‘පිට අයයි ගැහුවේ’ – අලුත්ගම සිංහල හා මුස්ලිම් වැසියෝ

‘පිට අයයි ගැහුවේ’ – අලුත්ගම සිංහල හා මුස්ලිම් වැසියෝ
**
අලුත්ගම ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සඳහා සම්බන්ධ වූයේ දර්ගා නගරයේ වැසියන් නොවන බව එම නගරයේ වෙසෙන සිංහල හා මුස්ලිම් වැසියන් කියා සිටිති.
රාත්‍රියේ විශාල වශයෙන් පිට පළාත් වලින් පැමිණි පිරිස් නගරයේ කලහකාරී ලෙස හැසිරුණු බව ගම්වාසීන් පවසති.
ගැටුම් පැවති බොහෝ ස්ථානවලට පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි නමුත් පොලිස් ආරක්ෂාව ලැබෙන මොහොත වන විට පහර දීම් සිදු වී අවසන්ව තිබුණු බවත් ඔවුන් කියා සිටී.
මේ අතර අලුත්ගම නගරයේ සිදු වූ ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් මරණයට පත් වී ඇති බව අලුත්ගම වෙසෙන මුස්ලිම් ජනතාව ප්‍රකාශ කරති.
ගැටුම් ආරම්භ වීමත් සමග දෙපාර්ශවය ගල් මුල් හා බෝතල් යොදා ගනිමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.
ඉන් අනතුරුව වයස තිහත් හතළිහත් අතර වයසේ පසු වූ මරණයට පත් මුස්ලිම් ජාතිකයන් තිදෙනා වෙඩි වැදීමෙන් මරණයට පත්ව තිබේ.
- BBC

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි