විදෙස් බලපැමෙන් රට බේරාගන්න හැටි මා දන්නවා – ජීවන්ගේ දුව

විදෙස් බලපැමෙන් රට බේරාගන්න හැටි මා දන්නවා – ජීවන්ගේ දුවතමන් මැතිවරණයෙන් ජයගෙන මෙරටට එරෙහිව ඇති විදේශීය බලපෑම් පරාජය කරන බව සන්ධානයේ කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂිකා මල්ෂා කුමාරතුංග පවසයි. තමන් ලද විදේශීය අධ්‍යාපනය මේ සඳහා අපකාර කර ගත හැකි යයිද ඇය සඳහන් කරයි.
‘මගේ දේශපාලනය විජය සීයාගේ මානව හිතවාදී දේශපාලන ගමනත්, මගේ පියාගේ මනුස්සකමත් පිරි දේශපාලන දැක්මත් හරහා ජනතාව අතරට ගෙන යන්න සූදානම්. තරුණ තරුණියන්, ළමා හා කාන්තා පරපුර ඉලක්ක කොටගත් ගුණාත්මක සංවර්ධනය කරා ගමන් කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමටත් සූදානම්.
අද බොහෝ දේශපාලන නායකයන්ගේ ප‍්‍රතිරූපය හොද එකක් නෙමෙයි. ඒකට හේතුවක් ලෙස නුසුදුසු තැනැත්තන් දේශපාලනයට අවතීර්ණ වීම සහ ඔවුන් තම දේශපාලනික බලය යොදා සිදු කැන කි‍්‍රයා දිනෙන් දින උත්සන්න වීමයි.
මේ නිසා මා විශ්වාස කරන ප‍්‍රතිපත්තියක් තමයි වර්තමාන දේශපාලන කරලියට තරුණ උගත් බුද්ධිමත් පිරිසක් අත්‍යවශ්‍ය බව එවැනි උගත් පිරිසක් ඔබේ වටිනා මනාපයෙන් පළාත් සභාවට තෝරා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා’ යයිද රත්මලාන ප‍්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඇය කියා සිටියාය.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි