බොදුබල සේනාව හදන්නේ රජය පෙරළා දමන්නයි

බොදුබල සේනාව හදන්නේ රජය පෙරළා දමන්නයිරජය පෙරළා දැමීමේ කුමණ්ත‍්‍රණයකට බොදුබල සේනාව සැලසුම් කරන්නේදැයි සැක පවතින බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.
ඒ මහතා විසින් මෙසේ සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනයක මෙසේද දැක්වේ.
රණවිරුවන්ද,සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව ලක්ෂ ගණනකගේද ජීවිත අහිමිකළ තිස් වසරක යුද්ධයක් අවසන් කළ සමයක,ප‍්‍රජාතාන්ත‍්‍රික රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ දැනට පවතින නිදහස් සාමකාමී යුගය මෙම බොදුබල සේනාවේ කටයුතු හේතුවෙන් අන්තරාකාරී දිශාවකට යොමු වීමේ අවදානමක්ද පවතී. එමෙන්ම මෙම කටයුතු හේතුවෙන් ආගමික සහජීවනයක් අප රට තුළ නොමැති බවට ඇතැමුන් ගෙන යන ප‍්‍රචාරයන්ට අනුබල දීමක්ද වේ. මෙවන් පසුබිමක, ජනාධිපතිවරයා විසින් ආගමික ගැටුම් සහ පැමිණිලි විමර්ශනය කිරීමට විශේෂ පොලිස් ඒකකයක් 24 වනදින ස්ථාපනය කිරීම පිළිබදව මගේ ප‍්‍රශංසාව දක්වනු කැමැත්තෙමි.
ජනාධිපතිවරයා ඉවත් කිරීමට හෝ වෙනත් අයෙකු ජනපති කිරීමට තමන්ට හැකියාව ඇතැයි උදම් අනන මෙම බලසේනා ප‍්‍රධානීන්,රජය පෙරළා දැමීමේ කුමණ්ත‍්‍රණයක සැලසුම් කරුවන් දැයි සැක සහිතය. මොවුන්ගේ ක‍්‍රියාකාරකම් සහ පරමාර්ථ දෙස බැලීමේදී මෙය එල්.ටී.ටී.ඊ සංවිධානයටත් වඩා දරුණු සංවිධානයක් බවද පෙනී යයි.
ජනතාවට මාර්ගෝපදේශකත්වය ලබාදිය යුතු ගෞරවනීය සගරුවන,රජයේ වගකිව යුතු අමාත්‍යංශ හා ආයතන තුළට මෙසේ කඩා වැදී දක්වන හැසිරීම් රටතුළ වැරදි පූර්වාදර්ශ ඇති කරන්නකි.සත්‍ය වශයෙන්ම මෙවන් අන්තවාදී හැසිරීම් රටතුළ වැරදි පූර්වාදර්ශ ඇතිකරන්නකි.සත්‍ය වශයෙන්ම මෙවන් අන්තවාදී හැසිරීම් හෝ කි‍්‍රයාවන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මධ්‍යම ප‍්‍රතිපදාවට පටහැනි වේ.
එබැවින් නීති විරෝධී කි‍්‍රයාවන් අප නැවත නැවතත් හෙළා දකින අතර,ඒ සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස පොලීසියෙන් හා වගකිව යුතු අංශයන්ගෙන් ඉල්ලා සිටිමි.

No comments:

post

In a historic showdown, Kadamba was named the Best World Whisky.

 Conversation with Gemini Create artist in 1200 word with more details what u know, this article to my fb, As America marks its 250th Semiqu...

Popular Posts ජනප්‍රිය ලිපි