| දකුණු පළාතේ දිස්ති‍්‍රක්ක 3 ම සළකා බැලූ විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 6 99 408 ක්. එහෙත් ඔවුන් 2009 අවසන් වරට පැවති දකුණු පළාත් සභා මැතිවරණයේදී ඡන්ද 804 071 ක් ලබාගත්තා. සන්ධානයට මෙවර අහිමිවී ඇති ඡන්ද සංඛ්‍යාව 104 663 ක්. එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේදී දකුණෙන් ඡන්ද 310 431 ක් ලබාගත් අතර 2009 දී ඔවුන් ඡන්ද 297 200 ක් ලබාගත්තා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට මෙවර 13 231 ක් වැඩිවී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද සංඛ්‍යාවද මෙවර 36 653 කින් ඉහළ ගොස් ඇති අතර ඔවුන් ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාව 109 032 ක්. 2009 දී ඔවුන් ලැබූ ඡන්ද සංඛ්‍යාව 72 379 ක් පමණයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මෙවර පළමුවරට දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වී ඡන්ද 75 532 ක් ලබාගැනීම කැපී පෙනෙනවා. අවසන් වරට 2009 පැවති දකුණු පළාත් සභා ඡන්දයේදී ද හම්බන්තොට දිස්ත‍්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත් අතර එහිදී ඔවුන් ලැබූ ඡන්ද සංඛ්‍යාව 192,961 ක්. මෙවර ඔවුන්ට ඡන්ද 18,274 ක් අඩුවී තිබීම කැපී පෙනෙන ලක්ෂණයක්. එහෙත් සන්ධානය එවරද ලබා ගත් මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 8 ක්. එක්සත් ජාතික පක්ෂය 2009 දී ඡන්ද 62,411 ක් හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ලබා ගත් අතර, මෙවර ඔවුන්ට ඡන්ද 17,418 ක් වැඩිවී තිබෙනවා. 2009 දී ඔවුන් ලබා ගත්තේ මන්ත‍්‍රී ධුර 3 ක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණ පසුගියවර ඡන්ද 31,734 ක් ලබා ගත් අතර, මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව 7611 කින් ඉහළ ගියා. ඔවුන්ට මෙවර ලැබුණු මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 2 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් විශේෂත්වයක් වන්නේ ජන අනුපාතය අනුව ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කයෙන් ඉවත් වී හම්බන්තොට දිස්ති‍්‍රක්කයට ලැබුණු මන්තී‍්‍ර ධුර දෙකද එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට හිමි වීමයි. මාතර දිස්ති‍්‍රක්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කළේ ඡන්ද දෙලක්ෂ 31 102ක් ලබා ගනිමින්. ඒ අනුව ඔවුන් ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය 59.19 ක්. මන්ත‍්‍රී ධුර 10 ක් හිමිකරගත්තා. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 96 297 ක් ලබාගත් අතර එය සියයට 24.66 ක ප‍්‍රතිශතයක්. එම පක්ෂයට මන්ත‍්‍රි ධුර 4 ක් හිමිවුණා. ජනතා විමුක්ති පෙරමුණ මෙවර ඡන්ද 39 158 ක් ලබාගත්තා. එහි ප‍්‍රතිශතය සියයට 10.03 ක්. ඔවුන්ට හිමිවූ මන්ත‍්‍රි ධුර සංඛ්‍යාව 2ක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ඡන්ද 20 501 ක් ලබාගෙන සියයට 5.25 ක ප‍්‍රතිශතයක් හිමිකරගත්තා. එම පක්ෂයටද මාතර දිස්ත‍්‍රික්කයෙන් එක් මන්ත‍්‍රි ධුරයක් හිමිවුණා. පසුගිය 2009 දකුණු පළාත් සභා ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතර දිස්ති‍්‍රක්කය ජයගත්තේ ඡන්ද දෙලක්ෂ 57, 110 ක් ලබා ගනිමින්. එ අනුව මෙවර ඔවුන්ට අහිමි වී ඇති ඡන්ද සංඛ්‍යාව 26,008 ක්. එමෙන්ම මන්ත‍්‍රි ධුර 2 ක්ද ඔවුන්ට අහිමිවුණා. එක්සත් ජාතික පක්ෂය 2009 දී මාතර දිස්ති‍්‍රක්කයෙන් ඡන්ද 94 614 ක් ලබාගත් අතර, මෙවර ඔවුන් ඡන්ද 1683 ක් වැඩිකරගෙන තිබෙනවා. එහෙත් ඔවුන් 2009 දී ලබාගත් මන්ත‍්‍රී ධුර 5 මෙවර 4 ක් බවට පත්වුණා. ජනතා විමුක්ති පෙරමුණ 2009 දී ඡන්ද 20 687 ක් ලබා ගත්තා. මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව 18 471 කින් ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් 2009 දී හිමිකරගත් මන්ත‍්‍රී ධුරය මෙවර 2 දක්වා ඉහළ යාම මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට මන්ත‍්‍රි ධුරයක් හිමිවීම කැපී පෙනෙන සිදුවීමක්. ඡන්ද දෙලක්ෂ 93, 619 ක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ගාල්ල දිස්ති‍්‍රක්කයේ ජයග‍්‍රහණය තහවුරු කර ගත්තද, 2009 මැතිවරණයට සාපේක්ෂව ඔවුන්ට අහිමි වී ඇති ඡන්ද සංඛ්‍යාව 60381 ක්. එහිදී ඔවුන් සතුව පැවති මන්තී‍්‍ර ධුර 03 ක්ද මෙවර අහිමිව ගොස් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය මෙවර ඔවුන් සතුව 2009 මැතිවරණයේදී පැවති මන්තී‍්‍ර ධුර 06 ම ආරක්ෂා කර ගැනීමට සමත් වූයේ ඡන්ද එක් ලක්ෂ 34,305 ක් ලබා ගනිමින්. එහෙත් පසුගිය මැතිවරණයට සාපේක්ෂව මෙවර ඔවුන්ගේද ඡන්ද 5870 ක් අඩු වී තිබෙනවා. මෙවර මැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ඡන්ද 45,484 ක් ලබා ගනිමින් ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසන 02 ක් ලබා ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය පළාත් සභා මැතිවරණයට සාපේක්ෂව ඡන්ද 10571 ක් ලබා ගනිමින් ඔවුන් සතුව පැවති ආසනය රැක ගැනීමට සමත් වී තිබෙනවා. කළුතර දිස්ති‍්‍රක්කයේ සමස්ත ජයග‍්‍රහණය ලබාගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එ, ඡන්ද තුන් ලක්ෂ 37,924 ක් ලබා ගනිමින්. ඔවුන්ට එහිදී ආසන 13 ක් හිමිවුණා. එක්සත් ජාතික පක්ෂය කළුතර දිස්ති‍්‍රක්කයෙන් ඡන්ද එක් ලක්ෂ 44,924 ක් ලබාගනිමින් ආසන 6 ක් හිමිකරගත්තා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ඡන්ද 43 685 ක් ලබාගනිමින් හිමිකරගත් ආසන සංඛ්‍යාව 2 ක්. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 25,366 ක් ලබා ගනිමින් එක් ආසනයක් හිමිකරගත්තා. පසුගිය 2009 බස්නාහිර පළාත් සභා ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය කළුතර දිස්ති‍්‍රක්කය ජයගත්තේ තුන් ලක්ෂ 51,215 ක් ලබා ගනිමින්. එ අනුව මෙවර ඔවුන්ට අහිමි වී ඇති ඡන්ද සංඛ්‍යාව 13,291 ක්. එක්සත් ජාතික පක්ෂය 2009 දී කළුතර දිස්ති‍්‍රක්කයෙන් ඡන්ද එක් ලක්ෂ 24,426 ක් ලබාගත් අතර, මෙවර ඔවුන් ඡන්ද 20,498 ක් වැඩිකරගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ 2009 දී ඡන්ද 13,106 ක් ලබා ගත්තා. මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව 12,260 කින් ඉහළ ගොස් තිබෙනවා. මෙවර බස්නාහිර පළාත් සභා ඡන්දයේදී ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජය සන්ධානය හිමිකර ගත්තේ ඡන්ද පන් ලක්ෂ 82668 ක් ලබා ගනිමින්. ඔවුන්ට හිමිවු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 23 ක්. එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඡන්ද දෙලක්ෂ 49,220 ක් ලබාගෙක මන්තී‍්‍ර ධුර 10 ක් හිමිකර ගත්තා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ඡන්ද 88,557 ක් ලබාගෙන හිමිකර ගත් මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 04 ක්. ජනතා විමුක්ති පෙරමුණ ලබාගත්තේ මෙවර ඡන්ද 56405 ක් පමණයි. එම නිසා ගම්පහින් ඔවුන්ට හිමිවූයේ මන්තී‍්‍ර ධුර 2 යි. ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට එක් මන්තී‍්‍ර ධුරයක් හිමිවූයේ ඡන්ද 17290 ක් ලබා ගනිමින්. 2009 ඡන්දය හා සැසදීමේදී ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 41,862 ක් අහිමි වූ අතර, මන්තී‍්‍ර ධුර 04 ක්ද අහිමි වුණා. එක්සත් ජාතික පක්ෂයට මෙවර ඡන්ද 12,964 ක් වැඩි වූ අතර, ඔවුන්ට 2009 දී තිබූ මන්තී‍්‍ර ධුර 10 ම රැකගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට 2009 දී එක් මන්තී‍්‍ර ධුරයක් හිමි වූවද මෙවර 02 ක් හිමිවූයේ ඡන්ද 34914 ක් වැඩිකරගනිමින්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මෙවර පළමුවරට ඉදිරිපත්වෙමින් ගම්පහ දිස්ති‍්‍රක්යෙන් ඡන්ද 88557 ක් ලබා ගැනීම විශේෂත්වයක්. මුස්ලිම් කොංග‍්‍රසය 2009 දී ගම්පහින් ලබාගත් මන්තී‍්‍ර ධුරය මෙවරද හිමිකරගෙන තිබෙනවා. |
2009 සමග ප‍්‍රතිඵල විග��රහය.
Subscribe to:
Post Comments (Atom)
post
Money worries may age your heart as much as serious disease
Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....
Popular Posts ජනප්‍රිය ලිපි
-
By Raphael Pergram Individuals suffering from lower back pain can benefit immensely from the services offered by an Orange County chirop...
-
By Geraldine Dimarco Most people would agree with me when I say that our dogs are not just animals we keep at home-they have obtained fa...
-
By Molly Marin To christian louboutin shoes 9 haute couture clients only. The Christian Louboutin Sandals are essential for them, for sh...
-
By Sandy West The building work you need to have done requires a specific specialty. There are a whole host of general residential build...
-
By Jennie Sandoval Apart from adding beauty, in ground pool liners Cincinnati act as an essential component to keep the water inside the...
-
Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....
-
By Clyde Johson You have made the decision to renovate or expand your home. You likely do not have the skills or the time to pull off a ...
-
The Top Platforms Powering Technical Analysis in Global Markets 2026. In modern financial markets, execution speed and analytical precis...
-
By Antoinette Quinn Even though most work environments are not hazardous, when one is performing work related duties, there is always a ...
-
American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

No comments:
Post a Comment