නිදහස් උත්සවේ දන්නෝ බුදුන්ගේ ගීය අමුතු විදිහට කිව්ව කිෂානි කවුද? Kishani Jayasinghe

නිදහස් උත්සවේ දන්නෝ බුදුන්ගේ ගීය අමුතු විදිහට කිව්ව කිෂානි කවුද? 


68 වන නිදහස් දින සැමරුම අවසන්ව සන්ධ්‍යාවේ කොළඹ ගාළු මුවදොර පිටියේ විචිත‍්‍රවත් සංස්කෘතික උත්සවයක් පැවැත්වුනා. මෙහිදී ගායනා වූ ගීයක් නිසාවෙන් මේ වන විට අන්තර්ජාලය පුරාවටම විවිධ චොදනාවන් එම ගායිකාවට එල්ල වෙමින් පවතිනවා. එදින දන්නෝ බුදුන්ගේ ශී‍්‍ර ධර්මස්කන්ධා යන ගීතය බටහිර ඔපේරා තාලයකට ගායනා කරන ලද්දේ කිෂානි ජයසිංහ නම් ගායිකාවකි. මේ නිසාම ඇය ටිංටිං කාටූනයේ එන ඔපේරා ගායිකාව වන බියංකා කැස්ත‍්‍රපියුරිගේ නැගනියට සමාන කරමින් සමාජ ජාල අඩවි වල අපහාස පෝස්ට් ප‍්‍රදර්ශනය කෙරෙමින් පවතිනවා. ඇත්තටම කවුද මේ කිෂානි? ඇය සැබවින්ම ගීත ගායනා කිරීමට නොදත් ඔපෙරා ගායිකාවක්ද?

කිෂානි ජයසිංහ යනු මේ වන විට ලංකාවෙන් බිහිවී තිබෙන විශිෂ්ටතම සොප්‍රානෝ ඔපේරා ගායිකාවයි. ඔපෙරාවෙ මුදුන් මල්කඩ බදුවූ රෝයල් ඔපෙරා හවුස් හී ගායනා කිරිමට වරම් ලද එකම ශ්‍රී ලාන්කිකයා ඇයයි. බටහිර මාධ්ය ඇයව හදුන්වන්නේ ආසියනු සොප්‍රානො කිරුලේ මාණික්යය ලෙසයි. ඔපෙරා ගායනාවන් ලාංකිකයන්ට එතරම් හුරු සංගීත මාධ්‍යයක් නොවෙන බැවින් ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ටද මෙවැනි චෝදනාවන් එල්ල විය. එය ශී‍්‍ර ලාංකීය රසඥතාවයේ ගැටළුවක් මිසක එම ගායක ගායිකාවන්ගේ හෝ නිර්මාණවේදීන්ගේ ගැටළුවක් නොවේය. උසස් රසඥතාවයක් අදටත් බොහෝ දෙනාට නොමැති බව පැහැදිලි වන්නේ නිදහස් දිනයේ ගැයුණු එම ගීයට ෆේස්බුක් සමාජ ජාලයෙක් පල කර ඇති අදහස් නිසාය. තවමත් බොහෝ දෙනා ගීත කියා කියන්නේ බස් වල ඇහෙන අදෝනා ගීත බවයි එම අදහස් කියවන විට පැහැදිලි වන්නේ.

දන්නෝ බුදුන්ගේ ගීය ජර්මානු සංගීතයට සම්භන්ධයක් ඇති තනුවක් වූ අතර එය මීට බොහෝ කාලයක පෙර සිට පල්ලියේදී ගායනා වූ තනුවක් වනවා.



ටවර් හෝල් යුගයේ සිට ගැයුණු එම ගීතයේ මුල් තනුවද ගැයුනේ බටහිර ආරකින් වන අතර මෙම ගීතය පිළිබදව විවේචනය කරන බොහෝ දෙනා එය පිළිබදව නිසි වැටහීමකින් තොරව විවේචනය කරන බවයි පෙනෙන්නට ඇත්තේ. දෙරණ නාලිකාවේ පත්තර වැඩසටහන අතර සංඛ අමරජිත් මෙම ගායනාව හැදින්වූයේ බැල්ලියකගේ විලාපයකට සමාන වන බවයි. එසේ නම් මෙම මුල් ගායනා සුනඛ විලාපද විය හැකියි.



උසස් රසවින්දනයක් සෑම අයෙකුටම පිහිටන්නේ නැති අතර කිසිදු සොයාබැලීමකින් තොරව විවේචනය කරන්නට අද බොහෝ දෙනා පෙළඹෙනවා. ඒ නිසා හානියට පත්වන්නේද අපගේ රසවින්දනය මිස වෙන කිසිවක් නොවේය.

කි‍්‍රෂානි නිදහස් දින ගායනා කල ගීතය



කි‍්‍රෂානි ගායනා කල ඔපේරාවක්










No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි