වකුගඩු මාරයාගෙන් ජනතාව බේරගන්නවා නම් මෙහෙමයි

වකුගඩු මාරයාගෙන් ජනතාව බේරගන්නවා නම් මෙහෙමයිරටේ ජනාතවට වකුගඩු රෝගය ඇතිවීමට ප‍්‍රධාන හේතුව වන්නේ පූර්ණ වල්නාශක වල ඇති විෂකාරක බවට සිදුකළ සමීක්ෂණවලින් හෙළිවී තිබෙන බවත් මේ නිසා වහාම පූර්ණ වල්නාශක මෙරටට ගෙන්වීම තහනම් කිරීමට හෝ වකුගඩු රෝගය ඇතිවී තිබෙන සහ ඇතිවිය හැකි බවට හදුනාගෙන තිබෙන ප‍්‍රදේශවල මෙම කෘෂි රසායනය භාවිත කිරීම වළකා දමන ලෙස වකුගඩු රෝග පිළිබද දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
රටේ ගොවි ජනතාවගෙන් 80%කට වඩා වැඩි ප‍්‍රමාණයක් මෙම වල්නාශක භාවිත කරන බවදපවසන ඒ මහතා රෝගය වැලදීමට අදාළ හේතු අතර 90%කට වඩා වැඩි දායකත්වයක් සපයනු ලබන්නේ මෙම වල්නාශක වල බවට සොයාගෙන තිබෙන බවත සඳහන් කරයි.
වකුගඩු රෝග ඇතිවීමට ප‍්‍රධාන හේතු ලෙස කෘෂිරසායන ද්‍රව්‍ය හදුනාගැනීමෙන් පසු මෙරටට ගෙන්වන සියලූම කෘෂි රසායන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දේශීය පර්යේෂණ කණ්ඩායම් 2009 වසරේ සිට ඉල්ලා සිටියත් මෙතෙක් ඒ සදහාද විසදුම් ලබා දී නොමැති බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි.
මෙම පර්යේෂණාගාරය රුපියල් මිලියන 35ක් වැනි මුදලකින් ස්ථාපිත කිරීමට හැකියාව තිබුණත් එම කාර්ය සිදු නොකර ආණ්ඩුව වකුගඩු රෝගය වළක්වා ගැනීමට බව පවසමින් රුපියල් කෝටි ගණන් නිරපරාදේ වියදම් කර තිබෙන බවද ඒ මහතා පවසයි.
පර්යේෂණාගාරයක් නොමැති වීම නිසා තවමත් මෙරටට කෘෂිරසායන ද්‍රව්‍ය ආනයනය කරනු ලබන්නේ ඒවා ගෙන්වන සමාගම් ලබාදෙන නිර්දේශ පත‍්‍රයකට අනුව බව වෛද්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි