සිංහල මහ සභාව, මුස්ලිම් පෙරමුණ සහ ද්‍රවිඩ සංගමය සමග එක්ව එක්සත් ජාතික පක්ෂය ප්‍රථම වරට මැතිවරණයකට ඉදිරිපත් වන්නේ 1947 වසරේදියි. එය ජයග්‍රහණය කළ ඞී.එස්. සේනානායකට අග්‍රාමාත්‍යධුරය මෙන්ම පක්ෂ නායකත්වයද හිමිවනවා.
එවක බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාව නිදහස ලබන්නේද එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ 1948 දියි.
මහාමාන්‍ය ඞී.එස්. සේනානායකගේ අභාවයෙන් පසු 1952 වසරේදී ඔහුගේ පුත් ඩඞ්ලි සේනානායකට අගමැති ධුරය හා පක්ෂ නායකත්වය හිමිවුණා. 1953 හර්තාලය හේතුවෙන් ඩඞ්ලි සේනානායක අග්‍රමාත්‍ය ධුරයෙන් මෙන්ම පක්ෂ නායකත්වයෙන්ද ඉවත්වූ අතර, පසුව එහි වගකීම පැවරුණේ ශ්‍රීමත් ජෝන් කොතලාවලටයි.
1956 මහ මැතිවරණයේදී සහ 1960 වසරේදී පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂය යළි 1965 දී බලයට පත්වන්නේ ඩඞ්ලි සේනානායකගේ නායකත්ව යටතේයි. 

1538788_158201514519864_2254007458319345223_nයළි 1970 පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂය ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් එවකට පැවති සමගි පෙරමුණු ආණ්ඩුව පරදා 6න් 5ක බලයක් සහිතව පාර්ලිමේන්තු බලය ලබා ගන්නවා. ඒ, 1977 වසරේදියි.
දැනට ක්‍රියාත්මක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1978 වසරේදී ඔවුන් හඳුන්වා දුන් අතර, විධායක ජනාධිපති ධුරයද බිහි කරනු ලැබුවා.
විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් සිදුකළ ප්‍රතිසංස්කරණ හමුවේ 1983 පැවති මහ මැතිවරණයද එක්සත් ජාතික පක්ෂය ජයගත්තා.
1988 වසරේ පැවති මහ මැතිවරණයෙන් මෙන්ම පළමු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගන්නවා.
1989 වසරේ පැවති ජනාධිපතිවරණය ජයගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්වන්නේ රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන්.
fa161f0765a2cf70ce9ecb9da9ca3010c9db1463b05f7c32745486d8182015968ac33eජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් අනතුරුව නායකත්වයට පත්වන රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමුවනදා මැයි පෙළපාලියකට සහභාගි වෙමින් සිටියදී ළ්ඨ්ඨ්E මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.
ඉන් පසු ජනාධිපතිධුරයට හා පක්ෂ නායකත්වයට ඩී.බී. විජේතුංග පත්වන අතර, අග්‍රා මාත්‍ය ධුරය හිමිවන්නේ රනිල් වික්‍රමසිංහටයි.
1994 පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වී පොදුජන එක්සත් පෙරමුණට බලය හිමිවීමෙන් අනතුරුව 2001 වසරේදී යළි මහමැතිවරණයෙන් ජය ලබන අතර රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. 2004 මහ මැතිවරණයෙන් පරාජයට පත්වන ඔවුන් 2010 සහ 2015 ජනාධිපතිවරණවලදී පොදු අපේක්ෂකයෙකුට සහය පළ කළා.

2015 ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිිරිසේන ජයගැනීමෙන් අනතුරුව යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයි.
10405686_158201534519862_4344873915165301315_nඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය පසුගිය අගෝස්තු 17 වනදා පැවති මහ මැතිවරණය ජයගන්නා අතර, ඔහු සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණා.
එසේම නිදහස් පක්ෂය සමඟ සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් සඳහා දැන් එක්සත් ජාතික පක්ෂය ගිවිසුම් අත්සන් කර තිබෙන්නේ නව දේශපාලන සංස්කෘතියක්ද රටට හඳුන්වා දෙමින්.
එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්විය. ජනපති එහිදී කළ කථාව.
“ගෙවී ගිය දශක 5-6 ක කාලය තුළ එජාපය හා ශ්‍රීලනිපය මැතිවරණ හා අතුරු මැතිවරණවලදී කළ විරෝධතා, උද්ඝෝෂණ වලදී ජීවිත කොතරම් නම් විනාශ වුණාද? මේ දේශපාලනයෙන් මෙතෙක් කොයිතරම් ඇන කොටා ගැනීම් ජීවිත හානි සිදුවුණාද? අපි අලුත් රටක් විදියට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට එජාපයත් ශ්‍රීලනිපයත් අත් වැල් බැඳගෙන ඉන්නේ අපිට නොගැලපෙන නුසුදුසු දේ ඉවත් කිරීමටයි. මම ඉතාමත් සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ අගමැති තුමා සමග එකට ආණ්ඩුවක් කරලා එකට ගමනක් යන්න ලැබීම ගැන.
එක්සත් ජාතික පක්ෂය මම කෙරෙහි තබා ඇති විශ්වාසය හා බලාපොරොත්තුව ගැන මම නිසි ලෙස ඒ වගකීම ඉටු කරනවා. ජාතික හා අන්තර්ජාතික අභියෝගවලට මුහුණදී අද සිටින අයට මෙන්ම හෙට උපදින දරුවන්ට හොඳ රටක් ගොඩනැගිමට කටයුතු කරනවා. වත්මන් පෙරළිකාර සමාජයේ තාක්ෂණය සමග තාරුණ්‍යයේ සිතුම් පැතුම් සමග ඉදිරියට ගමන් කරනවා. ආණ්ඩුවට සහ තනතුරු දරන්නන්ට සැමවිටම තමන් ඉදිරියේ අනතුරක් ඇති බව අමතක නොකළ යුතුයි. ඇතැම් විට ඒ අනතුර ඔබේ අපේ ජීවිතයට පවා හානි විය හැකියි. ඉදිරි කාලය අපට සුව පහසු ගමනක් නොවේ. අපට ඇත්තේ දුෂ්කර ගමනක්. පැවැත් පාලනය වෙනස් කර අපි යන ගමන ආපසු හරවන්නට සිදුකරන උත්සාහයන් බිඳ හෙළා අබියෝගවලට මුහුණදී අවංකව විනිවිද බවින් යුතුව දූෂණ අක්‍රමිකතාවලින් තොරව සාධාරණව සුබ සාධන සේවා සිදුකර අපි යුද්ධයේ බිහිසුණු අත්දැකීම් සමග සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු සහෝදරත්වයද සියලු ආගම් සමග එකට ගමනක් යා යුතුයි. කිසිවිටකත් සතුරා පිළිබඳ අඩු තක්සේරුවක් කරන්න එපා. ඔවුන්ගේ අරමුණු කරා ළඟා වන්නට ඉඩ නොදිය යුතුයි.
අප සෑම දෙනකුගේම අවංකවූ උත්සාහය අවශ්‍ය පරිවර්තන සිදුකරගෙන මේ රටේ ඇති නැති පරතරය අවම කර විරැකියාව අවම කර හොඳ නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍ය සේවාවක්, ශක්තිමත් ආර්ථිකයක් වැනි තත්ත්වයන් යටතේ ශක්තිමත් රටක් ගොඩනැගීමට කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රීලනිපය සහෝදරත්වයේ දෑත් දිගුකර ඔබ සමග එක්වනවා. අවුරුදු ගණනාවක් පක්ෂ දෙක වෙන් වෙන්ව රට පාලනය කිරීමෙන් පසුව අපි අද දෙපාර්ශවය එකට එකතුවී ගමනක් යන්න තීරණය කර තිබෙනවා. ඒ සඳහා අප සෑම කෙනෙක්ම අවංක බවකින් යුතුව ජනතාවාදී අරමුණු සමග එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔබ සියල්ල කරන පරිත්‍යාග අවංකබව සමග දැඩි සහෝදරත්වයකින් මිත්‍රශීලීව ජනතාව සමග ඉදිරියට යමු..”

201596


d46eb725273a0bd851e36f2cec2157983483210b092912b68201596256622622ae4748

No comments:

Channel FIVE

Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer,

  Manual Frozen Meat Slicer, Meat, Fruit And Vegetable Slicer, Frozen Meat Slicer, Adjustable Thickness, Kitchen Cutting Tool Material Blade...