කොළඹ ආරක්ෂාව තර කරනවා - පොලිසිය


bbc.co.uk/sinhala
පසුගිය සෙනසුරාදා මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළඳසැලක් ගිනිබත් කිරීමට විරෝධය පළකරමින් ලබන සඳුදා දිනයේ මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එක්ව හර්තාලයක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු අගනුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කරයි.
“සඳුදා හර්තාලයක් පවත්වන බවට තොරතුරැ ලැබිලා තියෙනවා, කලබලයක් ඇතිවීම වැලක්වීමට අවශ්‍ය පියවර අපි අරගෙන යනවා. ආරක්ෂාව තර කර තිබෙනවා,” යැයි ඔහු පැවසීය.
පොලිස් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ බෞද්ධ අන්තවාදීන් පාලනය කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් වගකීම පොලීසිය භාරගත යුතු බව සියලු ජනමාධ්‍යය එක්සත්ව කියා සිටීමෙන් අනතුරුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

"එක පුද්ගලයෙකුට පමණක් වරද පැටවීම වැරදියි. මීට කරුණු ගණනාවක් බලපාලා තිබෙනවා"
අළුත්ගම දී මුස්ලිම් වැසියන්ට එල්ල කෙරුණ ප්‍රහාරයෙන් හතර දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අසූවකට වැඩි පිරිසක් තුවාල ලද අතර විනාශ වූ නිවාස සහ වෙළඳසැල් ගණන සියයකට වැඩිය.
පළාතේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අපොහොසත් වූ හෙයින් පොලිස්පති එන් කේ ඉලංගකෝන් ධුරයෙන් අස්විය යුතු බව ජනමාධ්‍ය කියා සිටියි.

'පොලිස්පති අස් විය යුතුයි'

පොලිස්පති අස් විය යුතු බවයි The Nation පුවත් පත සිය කතුවැකිය මුල් පිටුවේ පල කරමින් ඉල්ලා සිටින්නේ.
ජනමාධ්‍ය එල්ල කරන චෝදනාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රතික්ෂේප කළේය.
“එක පුද්ගලයෙකුට පමණක් වරද පැටවීම වැරදියි. මීට කරුණු ගණනාවක් බලපාලා තිබෙනවා” යැයි ඔහු කියා සිටි බවයි ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ බීබීසී සංදේශයට පැවසුවේ.
අළුත්ගම කලබල වලට වගකිව යුතු අන්තවාදී බොදු බල සේනා සංවිධානයේ කටයුතු පාලනය කිරීමට අපොහොසත් වීමත් ජනමාධ්‍යයේ විවේචනයට ලක් විය.

ලංකාවේ බෞද්ධ ජනතාව බහුතරයක් භික්ෂුන් වහන්සේ කිහිප නමක් විසින් දරන අන්තවාදී මත වලට සහාය නොදක්වන බව කියා සිටින ලංකාවේ පුවත්පත් අර්බුදය තව දුරටත් ඔඩු දුවා යාමට පෙර එය පාලනය කල යුතු යැයි සඳහන් කරන බවයි අමල් ජයසිංහ පවසන්නේ.

No comments:

post

21 Miles to Global Collapse: Inside the Strait of Hormuz Crisis

  At merely 21 miles wide at its narrowest point, the Strait of Hormuz is a geographical bottleneck that dictates the heartbeat of the globa...

Popular Posts ජනප්‍රිය ලිපි