වතුර ඉල්ලූ සැකකරුට පොලිස් ලොක්කා කටට මුත‍්‍රා කරලා

වතුර ඉල්ලූ සැකකරුට පොලිස් ලොක්කා කටට මුත‍්‍රා කරලාහලාවත කොට්ඨාශයේ නොවිසුදුණු අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තමන් අද ආබාධිත තත්ත්වයට පත්ව ඇතැම් මාදම්පේ,පනිරෙන්දාව – හීන්අගාර පදිංචි සංජීව එදිරිසිංහ මහතා කියයි. 28 හැවිරිදි ඔහු එක් දරු පියෙකි. පාපැදි අළුත්වැඩියා කරන ස්ථානයක් පවත්වා ගෙනයමින් තම බිරිද සහ වයස අවුරුදු 7 ½ ක් වන පුංචි පුතු නඩත්තු කර ඇති සංජීව අද කිසිවක් කර කියා ගත නොහැකි පුද්ගලයෙකු බවට පත්ව ඇත.
මාදම්පේ – සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පිහිටි වෙළද සැළක් බිද එහි භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බව කියමින් මෙම තරුණයා සහ තවත් දෙදෙනෙකුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මැයි මස 09 වැනිදාය. එදින දින දින 04 ක් යන තුරු කිසිදු ඥාතියෙකුට ඔවුන්ව පෙන්වා නැති අතර, හලාවත පොලීසිය තුළ තිබෙන බව කියන වධකාගාරයක් තුළදී අනේක වධ හිංසා පමුණුවා ඇත.පසුව මැයි මස 16 වැනිදා හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව ඇප මත මුදා හැර ඇත.
මට දුන්න වධ දන්නේ මම විතරයි. මගේ ඇදුම් ගලවලා කොච්චි සහ ගම්බිරිස් අඹරලා ඇග පුරාම ගාලා තමයි ගැහුවේ….’සංජීව එදිරිසිංහ මහතා හැඩූ කදුලින් අප සමග කථාව ආරම්භ කළේය.
මම අම්පාරට ගියේ තාත්තව බලන්න.තාත්තා අසනීපයි කියලා පණිවිඩයක් ඇවිත් තිබුණා.ඒකයි ගියේ.මහ ගෙදර ඉන්න කොට තමයි වෑන් එකකින් කට්ටියක් ඇවිත් මාව අත්අඩංගුවට ගත්තේ.ඒ අය කිව්වේ හලාවත පොලීසියේ කියලා.නමුත් කිසිම කෙනෙක් නිල ඇදුම් ඇදගෙන හිටියේ නැහැ.කොන්ඩේ වවලා,පච්ච කොටලා තමයි හිටියේ.
පස්සේ මාව බක්කිඇල පොලීසියට අරගෙන ගියා.මාව පොලීසිය ඇතුළට ගත්තේ නැහැ.අපිව අරගෙන ආපු ලොකු මහත්තයා විතරක් පොලීසියට ගිහිං ආවා.ඊට පස්සේ අපි කෙලින්ම ආවේ හලාවත පොලීසියට.පොලීසිය පිටි පස්සේ තියන ගොඩනැගිල්ලකට මාව අරගෙන ගියා.පින්තූර දෙකක් පෙන්වලා ඇහුවා අදුරනවද කියලා.මම නැහැ කිව්වා.ඊට පස්සේ ඇදුම් ගලවන්න කිව්වා. මම බැහැ කිව්වහම මුගේ කට වැඩියි කියලා ගහන්න පටන් ගත්තා.
මාව සම්පුර්ණයෙන්ම නිරුවත් කරලා,ඇග පුරාම ගම්මිරිස් සහ කොච්චි ගාලා තමයි ගැහුවේ.අත් දෙක පිටි පස්සට තියලා බැදලා ඒ අත් දෙකෙන් වහලේ එල්ලලත් ගැහුවා.ඇහුවේ හොරකමක් ගැන.මම කිව්වා මම කිසිම දවසක හොරකම් කරපු කෙනෙක් නෙමෙයි කියලා.ඒත් ඇහුවේ නැහැ.අන්තිමේට කිව්වා හොරකම බාර ගනින් කියලා.මම බැහැ කිව්වා.
මෙම හොරකමට සම්බන්ධ කියන තවත් අපේ ගමේම දෙන්නෙක්ව ගෙනවිත් ඒ විධියටම ගැහුවා.ඒ එක්ක තවත් කෙනෙක් හිටියා.එයා නම් ගමේ විවිධ හොරකම්වලට සම්බන්ධ කෙනෙක්.එයාට ගැහුවේ නැහැ.
දවස් හතරකට පස්සේ ගෙදර අවට මාව පෙන්නුවා.ඊට පස්සේ තමයි කන්න දෙයක් ලැබුනේ.ඒත් මට තවම හරියට කෑමක් ගන්න පුළුවන් කමක් නැහැ. දවසක් මට ගහලා බිම දාලා ඉන්න කොට වතුර ටිකක් ඉල්ලුවා.එතන ලොකු මහත්තයා ඇවිත් බීපං කියලා මගේ කටට මුත්‍රා කෙරුවා.ඒ තරමට මට වද දුන්නා.
දවස් හතක් විතර යන කොට මගේ අත වැඩ කරන්නේ නැතිව ගියා.ඒ වෙලාවේ පොලීසියේ අය මාව හලාවත ඉන්න දෙමළ වෙද මහත්තයෙක් ළගට අරගෙන ගියා.ගිහිං බේත් අරගෙන දුන්නා.
පස්සේ මැයි මාසේ 16 වැනිදා අපිව හලාවත උසාවියට ඉදිරිපත් කලා. උසාවියේදී කථා කරන්න නීතිඥ මහත්තුරු අල්ලා දුන්නෙත් අපිට ගහපු අයමයි. ඒ අය කිව්වා මේ ගැන කාට හරි කිව්වොත් පවුලටම වෙඩි තියලා බෝම්බ ගහලා මරලා දානවා කියලා.තවත් දවසක් කිව්වා අපිට ගහලා මරලා බෝට්ටුවක දාගෙන ගල් බැදලා මුහුදට ගිහිං දානවා කියලා.
දැන් මාගේ දකුණු අත වැඩ කරන්නේ නැහැ.නිතරම සිහිය නැතිව වැටෙනවා. හරියට කෑම කන්නවත් බැහැ.රාගම රෝහලින් තමයි බේත් ගන්නේ.
පුතා පාසල් යනවා.ගොඩැල්ල කනිටු විදුහලේ 2 වන වසර ඉගෙන ගන්න පුතා ඉල්ලන දේවල් අරගෙන දෙන්න මට බැහැ.සමහරක් දවස් වලට පුතා පාසල් යන්නේ කෑමට කිසිම දෙයක් නැතිව.අපි ඒ තරමට දුක් විදිනවා.ඇයි මට දැන් කීයක්වත් හම්භ කර ගන්න බැහැනේ.මම කරගෙන ආපු බයිසිකල් වැඩපලත් දැන් වහලා දාලා.අපි තුන් දෙනාට දැන් ජීවත් වෙන්න විධියක් ඇත්තේම නැහැ’ ඔහු කියා ගෙන ගියේය.
පුත්තලම – ජුඩ් සමන්ත
උපුටා ගැනීම – Lakbima

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි