ග‍්‍රහ බලපෑම් නිසා ගුවන් අනතුරු තවත් වැඩි වෙයි

දැනට පවතින ග‍්‍රහ පිහිටීම අනුව ඉදිරියටත් ගුවන් යානා අනතුරු සිදුවිය හැකි බවට ජ්‍යෝතිෂ්‍යවේදීන් අනාවැකි පළ කරනවා. රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා එ් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.

2014 මාර්තු මස 26 වන බුද දිනෙන් ආරම්භ වූ ග‍්‍රහ තත්ත්වයන් අනුව ගුවන්  අනතුරු සහ ගුවන් යානා පැහැරගැනීමට පවා ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයක් දැනට පවතින අතර, 2014 නොවැම්බර් මස 2 වැනි දින දක්වා මෙම ග‍්‍රහ තත්ත්වය එකලෙස පවතිනවා. මේ වන විට සිදු වූවාට වඩා දරුණු ගණයේ අනතුරු සිදුවීමේ අවදානමක්ද පවතිනවා. ග‍්‍රහ තත්ත්වයන්ට අනුව ශී‍්‍ර ලංකාව තුළ සුළු සුළු තත්ත්වයන් ඇතිවීමට ඉඩ පවතිනවා. මෙය ශී‍්‍ර ලංකාවට පමණක් නොව ලොවටම බලපාන ග‍්‍රහ තත්ත්වයක්. මෙය පාලනය කිරීමට අපහසු තත්ත්වයක් ලෙසයි පෙනී යන්නේ. එම නිසා ජනතාවගෙන් සහ ගුවන් ගමන් ගෙන යන ආයතනවලින්ද සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා. 


 
මෙම ග‍්‍රහ තත්වයේ අහිතකර බලපෑම් සම්බන්ධයෙන් ප‍්‍රවීණ ජ්‍යෝතීර්වේදී පියසේන රතුවිතාන මහතාද නෙත් නිවුස් වෙත අදහස් පළ කළා. 

සාමාන්‍යයෙන් රාහුගේ ගමන කන්‍යාවටනේ ගිහින් තියෙන්නේ. කුම්බ ලග්නයට කන්‍යා ආව කියන්නේ නරක රාශියක්. කන්‍යා කියන්නේ 8 නරක රාශියක්. අවුරුදු 18කට පස්සේ ආපු ගමනක්. සාමාන්‍යයෙන් රාහු ලංකා කේන්ද්‍රයේ 8 යාමයි යුරේනස්ගේ ගමනයි දෙක හොඳ නැති නිසා සෙනසුරාත් දැන් අන්තිම අංශකයේ ඉන්නේ. නොවැම්බර් දෙක සිට වෘශ්චිකයට යනවා. මේ කාලසීමාවේදී සෙනසුරාගේ සහ යුරේනස්ගේ ගමන ආකාසෙටයි සහ මුහුදටයි හොඳ නැහැ. 

මැලේසියානු ගුවන් සමාගමකට අයත් යානයක් ඉකුත් මාර්තු මාසයේදී මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වුණා. එම යානය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිල තොරතුරක් වාර්තා වී නැහැ. එමෙන්ම මැලේසියානු ගුවන් සමාගමටම අයත් තවත් යානයක් මිසයිල ප‍්‍රහාරයක් හේතුවෙන් යුක්රේනයට කඩා වැටුණේ ඉකුත් 18 වැනිදායි. 

තායිවානයේදී මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 47 දෙනෙකු ඉකුත් බදාදා ජීවිතක්ෂයට පත්වුණා. හදිසි ගොඩබෑමකට සූදානම් වූ අවස්ථාවේදී එම ගුවන් යානය මෙලෙස අනතුරට ලක් වුණා.

මේ අතර මගීන් 110 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු සමග එ් එච් 50 යි 17 දරණ ඇල්ජීරියානු ගුවන් සමාගමට අයත් යානය ඊයේ අනතුරකට ලක් වුණා.  

No comments:

post

MSTI Maritime Academy Launches Sri Lanka’s Most Advanced and Comprehensive Ship Handling Simulator.

    Established in 1986 as Sri Lanka’s first privately-owned maritime training school, MSTI Maritime Academy today holds a prestigious l...

Popular Posts ජනප්‍රිය ලිපි