පවිත‍්‍රා කිවුවාට නොරොච්චෝල මේ වසරේ අවසන් කරන්න බෑ


පවිත‍්‍රා කිවුවාට නොරොච්චෝල මේ වසරේ අවසන් කරන්න බෑනොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි හා තෙවැනි අදියරේ ඉදිකිරීම් අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසූ පරිදි මේ වසර අවසන් වන විට නිම කළ නොහැකි බව පරිසරවේදී සජීව චාමිකර මහතා ප‍්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුව තුළ මේ වන විට විදුලිබලය වෙනුවෙන් අමාත්‍යවරුන් හතර දෙනෙකු සිටින නමුත් විදුලි ගාස්තු සම්බන්ධයෙන් සාධාරණව ක‍්‍රියා කිරීමට ඒ කිසිවකුට නොහැකි වූ බවද හෙතෙම පැවසීය.
විදුලිබල හා බලශක්ති පුනර්ජනනීය බලශක්ති න්‍යෂ්ටික බලාගාර යනාදීය වෙනුවෙන් වෙනම ඇමතිවරුන්ද විදුලි බලය වෙනුවෙන් ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙකුද සිටින බව පැවසූ චාමිකර මහතා තෙල් මිලට සාපේක්ෂව ගල් අගුරු මිලද තුන් ගුණයකින් ඉහළ ගොස් තිබියදී නව බලාගාර සම්බන්ධයෙන් මෙයට වඩා සැලකිලිමත් විය යුතු බව කීය.
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය මේ වන විට 17 වතාවක් අක‍්‍රීය වී අලූත්වැඩියා කෙරුණ බවත් එහි දෙවෙනි හා තෙවෙනි අදියට ලබන වසරේ ඇරැබෙන බවත් අමාත්‍යවරිය කීවද විදුලි ඉන්ජිනේරු මතය වන්නේ මෙතරම් කෙටි කාලයකින් එසේ කළ නොහැකි බව යැයි සජීව චාමිකර මහතා පැවසීය.
625 Viewers

HotForex Affiliates

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි