ජනාධිපතිවරණය ලබන ජනවාරි මස 8 වෙනිදා

ජනාධිපතිවරණය ලබන ජනවාරි මස 8 වෙනිදා
මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි
( සමන්ත කුමාර ) 2014-11-21 18:41:51
      Views - 5
ජනාධිපතිවරණය ලබන ජනවාරි මස 8 වෙනිදා පැවැත්වීමට සූදානම් වන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා. ලබන දෙසැම්බර් මස 8 වෙනිදාට පෙර නාමයෝජනා කැඳවීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මීට නොබෝ වේලාවකට පෙර පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවකදී එහි මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය ජනවාරි මස 8 වෙනිදා පවත්වන බවට තමන්ට දැනුම් දී ඇති බවයි.

ජාතික පක්ෂය මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාව කැඳවූයේ අද පස්වරුවේ රැුස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේ තීරණ දැනුම්දීම සඳහායි. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහය ලබාදීමට එහිදී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බවද ඔහු සඳහන් කළා. 

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි