සම්බන්ධයක් නැති නම් CSN වාර්ශික සුහද හමුවට යෝෂිත ආවේ ඇයි?

සම්බන්ධයක් නැති නම් CSN වාර්ශික සුහද හමුවට යෝෂිත ආවේ ඇයි?


yoshitha csnCSN නාලිකාව සමග තම පවුලේ සම්බන්ධයක් නැති බවත් තමන් ප්‍රේක්ශකයන් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ මහතා මාධ්‍ය වෙත පවසා ඇත.එහෙත් නාමල් රාජපක්ශ සහ යෝෂිත රාජපක්ශ CSN ආයතනය පමණක් නොව VIS ආයතනය යටතේ ක්‍රියාත්මක වන සිංහ එෆ්.එම්,රෙඩ් එෆ්.එම් සහ ටැමිල් එෆ්.එම් සමගත් සම්බන්ධ බව පැහැදිලි වන අවස්ථා ‍රැසකි.ඒ බව යෝෂිත රාජප්ක්ශගේ ප්‍රකාශයකින්ම තහවුරු වේ.එනම් පසුගිය දා නාරාහේන්පිටින් සොයාගත් සැහැල්ලු ගුවන් යානය ගාල් කිරීමට සුදුසු තැනක් ලැබෙන තුරු නාරාහේන්පිට ගබඩාවක ගාල් කර තිබූ බවට කරන ප්‍රකාශයයි.

"මේ යානය මම චන්ද්‍රන් රත්නම්ගෙන් ඉල්ලා ගත්තා.ඒක තියන්න සුදුසු තැනක් ලැබෙන තුරු CSN නාලිකාව විසින් වසර 10 සඳහා බද්දට ගෙන ඇති නාරාහේන්පිට ගබඩාවේ ගාල් කරා"
-උපුටා ගැනීම 2015/03/05 රිවිර පුවත්පත,පි‍ටුව 06.
CSN සමග සම්බන්ධයක් නැති නම් යානය ගාල් කිරීමට CSN නාලිකාවේ ගබඩාවක්ම යොදා ගත්තේ ඇයි?අදාල ගබඩාව වසර 10 කාලයක් සඳහා CSN නාලිකාව බද්දට ගෙන ඇති බව යෝෂිත දැන ගන්නේ කෙසේද?ප්‍රේක්ශකයෙක් පමණක් වූ යෝෂිත රාජපක්ශ පසුගිය දෙසැම්බර් 23 දා බොරලැස්ගමුවේ "ගෝල්ඩන් රෝස්" හෝටලයේ පැවැති CSN සහ VIS ආයතනයන්දි සේවය කරන සේවකයන්ගේ වාර්ශික සුහද පැමිණියේ අහම්බයෙන්ද?
CSN නාලිකා පරිශ්‍රයේ සවිකර ඇති CCTV කැමරා දර්ශන පරික්ශා කිරීමේන් මේ ප්‍රේක්ශකයන් දෙදෙනා CSN සමග කොතරම් ලෙංගතුව සිටියේද යන්නත් සොයා ගත හැකි බව අවසානයේදී සඳහන් කල යුතුයි.

http://sinhala.lankanewsweb

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි