ඔබත් දවසේ වැඩි හරියක් දිගටම වාඩි වී වැඩ කරන කෙනෙක් ද?


නවතම පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා දවසේ වැඩි වේලාවක් එක දිගට වාඩි වෙලා වැඩ කරනකොට සෞඛ්‍යයට අහිතකරව බලපානවා කියලා. දිනයේ වෙන වෙලාවක ව්‍යායාම කලා කියලා මේ සෞඛ්‍ය හානිය මගහරවා ගන්න බෑ කියලා තමයි වාර්තා වෙන්නේ.

වත්මන් කාර්‍යාලවල බොහෝ දෙනා වැඩි වේලාවක් කරන්නේ පරිඝණකය ඉදිරියේ වැඩි වේලාවක් වාඩි වෙලා කටයුතු කරන එක.මෙහෙම වැඩ කරන අය ඔනෑම රෝගයකින් මිය‍යෑමේ වැඩි අවදානමක් තියෙනවා.ඒ නිසාම මේ නව සොයා ගැනීමට 'අලුත් දුම් බීම' (THE NEW SMOKING) කියලාත් හදුන්වනවා.

මෙහෙම පැය ගානක් වාඩි වෙලා ඉන්න අයගේ මාන්ශ පේශී දුර්වල වෙලා රුධිරයේ ඇති මේදය දහනය කරනවා වෙනුවට,රුධිරයේ ග්ලූකෝස් දහනය කරන්න පෙළබෙනවලු.මේ විදිහට රුධිරයේ ග්ලුකෝස් අඩු වුනහම අපිට බඩගින්නත් වැඩිපුර දැනෙනවා.එතකොට,තව තවත් අහාර ගන්න අපි පෙළබෙනවා.

වැඩියෙන් ආහාර ගත්තහම,රුධිරයේ ග්ලුකෝස් වැඩි වෙනවා.රුධිරයේ මේදය දහනය නොකරන නිසා,රුධිරගත මේද ප්‍රමානයත් වඩි වෙනවා.මේ හේතු නිසා දියවැඩියාව,පිළිකා,අධික රුධිර පීඩනය,හර්‍ඩරෝග,ඇදුම,ආතරයිටීස් හා තරබාරුකම යන රෝග තත්ත්වයන් ඇති කරනවා.

අද කාලයේ බොහෝ දෙනාට තියෙන ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ කෑමෙන් පරිස්සම් වෙලා,ව්‍යායාම කරත්,තරබාරුකම,රුධිර පීඩනය,රුධිර සීනි මට්ටම අඩුවක් නෑ කියන එක.මේ හැම දේටම හේතුව එක දිගට එකම තැනකට වෙලා හිදගෙන හිදීම කියලා තමයි පරීක්ෂණ වාර්තා කියන්නේ. 

ඉතින් අපි හැමෝම දැන දැනම ලෙඩ ගොඩක් හදාගන්නේ මොකටද? එහෙමයි කියලා කාර්‍යයාලයේ වැඩ නොකර ඉන්නත් බෑනේ.

එක දිගටම වාඩි වෙලා වැඩ කරන අයට කියන්න තියෙන්නේ,විනාඩි 30කට සැරයක්වත් තමන්ගෙ ආසනයෙන් නගිටලා ඉක්මන් පියවර කිහිපයක් තියලා ගමන් කරලා නැවත ඇවිත් වාඩි වෙලා වැඩ කරන්න.පුලුවන්නම් ඈත තියෙන කොල පාට ගස් කොල දිහා ටිකක් වෙලා බලන් ඉන්න.මේ කියන්නේ කලේ නාස්ති කරන්න කියලා නෙමෙයි.

මෙහෙම කලහම මොළයට විවේකයක් ලැබිලා ඔබේ කටයුතු වඩා ඵලදායකව කරගන්න ලැබෙනවා කියලා තමයි වාර්ථා වෙන්නේ.

දැන දැනම රෝගී වෙනවාට වඩා,තමන්ගේ අධික වැඩ අතරේ තමන්ගේ සෞඛ්‍යය ගැන ටිකක් හිතලා වැඩ කරන්න
.

No comments:

post

21 Miles to Global Collapse: Inside the Strait of Hormuz Crisis

  At merely 21 miles wide at its narrowest point, the Strait of Hormuz is a geographical bottleneck that dictates the heartbeat of the globa...

Popular Posts ජනප්‍රිය ලිපි