පුතු මියගිය පසුත් දින පහක්ම අම්මා බත් කවලා


මියගිය සිය පුතුට නිවසේදි දින පහක් ආහාර කැවූ මවක පිළිබඳව අපට නුගේගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. 
සිද්ධිය සැකවින් මෙසේය. 

නුගේගොඩ ගංගොඩවිල, පරණ කැස්බෑව පාරේ නිවසක 60 හැවිරිදි මවක හා 27 හැවිරිදි පුතකු පමණක් පදිංචි වී සිට තිබෙනවා. මෙම පුතු මානසික ආබාධයකින් පෙළෙමින් සිට තිබෙනවා. මව ද යම් මානසික ආබාධයකින් පෙළෙන්නියක් වනවා. 

මෙම මවගේ පුතු හදිසියේම නිවසේ ඇඳක් මත මියගොස් තිබෙනවා. දින පහක් තිස්සේම මෙම මව සිය පුතුට ආහාර කවා ඇත්තේ දරුවාට ඇති ස්නේහය නිසා වන්නට ඇති. ඇයද මානසික රෝගයකින් පෙළෙන්නියක නිසා සිය දරුවා මියගොස් ඇතැයි ඇයට නොසිතෙන්නට ඇති. 

අවට ප‍්‍රදේශවාසීන්ට දුඟඳක් දැනීම නිසා ඔවුන් එම නිවසට පැමිණ බැලීමේදී "මේ බලන්න මගේ රත්තරං පුතා කෑම කන හැටි. හොඳට කනවා...." යැයි ප‍්‍රදේශවාසීන්ට පවසා තිබෙනවා. 

දරුවා මියගොස් ඇති බව වටහා ගත් ප‍්‍රදේශවාසීන් මේ ගැන මිරිහාන පොලීසියට දැනුම් දී තිබෙනවා. පසුව පොලීසිය පැමිණ පරීක්ෂණ සිදුකර එම දේහය දකුණු ශික්ෂණ රෝහලට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගෙන ගියා. 

පශ්චාත් මරණ පරීක්ෂණයේදී තරුණයාගේ උගුරේ මස් කෑලි ඇතුළු ආහාර සිර වී තිබූ බව ද හෙළි වී තිබෙනවා.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි