ශ්‍රී ලන්කන්, මිහින් ලංකා ගුවන් යානා 30 දක්වා වැඩි කිරීමට සැලසුම්
May 17, 2013 at 12:26 pm | lanka C news
ඉදිරියේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගම හා මිහින් ලංකා ගුවන් සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව 30 දක්වා වර්ධනය කර ගැනීම අරමුණු කොට පස් අවුරුදු සැලැස්ම ක‍්‍රියාත්මක කර ඇතැයි පැවැසූ සභාපතිවරයා එහි වසර දෙකක් ගෙවා ඇතැයිද සඳහන් කළේය.
ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට ගුවන් යානා හය එක් කරන බව පැවැසූ සභාපතිවරයා 2017 සිට 2023 දක්වා කාලය තුළ තවත් ගුවන් යානා හතක් එක් කරන බවද සඳහන් කළේය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ පස් අවුරුදු සැලැස්මේ දෙවැනි අදියර යටතේ නවීකරණය කිරීම අරඹා ඇතැයි පැවැසූ ඒ මහතා ඒ අනුව එයාර් බස් සමාගමෙන් නව ගුවන් යානා එක් කරන බවත් එය සමීක්ෂණයක් මගින් තීරණය කරනු ලැබූ බවද පැවැසීය.
No comments:
Post a Comment