චීන ජාතිකයෙකු වසර 23කට පසු ගූගල් සිතියමෙන් සිය පවුල සොයා ගනී


චීන ජාතිකයෙකු වසර 23කට පසු ගූගල් සිතියමෙන් සිය පවුල සොයා ගනීවසර 23කට පසු තම පවුල සොයා ගැනීම සදහා චීන ජාතිකයෙකු විසින් ගූගල් සිතියම භාවිතා කර ඇත. වයස අවුරුදු පහේදී ඔහුව පැහැරගෙන ගොස් ඇති අතර ඔහුට යලි තම නිවස සොයාගැනීමට හැකිවී ඇත්තේ පැරණි පාලම් දෙකක මතකයෙන් හා ගූගල් සිතියම් මෘදුකාංගය භාවිතයෙනි.
ලා ඕ හට දැන් වයස අවුරුදු 28ක් වන අතර ඔහු පැහැරගෙන ගොස් ඇත්තේ ඔහු බාලාංශ පන්තියට රැගෙන යන අවස්ථාවකදී සීචුඈන් පළාතේදීය. ඔහුව පැහැරගෙන ගොස් ඇත්තේ ෆූජීඈන් පළාත වෙතයි.
පැහැරගත් කාළය තුල සෑම දිනකම රාති‍්‍රයේ ඔහු ප‍්‍රාර්ථනා කර ඇත්තේ තමා සිටි නිවස මතක් වන ලෙසයගඔහුගේ කුඩාකල මතකයන් ගෙන් පැහැදිලිම මතකය වූයේ නිවෙස ලග තිබුනු පැරණි පාලම් දෙක බව පැවසේ.
නැතිවූ දරුවන් සොයාගන්න උදව් කරන්නෙකු ඔහු මේ සදහා මුලින්ම සම්බන්ධ කරගෙන ඇතගඔවුන් මුලින්ම වසර 23කට පෙර තම දරුවන් පැහැරගෙන යාමට ලක්වූ පවුල් පිළිබදව සොයා බලා ඇතගඅවසානයේ ඔහු තම නිවස සොයා ගෙන ඇති අතර ඔහුගේ මුල් නම හන්ග් ජුන්ග් බවද දැනගන්නා ලදී.
ඔහුගේ පියාගේ පිතෘත්වය තහවුරු කරගැනීමේ පරික්ෂණයෙන් පසුව ලා ඕ පවුලේ සාමාජීකයෙකු බවට පත්විය.
6,970 

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි