සාම්පූර් හැදුවොත් වසරකට මිලියන 4500 ක් පාඩු වෙනවා


සාම්පූර් හැදුවොත් වසරකට මිලියන 4500 ක් පාඩු වෙනවාඉදිකිරීමට යෝජිත සාම්පූර් බලාගාරයේ විදුලි ජනන යන්ත‍්‍රය අකාර්යක්ෂම යන්ත‍්‍රයක්  බවත් එම විදුලි ජනන යන්ත‍්‍ර යොදාගනිමින් විදුලිය උත්පාදනය කළහොත් වසරකට රුපියල් මිලියන 4500 ක පාඩුවක් ජනතාවට විදීමට සිදුවන බවත් තාක්ෂණ පර්යේෂණ හා පරමාණු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතා සදහන් කළේය.
විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
”යෝජිත සාම්පුර් බලාගාරයේ විදුලි ජනන යන්ත‍්‍රය අකාර්යක්ෂම යන්ත‍්‍රයක්. එය යොදාගෙන විදුලිය උත්පාදනය කළොත් වසරකට තවත් රුපියල් මිලියන 4500 ක පාඩුවක් ජනතාවට දැරීමට සිදුවෙනවා. ඒ වගේම එක් පවුලක් ඒ සදහා අමතරව රුපියල් 1000 ක මුදලක් ගෙවීමට සිදුවෙනවා.” යැයි හෙතෙම සදහන් කළේය.
යෝජිත සාම්පූර් බලාගාරය 2014 වසරේදී ඉදිකිරීමට නියමිත අතර ලෝක වෙළෙද පොළේ ගල්අගුරු සදහා පවතින  මිල දිගින් දිගටම ඉහළ යන බැවින් ජලයට සාපේක්ෂව ගල්අගුරු  යොදාගෙන විදුලි උත්පාදනය කිරීමේ සාපේක්ෂ වාසිය අහිමි වෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.





HotForex Awards

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි