CNN ලොව සුන්දරතම වෙරළ අතරට උණවටුනත්

CNN ලොව සුන්දරතම වෙරළ අතරට උණවටුනත්ලෝකයේ සුන්දරත ම වෙරළ සියය අතරට CNN මාධ්‍ය ජාලය විසින් උණවටුන නම් කරනු ලැබ ඇත.
ආකර්ශනීය වෙරළ තීරයන් ඇති රටක වෙරළ තීරයකට ප‍්‍රමුඛත්වය හිමිවීම දුර්ලබ කාරණයකි. උණවටුන වෙරළ එම භාග්‍ය උදා කර ගෙන ඇතැයි CNN සඳහන් කරයි. ශී‍්‍ර ලංකාවේ දකුණු දිග වෙරළට අයත් උණවටුන වෙරළ සැතපුමක් දුරට විහිදි යන අතර පොල් වගාවෙන් ද අතු සෙවිලි කළ නිවෙස්වලින් ද නිස්කලංක දිවි පෙවෙත නිසා ද කැපී පෙනේ. උණවටුන වෙරළේ සුන්දරත්වය බොහෝ ජාත්‍යන්තර සංචාරක සඟරාවල පැසසුමට ලක් වී ඇත.
මේ අතර ”කොළඹ කෞතුක භාණ්ඩ වෙළෙඳපොලෙහි සංචාරය කිරීමෙන් පසු ඔබට උණවටුන වෙරළේ නිස්කලංක සුවය විදිය හැකිය. සුසිනිඳු වැලි තලාව අද්දර පොල් රුප්පාවෙන් වැසී ඇත. මුහුදු රළ ද රිද්මයානුකුලව වෙරළේ හැපෙන අතර ඔබට ශී‍්‍ර ලංකාවේ සම්ප‍්‍රදායික තේ කෝප්පයක රසය විදිය හැකි යැයි බි‍්‍රතාන්‍ය පසුබිම් කර ගත් හෙලෝ සඟරාව 2011 සිය වාර්තාවේ සඳහන් කළේය.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි