මංගල මුදුවට වම් අතක් නොතිබුනත් ජීවිතය ජයගත් අචලා යුග දිවියට

මංගල මුදුවට වම් අතක් නොතිබුනත් ජීවිතය ජයගත් අචලා යුග දිවියට

මාතර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් වම් අත කපා දමන්නට සිදු වූ නීතිවේදිනි අචලා ප‍්‍රියදර්ශනී මෙනවිය පසුගිය දා (06) සිය පෙම්වතා වූ නාවික හමුදා සෙබළ ප‍්‍රදීප් කුමාර මහතා සමග යුග දිවියට පිවිසියාය.

2003 ජනවාරි මස 17 වැනිදා සවස මාතර හීගොඩ පිහිටි සිය නිවස ඉදිරිපිට දී ඇද වැටී තුවාල ලැබූ අචලා වහාම හීගොඩ රෝහලට ඇතුළත් කෙරිණ.එකල ඇය කොළඹ නීති විද්‍යාලයේ නීති සිසුවියක වශයෙන් ඉගෙනුම ලබමින් සිටියාය.

වැලමිට අසල සිට මැණික් කටුව දෙසට අතේ අස්ථි පුපුරා ගොස් තිබෙන බව දුටු හීගොඩ රෝහලේ වෛද්‍යවරුන් වහා ඇය මාතර මහ රෝහලට මාරු කර යවනු ලැබිණ. මාතර රෝහලේ සමහර වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අචලාගේ අතට නිසි ප‍්‍රතිකාරයක් ලැබී නැති බව පසුව අනාවරණය වූ අතර කරාපිටිය රෝහල වෙත මාරු කර යවනු ලැබූ අචලා එම රෝහලට භාර ගෙන නැත්තේ ඒ වනවිටත් ඇගේ වම් අත මියයමින් තිබූ බැවින්ය.

වහා ඇය කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවනු ලැබිණ. කොළඹ ජාතික රෝහලේ ස්නායු, ශෛල්‍ය හා කැඩුම් බිඳුම් සම්බන්ධ වෛවද්‍යවරුන් අචලාගේ අත බේරා ගන්නට බොහෝ උත්සාහ කළද එය අසාර්ථක විය. මන්ද ඒ වනවිටත් ඇගේ අත මියගොස් තිබූ බැවින්ය. අචලාගේ ජීවිතය ගලවා ගැනීම සඳහා ඇගේ ද අවසරය ඇතිව වම් අත ඉවත් කරන්නට සිදු වූයේ එබැවින්ය.

ඇයට සිදු වූ අසාධාරණය ජනමාධ්‍ය හරහා දිගින් දිගටම අනාවරණය කිරීමත් සමග අචලාට ජර්මනියේ "ඔටෝබ්ලොක්" ආයතනයෙන් කෘතිම අතක් ලබා දෙන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඉදිරිපත් වූහ. ඒ සඳහා රුපියල් ලක්ෂ 40ට අධික මුදලක් වැය විය.

අචලා ප‍්‍රියදර්ශනී මෙලෙස තම විවාහය ගැන අදහස් දැක්වූවාය. 

"මේ දවස්වල මම නිවාඩු. මට 2 වැනි පංතියේ සමාර්ථයක් ලැබුණා. මේ දවස්වල මම ඇඹිලිපිටිය උසාවියේ ආධුනික නීතිවේදිනියක් වශයෙන් කටයුතු කරනවා. මට දැන් දකුණු අතින් අකුරු ලියන්නත් පුළුවනි. ජර්මනියෙන් ගෙන ආ කෘතිම අත පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. ඒ මගේ ශරීරය ටිකක් මහත් වීම නිසා. ඒ සඳහා කළ යුත්‍තේ කුමක්දැයි සොයා බලාගෙන යනවා.” ඇය පැවසුවාය.

(06) උදේ 10.16 ට යෙදුන සුබ මොහොතින් අචලා සිය පෙම්වතාගේ අත ගත්තේ මොරවක්කෝරළයේ විවාහ රෙජිස්ට‍්‍රාර් සහ ඌරුබොක්ක කොට්ටාශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර් සාම විනිසුරු සුනිල් වනිගසේකර මහතාගේ කාර්‍යාලයේදී ය.දෙපාර්ශවයේ ඥාති හිතමිත‍්‍රාදීන් පිරිසක් එම අවස්ථාවට එක් වී සිටියහ.

මංගල මුදුව පළඳන්නට වම් අතක් නොතිබුණද අත අහිමි වූ දා පටන් අචලා තමන්ට එල්ල වූ අභියෝග එකින් එක ජය ගත්තාය. ඇගේ ඒ අධිෂ්ඨානය සහ ජයග‍්‍රහණ වෙනුවෙන් අපගේ උණුසුම් සුබ පැතුම් මේ සමග පිළිගන්වමු.

 



No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි