හම්බන්තොටදී UNP මන්ත‍්‍රීවරුන්ට ගහද්දී ප‍්‍රභූ ආරක්‍ෂකයන් කටබලියන් ඉඳලා

හම්බන්තොටදී UNP මන්ත‍්‍රීවරුන්ට ගහද්දී ප‍්‍රභූ ආරක්‍ෂකයන් කටබලියන් ඉඳලාඑක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ඊයේ දිනයේ මත්තල ගුවන් තොටුපළට සහ හම්බන්තොට වරාය ගැන සොයා බැලීමට ගොස් සිටියදී පහර දීමක් සිදු වූ අවස්ථාවේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ප‍්‍රභූ ආරක්ෂක නිලධාරීන් රාජකාරි හරි හැටි කළා දැයි විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ  පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
අවම වශයෙන් ප‍්‍රභූ ආරක්ෂකයන් දෙදෙනෙකු බැගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති ඇති බවත් මන්ත‍්‍රීවරයෙකුගේ ආරක්ෂාව පිළිබදව් ගැටලූවක් ඇතොත් ඒ ගැන අදාළ පොලීසිවලට දැනුම් දීම එම ආරක්ෂකයින්ගේ වගකීම බවත් කී මාධ්‍ය ප‍්‍රකාශකවරයා එජාප මන්ත‍්‍රීන් සමග ගිය ආරක්ෂකයින් එසේ කිසිවක් දැනුම් දී නැති බවද සඳහන් කරයි.
‘මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව යොදවා ඉන්න ප‍්‍රභූ ආරක්ෂකයින් මේ පිරිසට ආරක්ෂාවේ ගැටලූවක් තිබෙන බවට පොලීසියට දැනුම් දුන්න්නා නම් පොලීසිය එතැනට ගිහින් විශේෂ ආරක්ෂාවක් සලසනවා. ඒ වුණත් ඔවුන් එසේ දැනුම් දී තිබුණේ නෑ. පොලීසිය පැත්තෙන් අඩුපාඩුවක් සිදුවුණාද කියන එක අපි සොයා බලනවා’ යයිද අජිත් රෝහණ මහතා කීය.
20,862 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි