ඔබේ නම 'ඔබේ වාහනයේ අංකය ලෙස' යොදා ගැනීමේ වරම්


තමන්ගේ නම තම වාහනයේ අංක  තහඩුව ලෙස ලබා දීම සඳහා  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව  කටයුතු කරමින් සිටින බව පැවසෙනවා.


ඒ අනුව තව නොබෝ දිනකින් ඒ අවස්‌ථාව ශ්‍රී ලාංකිකයන්ට ද උදාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.


යම් කිසි පුද්ගලයෙක්‌ට තම නාමය අංක තහඩුව ලෙස භාවිතා කරන්නට නම්  රුපියල් ලක්‌ෂ දහයක සිට ලක්‌ෂ පනහක ගාස්‌තුවක්‌ ගෙවීමට සිදුවන අතර එකම නම කීපදෙනෙක්‌ ඉල්ලා සිටියහොත් එම නම වෙන්දේසි කර වැඩිම මිල ඉදිරිපත් කරන තැනැත්තාට ලබාදීමට නියමිතයි.


වාහන කීපයක තම නම යොදන්නට අවශ්‍ය නම් එම පුද්ගලයාගේ නම යෙදීමෙන් පසු ඒ එක්‌ එක්‌ වාහනයේ 1, 2, 3, 4 ලෙස අංක යෙදිය හැකියි.


යොදන නාමය හෝ වචනය රටේ නීතියට අනුකූල විය යුතු අතර එහි භාෂාව ලෙස ඉංග්‍රීසි  පමණක්‌ භාවිත කළ හැකි බවයි වාර්තා වන්නේ.



නව අංක තහඩු සඳහා ඉල්ලුම් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා සිදුකිරීමට නියමිත බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ.


"මේ ක්‍රමය රටවල් රැසක ක්‍රියාත්මකයි. මේ ක්‍රමය ගැන දැනට සාකච්ඡා හා යෝජනා රැසක්‌ තිබෙනවා. ඉදිරියේදී අප මෙය ක්‍රියාත්මක කරනවා.." යැයි ඔහු පවසනවා.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි