වයසට ගියත් වැඩදාන සංගා පරණ වයින් බෝතලයක් වගේ


      Views - 1546
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු මෙන්ම 2012/2013 කාල වකවානුවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා, කුමාර් සංගක්කාර ගොඩක් ළඟින් ඇසුරු කළ කෙනෙක්. මේ ඔහු සංගක්කාරගේ දක්ෂතා පිළිබඳ නෙත් නිවුස් සමග කළ සංවාදයකි.


“ කුමාර් සංගක්කාරගේ පිතිහරඹය අති විශිෂ්ටයිි. ලෝකයේ ප්‍රථම වතාවට ක්‍රීඩකයෙකු පිට පිට ශතක 4ක් ලබා ගෙන ලෝක වාර්තාවක් තැබුවා. ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් අපිට එය ආඩම්බරයක්. මම කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළා.

කුමාර් සංගක්කාර ළගින් ආශ්‍රය කරපු කෙනෙක් හැටියට මම පෞද්ගලිකව ගොඩාක් සතුටු වෙනවා කුමාර් සංගක්කාරගේ විශිෂ්ඨ පිතිහරඹය ගැන. කුමාර්ගේ සංදර්ශනය සමාන කරන්න පුළුවන් හොඳ වයින් බෝතලයකට. කතාවක් තියෙනවා Wine get better with Age  කියලා.

අන්න එ් වගේ තමයි කුමාර් සංගක්කාරගේ පිතිහරඹය. වයසට යන්න යන්න තමයි කුමාර් සංගක්කාරගේ පිතිහරඹය කැපී පෙනෙන්නේ. මං හිතනවා තව අවුරුද්දක් දෙකක්වත් සංගක්කාර අපි වෙනුවෙන් ක්‍රීඩා කරයි කියලා. මම සුබ පතනවා ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය ජය ගන්නට හැකිවේවායි කියලා. ”


“මම වසර කිහිපයක් සංගක්කාර ඇසුරු කළ කෙනෙක් හැටියට අපි දන්නවා එයා තරගයකට සූදානම් වෙන්නේ කොහොමද කියලා. එයා පුහුණුවීම්වලදී නෙට් එකට ගියාම පුදුම කැපවීමකින් එ් දේ කරනවා. පොඩි වැරද්දක් තිබුණත් සංගක්කාර එ් වැරද්ද හදා ගන්න ගොඩාක් මහන්සිවෙනවා. මං අන්න එ් දේ ගැන සංගක්කාරගේ සහ අනෙකුත් ක්‍රීඩකයින්ගේ ලොකු වෙනසක් දකිනවා.

සංගක්කාරගේ එක මතයක් තමයි පැය 3ක් වත් නෙට් එකේ ප්‍රැක්ටිස් කරන්න බැරිනම් තරගයක කොහොමද පැය 4 ක් හෝ 5ක් එක දිගට බැට් කරන්නේ කියන එක.  මෙන්න මේ දේවල් අපේ ඉස්සරහට එන ක්‍රීඩකයින් ආදර්ශයට ගන්න  ඕන. එ් කැපවීමයි එ් මහන්සිවීමයි කළොත් කවදාහරි එහි ප්‍රතිඵල බලා ගන්න ඉක්මනින්ම පුළුවන් වේවි.”



No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි