සඳ මත දැවැන්ත උල්කාපාතයක් පුපුරා යයි (Video)


සඳ මත දැවැන්ත උල්කාපාතයක් පුපුරා යයි (Video)මෙවර සද මතට වැටුනු උල්කාපාතය සද මතට වැටී ඇති උල්කාපාත අතරින් විශාලම උල්කාපාතය ලෙස නාසා ආයතනය ප‍්‍රකාශ කර ඇත. මෙම උල්කාපාතය වැටීමෙන් ඇතිවුන පිපිරුම TNT පුපුරණ ද්‍රව්‍ය ටොන් 5 කින් ඇතිවන පිපුරුමකට සමාන වන බව සදහන් වේ.
මෑතකදී සද මත පතිත වන උල්කාපාත වර්ෂාවක් නිරික්ෂනයේදී මෙය වාර්තාවී ඇතග මාර්තු 17 වෙනිදා කිලෝ 40 ක් බර මීටර් 0.3 සිට 0.4 ක් අතර විෂ්කම්භයන් ඇති මෙම උල්කාපාතය පැයට සැතපුම් 56,000ක වේගයකින් සඳ මතට පතිතව ඇත.
අගහරු නිරික්ෂණ විශේඥයෙක් වන රොන් සර්ග්ස් සෙද් වීඩියෝ දර්ශන තුලින් මෙය මුලින්ම දැක ඇත. මීට පෙර සඳ මත සිදුවුණු පිපිරීම් අතර වැඩිම ආලෝකයක් පිටවුණ පිපිරීම මෙය ලෙස වාර්තා වේ.
සඳ මත පෘතුවිය මෙන් වායු බහුලව නොමැති අතර එම හේතුවෙන් සද ඍජුවම අභ්‍යවකාශයට නිරාවරණය වී ඇත. සඳ මත ඔක්සිජන් වායුව නොමැති අතර එසේ වුවත් මෙම පිපිරීම සිදුවූයේ කෙසේද යන්න ගැටලූවක්ව පවතී.
සඳ මතට වැටෙන උල්කාපත පිපුරුමට ඔක්සිජන් අවශ්‍ය නොවන බවත් උල්කාපාතය ඉතා ඉහල ශක්තියකින් වැටීම නිසා ඇතිවන තාපය පිටවීම අප එලෙස දකින බවත් නාසා ආයතනය එම ගැටලූවට පිළිතුරු ලෙස පවසා ඇත.
මෙම පිපුරුමෙන් ඇතිවුණු අවාටය මීටර් 20ක් පමණ වන බව ගණන් බලා ඇත.

12,586 Viewers

No comments:

post

Money worries may age your heart as much as serious disease

  Money worries may age your heart as much as serious disease.... We often talk about heart health in terms of diet, exercise, and genetics....

Popular Posts ජනප්‍රිය ලිපි