ඒක සෙල්ලම් පිස්තෝලයක්.. මං ආවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවටයි – හම්බන්තොට නගරාධිපති

ඒක සෙල්ලම් පිස්තෝලයක්.. මං ආවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවටයි – හම්බන්තොට නගරාධිපතිතමාට සිදුවූයේ වඳින්නට ගිය දේවාලය ඉහේ කඩාගෙන වැටුණාක් මෙන් සිදුවීමක් බව හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පවසයි.
ඊයේ (17) මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය ආශ්‍රිතව සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම,එරාන් වික්‍රමරත්න, ආර්.යෝගරාජන්, නලීන් බණ්ඩාර ඇතුළු පිරිසක් ඊයේ දිනයේ මත්තල ගුවන්තොටුපළත්, හම්බන්තොට වරායත් දැක බලාගැනීම සඳහා ගිය අවස්ථාවේදී මැර ප්‍රහාරයක් එල්ලවිය.
ගල්මුල් ප්‍රහාර, තර්ජන, බියවැද්දීම්, කුණු බිත්තර ප්‍රහාර, හූ හඬ මධ්‍යයේ මන්ත්‍රී පිරිස දැඩි අපහසුතාවයට පත්වූ අතර ඔවුන් ගමන්ගත් බස් රථයේ වීදුරු ජනෙල් පවා කුඩු පට්ටම් කර තිබුණි.
මන්ත්‍රීවරුන්ට පහරදීම සඳහා දිව ආ මැර පිරිස් අතර රිවෝල්වරයක් රැගෙන එන හම්බන්තොට නගරාධිපතිවරයාද දකින්නට ලැබුණු අතර පොලිස් නිලධාරීන් මධ්‍යයේ නගරාධිපතිවරයා ගිනි අවිය මානා තර්ජනය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.යෝගරාජන් මහතා ද පවසා තිබිණි.
කෙසේ වෙතත් අද දවසේ මාධ්‍යයට ප්‍රතිචාර දක්වමින් නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමා පැමිණියේ එ.ජා.ප මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට බවයි.
තමා මුහුදේ නාමින් සිටියදී කොළඹින් පැමිණි එ.ජා.ප මන්ත්‍රීවරුන් පිරිසකට මත්තල ගුවන්තොටුපළේදී කිසියම් පිරිසකගෙන් බාධා එල්ලවූ බව තමන්ට සැලවුණු බවත්, එම මන්ත්‍රී පිරිස වරාය බැලීම සඳහා යාමට සූදානමින් සිටින බව දැනගත් හෙයින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා තමන් වරාය ප්‍රදේශයට ගිය බවත් නගරාධිපතිවරයා කියා සිටියි.
එම අවස්ථාවේ වරාය ආශ්‍රිතව යම් කිසි පිරිසක් සිටිනු තමා දුටු බවත්, ඔවුන් අතර එක්සත් ජාතික පාක්ෂිකයන්ද සිටි බවත්, කොළඹින් පැමිණි මන්ත්‍රීවරුන්ට බාධා නොකරන ලෙස තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
එහෙත් එහි සිටි එක්සත් ජාතික පක්ෂයේ උදවිය මෙම මන්ත්‍රීවරුන් පිරිසට වරාය නැරඹීම සඳහා යාමට අවස්ථාව නොදෙන බව කියා සිටි බවත්, මෙම මන්ත්‍රී පිරිස මැතිවරණ සමයේ හම්බන්තොටට පැමිණ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට හෝ සම්බන්ධ නොවී කොළඹට වී විවේචනය කර කර සිටි බවටත් චෝදනා කළ බව නගරාධිපතිවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන සිතා තමන් එතනට පැමිණි බවත්, ඒ අවස්ථාවේ අසළ සිටි අයෙකුගේ ඉණ අත ගා සෙල්ලම් පිස්තෝලයක් ලබා ගත් බවත්, තමා අත තිබුණේ එකී සෙල්ලම් පිස්තෝලය බවත් , එය මන්ත්‍රීවරුන් බියවැද්දීම සඳහා නොව මන්ත්‍රීවරුන්ට විරුද්ධව කලකෝලාහල කළ අය පළවා හැරීමට බිය ගැන්වීම සඳහා තමා පාවිච්චි කළ බවත් නගරාධිපතිවරයා පවසා සිටියේය.
කෙසේ වෙතත් නගරාධිපතිවරයා රිවෝල්වරයක් අතැතිව කඩාවැදෙන ඡායාරූප අද බොහෝ පුවත්පත් වල පළවී තිබේ.
- Adaderana
456789
7,508 Viewers

No comments:

post

The Great Retreat: Decoding Lukoil’s $22 Billion Global Divestment.

The global energy landscape shifted on its axis in late January 2026. PJSC Lukoil, Russia’s second-largest oil producer and a long-standing ...

Popular Posts ජනප්‍රිය ලිපි