මත්තල වැඩකට නැති ගුවන්තොටක්


මත්තල වැඩකට නැති ගුවන්තොටක්වැඩකට නැති ගුවන්තොටුපළ ගැන විශාල මුදලක් වියදම් කර ප‍්‍රචාරණ කටයුතු සිදු කරමින් පවුලේ අභිලාෂ මුදුන්පත් කරගැනීම සදහා ජනතාව උගසට තබා සකස් කළ ජනතා මුදල් කාබාසිනියා කර දමන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සදහන් කරයි.
කොළඹ පැවති මාධ්‍ය  සාකච්ජාවකදී මේ බව සදහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ මෙතරම් ප‍්‍රචාරයක් දෙන රටක් ලෝකයේ තව කොහේවත් නොමැති බවයි.
පවුල විසින් සිදුකරන මෙම සියලූම දේවල් සිදුකරන්නේ මේ රට තම පවුලට පමණක් අයත් බව සිතා බවද සභාපතිවරයා සදහන් කළේය. අවසානයේදී මේ සියලූ ණය ගෙවීම  සිදුකළ යුතු වන්නේ පවුල නොව මේ රටේ අහිංසක ජනතාවම බව මතක තබා ගත යුතු බවද ආචාර්යවරයා පවසා සිටියේය.
මේ පිළිබදව සාමාන්‍ය ජනතාවට දැනී තිබුණත් තවම ඒ පිළිබදව ජනතාව නිහඩව සිටීම ගැන ගැටලූවක් පවතින බවද හෙතෙම සදහන් කළේය.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි