i-Pod උපකරණයකින් පාලනය කරන ධන කුවේරයකුගේ සුපිරි යාත‍්‍රාවක් කරළියට

i-Pod උපකරණයකින් පාලනය කරන ධන කුවේරයකුගේ සුපිරි යාත‍්‍රාවක් කරළියටහොංකොං හි නාවික ක්ෂෙත‍්‍රයේ ධන කුවේරයකු වන 64 වියැති ඇනිටෝ මාර්ඩන් විසින් ඔහු සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 15ක් වැයකරමින් තැනවූ සුපිරි යාත‍්‍රාවක් පසුගියදා චීනයේදී මාධ්‍ය සඳහා විවෘත කරන ලදී.
ඇඩැස්ට‍්‍රා නම් මෙම සුපිරි යාත‍්‍රාව මහල් තුනකින් සමන්විත අතර අභ්‍යවකාශයානයක වැනි සුවිශේෂී හැඩයකින් ගොඩනංවා ඇත.  ප‍්‍රවීන යාත‍්‍රා නිර්මාණකරුවකු වන ජෝන් ෂට්ල්වර්ත් විසින් සැලසුම් කර ඇති මෙය ඉදිකිරීම සඳහා පුරා වසර 5ක් ගතවූ බව කියවේ.
මගීන් 9 දෙනෙකු සඳහා අධි සුඛෝපභෝගී පහසුකම් සහිත ඇඩැස්ට‍්‍රා යාත‍්‍රාවේ ඇති තවත් සුවිශේෂීත්වයක් වන්නේ මීටර 50කට නුදුරු සීමාවක සිට i-Pod උපාංගයකින් හැසිරවිය හැකි වීමයි.
දිගින් මීටර 42.5ක් සහ පළලින් මීටර 16ක් වන මෙය ටොන් 52ක් බරින් යුක්ත වන අතර ලන්ඩනයේ සිට නිව් යෝක් දක්වා ඇති සැතපුම් 4000ක දුරක් අඛණ්ඩව ගමන් කළ හැකි ඉහළ ඉන්ධන ධාරිතාවක් ද සහිතය.
බෝට් ඉන්ටර්නැෂනල් සඟරාව පවසන පරිදි ලොව අනගිතම සුපිරි යාත‍්‍රා අතරින් එකක් ලෙස ගැනෙන ඇඩැස්ට‍්‍රා, ඉන්දුනීසියාවට නුදුරින් පිහිටා ඇති ඇනිටෝ මාර්ඩන්ට අයත් නිවර්තන දුපත් දෙක අතර යාත‍්‍රා කිරීමට භාවිතා කෙරෙනු ඇතැයි සැලකේ.
පසුගිය වසරේදී තවත් ධන කුවේරයකු වන සුප‍්‍රකට චෙල්සී පාපන්දු කණ්ඩායමේ හිමිකරු රොමාන් ඇබ්රොමොවිච් විසින් පවුම් මිලියන 300ක් වැයකරමින් පිහිනුම් තටාක දෙකක් හෙලිකොප්ටර් අංගණ දෙකක් ආදී පහසුකම් සහිත සුපිරි යාත‍්‍රාවක් මිලදී ගත් බව වාර්තා විය.
i-p-02i-p-03i-p-04i-p-05
6,315 Viewers
HotForex Awards

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි