මන්නාරම් තෙල් ළිඳෙන් සුපිරි වැලි හමුවේ

මන්නාරම් තෙල් ළිඳෙන් සුපිරි වැලි හමුවේ මෙරට තෙල් ගවේශණ කටයුතු කරන ඉන්දීය කේන් සමාගම පවසන්නේ මන්නාරම් ද්‍රෝණියේ කණින ලද සිවුවැනි තෙල් සහ ගෑස් ළිඳ තුළින් උසස් තත්ත්වයේ වැලි හමුවූ බවයි.
දැනට සිවුවැනි ගවේෂණ ළිඳෙන් ලැබුණු ප‍්‍රතිඵල කලින් ලබාගන්නා ලද ත‍්‍රිමාණ දත්ත සමඟ සම්බන්ධ කොට වැඩිදුර පර්යේෂණ සිදු කරන බවත් මෙම වැලි ජලධාරක වැලි බවත් එම සමාගම පවසයි.
මන්නාරම් ද්‍රෝණියේ හයිඩ්‍රොකාබන් ගවේෂණ ළිංවල ප‍්‍රතිඵල විමර්ශනයට ලක්කොට ඒ ඔස්සේ ඉදිරි ගවේෂණ ක‍්‍රියාමාර්ග පිළිබඳ තීරණයකට එළැඹෙන බව ද පවසන එම සමාගම ගවේෂණ ළිං දෙකින් මෙතෙක් සොයාගෙන ඇති හයිඩ්‍රොකාබන් නිධිවල අන්තර්ගත ස්වාභාවික ගෑස් ප‍්‍රමාණය නිර්ණය කිරීම සඳහා වන ඇගැයීම් වටයකට යොමු වන්නේ ද යන්න තීරණය කරන බවද කියා සිටී.
2013 වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ මුදල් වර්ධය තුළ සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 3223 ක වාර්තාගත ආදායමක් උපයාගෙන ඇති බව ද සඳහන්ය.

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි