CHOGM බෙන්ස් බෙදාගන්න ඇමතිවරුන් අතර පොරයක්

CHOGM බෙන්ස් බෙදාගන්න ඇමතිවරුන් අතර පොරයක්රුපියල් කෝටි ගණනක තීරු බදු සහන ලබා දෙමින් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට යයි පවසා ගෙන්වූ අති සුඛෝපභෝගී වාහන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බෙදා ගැනීමේ පොරයක් පටන් ගෙන තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
ආණ්ඩුවේ ඇමතිවරුන්ට ගජ මිතුරන්ට බෙදා ගැනීමට මෙම වාහන ගෙනැවිත් තිබෙන බවත් මෙහි සැබෑ හිමිකරුවන් කවුරුන්ද යන්න සමුළුවෙන් පසුව ජනතාවට දැක  ගත හැකි බවත් මෙම වාහන 54 කැබිනට් එකටත් මදි යැයි ද ඒ මහතා පෙන්වා දෙයි.
කොටස් වෙළෙද පොළේ හිගන්නන්ව සිටි අයද අද පාරට ගඩොල් සපයන කොන්ත‍්‍රාත් පටන්ගෙන තිබෙන බවත් නමේ මුලට ගඩොල් නාමයත් එකතු කරගෙන  තිබෙන බව  ද  කී ඔහු සමුළුව තුළින් හම්බ කරගන්නා විශාල පිරිසක් සිටින  බවද සඳහන් කරයි.

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි