ගෝල්ෆේස් හෝටල්යේ සිටි ලොව වයස්ගතම හෝටල් සේවකයා මියයයි

ගෝල්ෆේස් හෝටල්යේ සිටි ලොව වයස්ගතම හෝටල් සේවකයා මියයයි
      Views - 8308
ගාලු මුවදොර හෝටලයේ වසර 72කට අධික කාලයක් දොරටුපාල වශයෙන් කටයුතු කළ කොට්ටරපට්ටු චට්ටු හෙවත් කුට්ටන් මහතා ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

1920දී ඉන්දියාවේ කේරළයේ උපන් කුට්ටන් මහතා යොවුන් වියේදීම තලෙයිමන්නාරමට පැමිණ ඇති අතර 1938දී කොළඹට පැමිණ තිබෙනවා.කොළඹට පැමිණි ඔහු ගෝල් ෆේස් හෝටලයේ වේටර්වරයකු ලෙස එකතු වීමට පෙර කොළඹ ප්‍රභූ පවුල්වල සේවකයකු ලෙස සේවය කර තිබෙනවා. ‍ 1942 වසරේදී හෙතෙම අත්උදව්කරුවෙකු වශයෙන් ගාලු මුවදොර හෝටලයේ සේවයට සම්බන්ධ වී ඇති ඔහු අනතුරුව භෝජනාගාර සේවකයකු ලෙසින් කටයුතු කර තිබෙනවා. පසුව කුට්ටන් මහතා දොරටුපාල සේවයට සම්බන්ධ වී තිබෙනවා. 

වර්ෂ 1942දී ගෝල් ෆේස් හෝටලයේ සේවයට පැමිණි කුට්ටන් මහතා  අවුරුදු 72ක් පමණ දොරටුපාල සේවයේ නිරත විය. මියයන විට අවුරුදු 94ක් වු කුට්ටන් මහතා ලොව වයස්ගතම සේවකයන් අතර සිටින්නෙකුද වනවා. එක් ආයතනයක වැඩිම සේවා කාලයක්  හිමි සේවකයකු මෙන්ම ලෙව වඩාත්ම ජනප්‍රිය හෝටල් සේවකයකු ලෙසින්ද කුට්ටන් මහතා ප්‍රසිද්ධියක් ලබාගෙන සිටියා. 

කුට්ටන් මහතා හමුවීමට ගිනස් ලෝක වාර්තා පොතෙන්ද පැමිණ ඇති අතර ගාලු මුවදොර හෝටලයේ 150 වැනි සංවත්සරයට සහභාගි වීම ඔහුගේ අවසාන බලාපොරොත්තුව වූ නමුත් ඔහුට එම සිහිනය සැබෑ කරගත නොහැකි වූ බවත් ගෝල් ෆේස් හෝටල් බලධාරීන් කියා සිටියේය.

kuttan www.nethfm.com 01 kuttan www.nethfm.com 02 kuttan www.nethfm.com 03 kuttan www.nethfm.com 04

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි