සියලූ පලස්තීන මව්වරුන් මරා දැමිය යුතුයි – ඊශ‍්‍රායල මන්ත‍්‍රීනී

සියලූ පලස්තීන මව්වරුන් මරා දැමිය යුතුයි – ඊශ‍්‍රායල මන්ත‍්‍රීනීසියලූ පලස්තීන මව්වරුන් ඝාතනය කළ යුතු යයි ඊශ‍්‍රායල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් විසින් පවසා ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුව තුළ උග‍්‍ර ජාතිකවාදී යුදෙව් ස්වදේශ පක්ෂය නියෝජනය කරන අයෙලෙට් ෂකෙඞ් පවසා ඇත්තේ කුඩා සර්පයන්ට උපත ලබාදෙන්නේ පලස්තීන මව්වරුන් බවයි.
තවදුරටත් ත‍්‍රස්තවාදීන්ට සෙවණ නොසැලසිය හැකි ලෙස ඔවුන්ගේ නිවාසද පොළවට සමතලා විය යුතු බව ෂාකෙඞ් පවසා තිබේ.
සියලූ පලස්තීන ජාතිකයන් ඊශ‍්‍රායල්වරුන්ගේ සතුරන් බවත් පලස්තීන රුධිරය ඊශ‍්‍රායල අත්වල ගෑවී තිබිය යුතු බවත් ඇයගේ අදහසයි.  අයෙලෙට් ෂාකෙඞ් මේ හා සමාන අදහසක් ඇයගේ ෆේස්බුක් පිටුවේද පළ කර තිබුණු බව පැවසේ.
විචාරකයන් පවසන්නේ මෙය පිළිගත් දේශපාලඥයකු විසින් වාර්ගික ශුද්ධියක් ඉල්ලා සිටි අවස්ථාවක් බවයි.  ගාසා තීරය ඉලක්ක කරගනිමින් ඊශ‍්‍රායලය විසින් ප‍්‍රහාර එල්ල කරමින් ඇති අතර එය මේ වන විට රාජ්‍ය නායකයන් ගණනාවක් දෙනා විසින් හෙළා දැක ඇතැයිද වාර්තා වේ.
පසුගියදා තුර්කි අගමැති රෙසෙප් ටායිප් එර්ඩෝගන් පවසා ඇත්තේ මෙය පලස්තීනවරුන්ට එරෙහිව ඊශ‍්‍රායලය විසින් සිය රාජ්‍ය ත‍්‍රස්තවාදය මුදහැරි අවස්ථාවක් බවයි.
ලෝක ප‍්‍රජාව මේ සාහසික අපරාධය හමුවේ මුනිවත රකින බවද එර්ඩෝගන්ගේ චෝදනාවයි.  ඊශ‍්‍රායල මන්ත‍්‍රීවරියගේ ප‍්‍රකාශය හිට්ලර්ට සමාන නොවන්නේ කොතැනින්දැයි ඔහු විමසා ඇතැයි පැවසේ.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි