පාරේ දඩ ජංගම දුරකතනයෙන් එසැනින් ගෙවන්න.. SMS එක පෙන්වා බලපත‍්‍රය අරන් යන්න

පාරේ දඩ ජංගම දුරකතනයෙන් එසැනින් ගෙවන්න.. SMS එක පෙන්වා බලපත‍්‍රය අරන් යන්නරථ වාහන පොලීසිය විසින් මාර්ග නීති කඩ කරන රියදුරන්ට පනවන දඩ තම ජංගම දුරකථනයෙන් ගෙවීමේ පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙලක් පොලීසිය විසින් ආරම්භ කර තිබේ.
මෙම නව වැඩපිළිවෙල ඉදිරි මාස තුනේදී ආරම්භ වීමට නියමිත අතර VPN පරිගණක තාක්ෂණික ක‍්‍රමය හරහා එය ක‍්‍රියාත්මකය. දඩ නියම වූ පුද්ගලයා දඩ නියම වූ අවස්ථාවේම එම ජංගම දුරකථනයෙන් දඩ මුදල ගෙවා එය ගෙවූ බවට අදාළ දුරකථනයට ලැබෙන කෙටි පණිවුඩය පොලිස් නිලධාරියාට පෙන්වූ පසු ඔහුගේ රියදුරු බලපත්‍රය ආපසු ලබාගත හැකිය.
කෙසේ වෙතත් සෘජුවම උසාවිය හමුවට පමුණුවන රථවාහන වැරැදි සම්බන්ධ මේ ක්‍රමය ක්‍රියාත්මක නොවෙයි.
මහජනයාට දඩ මුදල් ගෙවීමට තැපැල් කාර්යාල වල රස්තියාදු වීමට සහ තැපැල් කාර්යාලයට දඩ මුදලට අමතරව වැඩියෙන් ගෙවන මුදල ගෙවීමට නව වැඩපිළිවෙළ නිසා සිදු නොවනු ඇත.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි