බොදුබල සේනා සංවිධානයට විරෝධය පා සුචේත විජේනායක නම් තරුණයෙකු ඊයේ (17) දිනයේදී තනිවම තුන්මුල්ල බෞද්ධ මන්දිරය ආසන්නයේ විරෝධතාවයක නිරත විය.

එම තරුණයා විරෝධතාවයේ නිරතවුයේ "අලුත්ගම බෞද්ධ ක්‍රියාවක් නොවේ" යනුවෙන් සඳහන් කල පෝස්ටරයක් අතැතිවය. පොලීසිය විසින් ඔහුගෙන් සිදුකල විමසීමකදී ඔහු පවසා ඇත්තේ තමා මෛත්‍රී භාවනාවේ යෙදෙන බවය.

මෛත්‍රී භාවනාව දැන් ලංකාවට මෙන්ම ලෝකයටම අවශ්‍යය කරුණක් බව ඔහු එහිදී පවසා ඇත. නමුත් මෙම අවස්ථාවේ එවන් පෝස්ටරයක් පෙන්වීම තුලින් නොසන්සුන්තා ඇතිවිය හැකි බව පොලිසිය විසින් ඔහු වෙත දැන්වූ අවස්ථාවේ ඔහු කාරුණිකව පෝස්ටරය ඉවත දමා මෛත්‍රී භාවනාවේ නිරත වී ඇත. 

එම අවස්ථාවේ වෙබ් අඩවියකට ලබාදුන් සාකච්චාවකදී ඔහු එම විරෝධතාවයේදී බොදුබල සේනා සංවිධානය පිළිබඳව පවසා තිබුනේ මෙවැන්නකි. 

"දැන් ලංකාවේ ආගම විකුණලා ඉවරයි. බොදුබල සේනාව කියන්නෙ, අන්තවාදී ආයතනයක්. ඒගොල්ලේ කියන කරන දේවල් වල කිසිම බෞද්ධකමක් නෑ, මම ඒක මෙතන ඉදන් කියනවා."

1 2


No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි