එජාපයේ මොළය රනිල්, හදවත කරු, ජනතාව සජිත්

එජාපයේ මොළය රනිල්, හදවත කරු, ජනතාව සජිත්එක්සත් ජාතික පක්ෂය අතීතයේදී ඩඞ්ලි,ජේ,ආර්,රණසිංහ පේ‍්‍රමදාස එකතුවෙන් ලබාගත් ජයග‍්‍රහණය නැවත ලබා ගැනීමට නම් වර්තමාන පක්ෂයේ හදවත වන කරු ජයසූරිය, මොළය වන රනිල් වික‍්‍රමසිංහ හා පක්ෂයේ ජනතාව වන සජිත් පේ‍්‍රමදාස යන අයගේ එකතු වීම අවශ්‍ය බව එක්සත් වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.
පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පටුවාද භේද ඉවතලා මෙම නායකයන් තිදෙනාගේ එකතුවීම ගැන ලක්ෂ 47ක් වූ පාක්ෂිකයන් බලා සිටින බව එම සංගමයේ කැදවුම්කරු ජයම්පති කුරුප්පු මහතා පැවසීය.
මේ මොහොතේදී විශේෂයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්ව මණ්ඩලය මගහැර නොසිට එයට සම්බන්ධ වීමේ වැදගත්කම කුරුප්පු මහතා පෙන්වා දුන්නේය.
අතීතයේදී රණසිංහ පේ‍්‍රමදාස මහතා ප‍්‍රශ්න විසදුවේ සාකච්ඡවෙන්,සම්මුතියෙන් හා සංහිදියාවෙන් බව පැවසූ ඒ මහතා, සජිත් පේ‍්‍රමදාස මහතාට තම පියා අනුගමනය කිරීමට අවස්ථාව උදා වී ඇතැයි සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ඊළග නායකත්වය සදහා සජිත් පේ‍්‍රමදාස මහතාට සුදුසුකම් ඇතැයි පෙන්වා දෙන කුරුප්පු මහතා, ඒ සදහා ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්, හදිසියේ තීන්දු තීරණවලට නොඑළඹෙන ලෙසත් ඉල්ලා සිටියේය.

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

American whiskey lovers are raising a glass to the booming phenomenon of Indian single malts. Thanks to the rapid maturation of malt spirits...

Popular Posts ජනප්‍රිය ලිපි