කොළඹත් මීගමුවත් අතර විද්‍යුත් දුම්රිය සේවයක්


elecකොළඹත් මීගමුවත් අතර විද්‍යුත් දුම්රිය සේවයක්

ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව මැලේසියානු සමාගමක් විසින් ආරම්භ කිරීමට නියමිත බව වාර්ථා වේ.
මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ මැලේසියාවේ එයාර් එක්ස්ප්‍රස්- එයාර් ඇන්ඩ් රේල් කම්පැනි  ප්‍රයිවට් ලිමිටඩ් සමාගම ගිවිසුමකට එලඹ තිබේ.
ශක්‍යතා වාර්තාවට ඩොලර් මිලියන 5 ක පමණ මුදලක් ආයෝජනය කිරීමට නියමිත අතර රජයෙන් අනුමැතිය ලැබුන වහාම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් වාර්ථා වේ.
විද්‍යුත් දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42 කි. කටුනායක ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ පර්යන්ත දෙකක් ඉදිකරන අතර දුම්රියට පිවිසුම් ස්ථාන බෝපිටියේ සහ කෙරවලපිටියේ ගොඩනැගීමට සැලසුම් කර ඇත.
බෝපිටියේ පිවිසුමට ආසන්නව අක්කර 150 ක ඉඩම් මිලදී ගනිමින් සියලු පහසුකම් සහිත නගරයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත. මේ සියලු ඉදිකිරීම් 2018 වසර අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි