බොලිවුඩය අඩනිරුවත් කරන නවතම චිත්‍රපට කලාව



ඉදිරියේදී බොලිවුඩයේ එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපට වලින් අඩක් පමණ අඩනිරුවත ප්‍රසිද්ධියට පත්කරන චිත්‍රපට යැයි විචාරකයන් පවසා තිබේ. මෙවැනි වාතාවරණයකට හේතු වී ඇත්තේ දෙසැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිත Hate story 3 චිත්‍රපටය නිසා බවයි ඔවුන් පවසන්නේ.
පසුගියදා Hate story 3 චිත්‍රපටයෙහි ගීතයක් අන්තර්ජාලයේ මුදාහැරීමත් සමග මෙවැනි වාතාවරණයකට මුල පුරා ඇත. මෙම ගීතයේ ඇති සියලුම දර්ශන පවුලේ සැමට නැරඹිය නොහැකි යැයි අනුමාන කළ හැකි බවද පැවසෙයි. එම ගීතයට රංගනයෙන් දායක වූ සරීන් ඛාන් සහ ශර්මන් ජෝෂ්ගේ රංගනය ඉතාමත් අනර්ඝ බව චිත්‍රපට නිෂ්පාදකවරයා පවසා ඇත.

Hate story 3 චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරකපටය එළිදැක්වීමත් සමග බොලිවුඩය තුළ ආන්දෝලනාත්මක කතා බොහොමයක් පැතිර යමින් පවතී. එයට හේතුව වන්නේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන නිළියන් දෙදෙනාම සුපිරි නළු සල්මන් ඛාන් විසින් සිනමා ක්ෂේත්‍රයට හඳුන්වා දී තිබීම සහ ඔවුන් දෙදෙනාම පළමු චිත්‍රපටයන් තුළ ගුණාත්මක චරිතයක් නිරූපණය කළ නමුත් මෙම චිත්‍රපටය තුළින් ඇතැමුන්ගේ අප්‍රසාදයට පත් වීමත්ය.
පසුගිය දිනවල එහි එක් ප්‍රධාන නිළියක් වන සරීන් ඛාන් හට විවිධ චෝදනා ඇතැමුන් එල්ල කරනු ලැබුවත්, මේ දිනවල චෝදනා එල්ල වන්නේ සල්මන් ඛාන් විසින් හඳුන්වා දුන් මෙම සුරූපී නිළි ඩේසි ශා ටය. ඇය ගැන මේ දවස්වල බොහෝ පුවත් අන්තර්ජාලය පුරා නිර්මාණය වෙමින් පවතින බව ඉන්දීය ගොසිප් වෙබ් අඩවි වාර්තා කරයි. Hate story 3 චිත්‍රපටයේ එන ගීතයක ඩේසි ශා අඩනිරුවතින් සරාගී නර්තනයක යෙදීම නිසා බොලිවුඩයේ ඇතැම් විචාරකයන් ඇයට නරක ප්‍රතිචාර දක්වා තිබේ.

කෙසේවුවද ඇයට මෙන්ම ප්‍රධාන නිළියක වන සරීන් ඛාන් හටද ලැබෙන ප්‍රතිචාරයන් එතරම් සුබදායක නොවේ.  ඩේසි ශා සහ සරීන් ඛාන් යන නිළියන් දෙදෙනාම හඳුන්වාදුන් සල්මන් ඛාන් හටද විවිධ මඩ පුවත් එල්ල වෙමින් පවතින බවද ඉන්දියානු පුවත් වෙබ් අඩවි වාර්තා කරයි. එයට හේතුව වන්නේ බොලිවුඩයේදී නවක නිළියක හඳුන්වා දීමේ මූලික ස්ථානය සල්මන් ඛාන්හට හිමිවන බැවිනි.
මෙම චිත්‍රපටය පිළිබඳව එහි අධ්‍යක්ෂක වන විශාල් පාණ්ඩේ පවසා ඇත්තේ, Hate story 3 චිත්‍රපටය පසුගිය Hate story 2 චිත්‍රපටයට වඩා සරාගීබවින් යුක්ත බවයි. එයට හේතුව වන්නේ පසුගිය චිත්‍රපටය තුළින් එක් ප්‍රධාන නිළියක් පමණක් උපයෝගී කරගනිමින් චිත්‍රපටය අවසන් වුවත් මෙම චිත්‍රපටය තුළින් නිළියන් දෙදෙනෙක් සරාගී කරමින් ගෙනා ආ බවයි.

ඩේශි ෂා

චිත්‍රපට විචාරකයන් ඔහුට පවසා තිබුණේ මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි ලෙස ලේබල් කරන ලෙසයි. කෙසේවුවද මෙම තීරණය පිළිබඳව ඔහු කිසිවක් පවසා නොමැති බවයි වාර්තා වන්නේ. Hate story 2 චිත්‍රපටයත් බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි අතර, Hate story 3 චිත්‍රපටයත් සියලුම ආදායම් වාර්තා බිඳ දැමීමට තරම් ශක්ති බව එහි අධ්‍යක්ෂක වන විශාල් පාණ්ඩේ පවසයි.

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි