SANATH JAYASURIYA SAYS....
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ක‍්‍රිකට් ආයතනය තුල විශිෂ්ඨ මෙහෙයක් සිදු කරන බවත් ඔහුගේ වැරැද්දක් තමන් නොදකින බවත් ශ‍්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි. සති අන්ත පුවත් පතක් හා සාකච්චාවට එක් වෙමින් ඔහු පවසන්නේ ක‍්‍රිකට් බලධාරීන් විවේචනය කරන්නට කිසිම ක‍්‍රීඩකයෙකුට අයිතියක් නැති බවත් සමහර ඉදිරිපෙල ක‍්‍රීඩකයන් තම සීමාව ඉක්මවා කටයුතු කරන බවත්ය. ජයසුරිය එහිදී මෙහේද කියයි. 'මේ ජයග‍්‍රහණය එක් එක් ක‍්‍රීඩකයා කල ජයග‍්‍රහණයක් නෙමෙයි. මේ පිටුපස විශාල පුහුණුකරුවන් ප්රමාණයක් ඉන්නවා. ක්රිකට් බලධාරීන් තේරීම් කමිටු සාමාජිකයන් සියළු දෙනා ඉන්නවා. මේ එක ක‍්‍රීඩකයෙක්වත් ක‍්‍රිකට් ආයතනය නැතිනම් බිහිවෙන්නේ නෑ. අපි ඔවුන්ගේ ගෙවීම් දෙස ඉතා හොඳින් බලා හොඳ යෝජනා ඉදිරිපත් කලා. නමුත් තවමත් ගිවිසුම් අත්සන් කරන්නට ඔවුන් ප‍්‍රමාද වෙනවා. මෙය වැරදි ආදර්ශයක්. ක‍්‍රිකට් බලධාරීන් විවේචනය කරන්න කිසිම ක‍්‍රීඩකයෙකුට අයිතියක් නෑ. සමහර ඉදිරිපෙල ක‍්‍රීඩකයෝ සීමාව ඉක්මවන බව පේන්න තියෙනවා. එය වැරදි පූර්වාදර්ශයක් බවට පත්විය හැකියි. මෙය එක් ක‍්‍රීඩකයෙකුගේ ජයග‍්‍රහණයක් නොවන නිසා එවැනි පුද්ගලික මත ඉදිරිපත් නොකල යුතුයි. නිශාන්ත රණතුංග ක‍්‍රිකට් ආයතනය තුල ඉතා විශිෂ්ඨ මෙහෙයක් ඉටු කරනවා. විවිධ කණ්ඩායම්වලින් යුතු ක‍්‍රිකට් ආයතනය ඉතා හොඳ පාලනයකින් ඔහු පවත්වාගෙන යනවා. ඔහුගේ වැරැද්දක් මට නම් පෙන්න නෑ. ඔහු පාලකයෙක්. ඔහු සමස්ථ ක‍්‍රිකට් ක‍්‍රීඩාවටම වගකිව යුතුයි. එක් ක‍්‍රීඩකයෙක් වෙනුවෙන් ඔහු පෙනී සිටින්නේ නෑ' 15,277 Viewers 3 56 22 Comments to "නිශාන්ත රණතුංග හරි.. ක‍්‍රීඩකයන් සීමාව ඉක්මවා ගිහින්.. – ජයසූරිය" |

දැන් ඔහොම කතා කරාට.., තට්ට පුතා තාම සෙල්ලම්(ක්‍රිකට්) කලානම් තනිකර අනිත් පැත්ත තමයි ඉතින් කතා කරන්නේ……..!!!

දී කිරට බලල්ලුත් සාක්කි
අද මේ ක්‍රීඩාව හා සමග බැඳෙන මුදල් යඵාර්තය එලියට එන්න දෙන්නේ නෑ. ක්‍රීඩා ලොලීන්ගේ නිවැරදි දැක්ම බොහෝ වැරදි අඩුකර ගැනීමට ඉවහල් වේවි. මේ අතර සමහර අය තමන්ගේ පන්තිය රැකීමට දඟලන අතර තවත් සමහරක් ආගම් ප්‍රචාරයේ යෙදේ. ඒ අතර මේ හා බැඳුන සූදුව තවත් එකකි එනමුත් සාමාන්‍ය ප්‍රේක්ෂකයා බලා පොරොත්තු වන්නේ තම පිලේ ජයග්‍රහනයන්ය. ඒත් ඉහල නිලධාරීන් යම් මට්ටමක් පසුල පසු එම තත්වය රැකගෙන පවත්වාගෙන යාමට නොකරන දෙයක් නැති තරම්ය. නමක් දිණාගත් ක්‍රඩකයා සතු කේවල් කිරීමේ හැකලියාව නිහතමානීව යොදවන්නේද නැත තමාට වඩා දක්ෂයකු බිහිවනවාට අකමැති මානසික මට්ටම් නිසාද නිසිකල ඉවත් නොවී රැඳී සිටීමට දරණ උත්සාහයන්ද ප්‍රකටය.
සමහර ඉහලට ගිය දක්ෂයන් නිසා එලි නොදැකම යටගිය අතිදක්ෂයන් ගැන මම දනිමි. ඒ වාගේම මහත්තුරුන්ට නොගැල පෙනවායයි පන්තිබේදය නිසාද. පාසැලේ එකා ඉදිරියට ගෙන ඒමට දරන වෙහෙස නිසාද.දක්ෂයන්ට අවස්තාව නොලැබෙන අවස්තා අපමනය. සමහර ආගමික සංවිධාන තමන්ගේ ආගමේ අයව සහ ඔවුන් නියෝජනය කරන පාසැල් වල අදක්ෂයා වුවද ඇතුල් කිරීමට දරණ වෙහෙස අපමනය.
මෙපමන බාදා තිබියදීත් අපජයග්‍රහනයන් ලබන්නේ සැබෑ දක්ෂයන්ද මේ සඳහා අවංකව කැපවන පිරිසගේ උත්සාහය නිසා සම්බන්ද කරගැනීමෙන් සහ ජයග්‍රහන නොමැති තැන ජනයා ක්‍රීඩාවෙන් ඉවත්වීම වලක්වාගැනීම කාගේත් උවමනාව බැවිනි.
Salli thanhawen cricket gahapu mu respect thiyagena samu gaththa sangatai mahelatai kapilla Dana eka wihiluwak.. Sangai mahelai ekka irisiyawa.. Wade kathai sana.
ඔව් ඔයා ඔහොම නොකිව්වොතින් නිශාන්ත ලබන සැරේ ඔයාවත් ඔතනින් එලවල දානවනෙ. බලධාරීන් කියන කියන පදේට නටන පඹයො ටිකක් ඔතන ඉන්නව දකින්න තමයි එයාලට ඕන. කවුරු හරි ඒ පඹයගෙ සීමාව ඉක්මවා යනව නම් ඒ කෙනාට කැපිල්ල. එයාල කියන පදේට නටවන්න පුලුවන් නිසා තමයි ඔයා වගේ කෙනෙක් තේරීම් කමිටුවේ සභාපති කලෙත්..මොකද කලින් තේරීම් කමිටු සභාපතිල කවුරුත් ඔය වගේ ප්‍රකාශ නිකුත් කලේ නෑනෙ. ලෝක කුසලානයක් කට උඩ තියෙද්දි ක්‍රීඩකයන්ගෙ මානසිකත්වෙ පහල දාන ප්‍රකාශ නිකුත් කරන්න මෝඩ පාලකයන්ට පුලුවන් නම් ඒ ප්‍රකාශ විවේචනය කලාට තියෙන වැරද්ද මොකක්ද?. ඔයා ක්‍රීඩා කරන වයස පහු වෙලා out of form ගිහින් ඉන්න කාලෙ කණ්ඩායමට නොගත්ත කියල බලධාරීන් විවේචනේ කරද්දි ඕව මතක් වුනෙ නැද්ද?
ක්‍රීඩකයින් සීමාව ඉක්මවා ගිහින් කියන එක හරි.නමුත් ප්‍රස්නෙ ඒක නෙවේ.රජතුමාගෙ ඉදන් පහලට ඔක්කොම බ්‍රේන් වොශ්කරල ගන්න ඕනේ.යකෝ මේක දැන් කුපාඩි රටක් වෙලානෙ.අර ඊයෙ පෙරේද එකෙක් පිස්තෝලයක් උස්සන් දුවන් ඇවිත් තියෙන්නෙ
අපිට මතකයි සමහර ක්‍රීඩකයො නාකි වෙලා බෝලෙට බැට් එක දා ගන්න බැරුව ඉන්න කාලෙත් කණ්ඩායමෙන් ගියේ නෑ ..හැබැයි තමන් එච්චර චාටර් වෙද්දිත් තමන් කණ්ඩායමට නොගත්තා කියලා බලධාරින්ව නම් විවෙචනේ කලා එහෙම ක්‍රීඩකයො.. දැන් අයට බලධාරීන් විවේචනේ කරන්න බැරි මොකද දන්නෙ නෑ.. බලධාරීන් වුනා කියල තමන්ට ඕන ඕන දේ කරන්න පුලුවන්ද? ඔය match fee එකෙන් percentage එකක් ක්‍රීඩකයන්ට දෙන එක 2003 ඉදල තිබ්බ දෙයක්.. සනත් ක්‍රීඩා කරන කාලෙ ඔය දීපු එක එහෙමම ගත්තා..බලධාරීන්ගෙ මගඩි වැඩ නිසා Sri Lanka Cricket බoකොලොත් වුනාට ක්‍රීඩකයො පලි නෑ. ක්‍රීඩකයෝ හොදට සෙල්ලම් කලේ නැත්නම් මොන බලධාරි හිටියත් Sri Lanka cricket වලට සල්ලි ලැබෙන්නත් නෑ, බලධාරි විතරක් හිටියා කියලා රටටවත් අපිටවත් ඇති වැඩක් නෑ. දැන් පොර talks දුන්නට සනත් අද ක්‍රීඩකයෙක් වුනා නම් එයා අද කරන්නෙත් ඔය අනිත් ක්‍රීඩකයෝ කරන දේම තමයි..
ohuta dukai banata cap eka ussanna bariunata.sada sadu
"මේ ජයග්‍රහනය පිටුපස විශාල පුහුණුකරුවන් ප්රමාණයක් ඉන්නවා.ක්රිකට් බලධාරීන්, තේරීම් කමිටු සාමාජිකයන් සියලු දෙනා ඉන්නවා" ඇත්තට? ජයග්‍රහනය කලාම ඒක බෙදා ගන්න සෑහෙන්න පිරිසක් ඉන්නවා.. final එකක් පරාද වුනාම ඒ ඔක්කොම විවේචන එන්නෙ ක්‍රීඩකයන්ට විතරයි..මට නම් ඇහිල නෑ ඔහේ 96 ලෝක කුසලානෙ ගැන කතා කරද්දි කවදාවත් තෙරීම් කමිටු සාමාජිකයන්ට, පුහුණුකරුවන්ට ඒක අයිතියි කියනවා. කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා කර ගන්න එපා..
පහුගිය කාලෙ ලoකාව පරදිනකොට ලේකම් වෙලා හිටියෙත් ඔය කියන නිශාන්තම තමයි.. හැබැයි අපි පරදිනකොට ක්‍රීඩකයන් විවේචනය කරන කට්ටිය එක්කම එකතු වෙලා බලධාරිනුත් කලේ ඒ ක්‍රීඩකයො තව ටිකක් විවේචනේ කරන එක.. එතකොට පරාදෙට අයිතිකම තියෙන්නෙ ක්‍රීඩකයට විතරයි.. දිනුවම ඒකට අයිතිකාරයො සෑහෙන්න ඉන්නවා..මතක තියා ගන්නවා ක්‍රීඩකයො නැත්නම් බලධාරින් තියා Sri Lanka Cricket කියලා එකකුත් නැති බව.උඩින් කියන පදේට ඔලුව වනන්න බලන් ඉන්න ඔහෙලා වගේ නිලධාරියො හිටිය පලියට කිසි දෙයක් බිහි වෙන්නෙ නෑ
සනත් තමයි ක්‍රීකට් ක්‍රීඩකයන්ට මුලින්ම හිතුවක්කාර වැරදි ආදර්ශ දුන්නේ. මෙයා 40 වෙනකන් සෙල්ලන්කලා, අන්තිම අවුරුදු 7-8දී ලකුණු අතර සිටියෙත් නෑ, මහේල-සංඝක්කාරලා තමත් හොදින් ලකුණු අතර සිටිනවා. අනික සනත් සෙල්ලම් කරනකොට මෙයාට පාලකමණ්ඩලයටත් වඩා බලතල තිබුනා, පාලක මණ්ඩලය මෙයාව සංචිතයට නම්කරන්න කලින් මෙයාම මෙයාව සංචිතයට තෝරගෙන අන්තිම තරගය අහවල් තරගාවලියේ සෙල්ලන් කරනවා කියා මෙයාම කිව්වා.
පාලක මණ්ඩලය හිටියත් නෑ වගේ, ඇතුලේ හැමදාමත් ආරවුල්, පාරිපාලනය ගැන මෙලෝ දෙයක් දන්නැහැ, ඒනිසා පාලක මණ්ඩලයේ පව් ක්‍රීඩකයන් පිටින් නොදා ඉන්න.
මුලින්ම කල යුත්තේ උඩින් කියන කියන පදේට රූකඩ මෙන් නටන්න බලා හිටිනා නාකි පිළිල තේරීම් කමිටුවෙන් ඉවත් කිරීමයි
මහේල එක්ක ගත් කල නිශාන්ත රණතුංග කියන්නෙ හොරිකඩයෙක්…….
ඒ වගේම ජයසූරිය කියන්නෙ ඉස්සර හොද ක්‍රීඩකයෙක් , ඒත් දැන් නම් නිකන්ම නිකන් පක්ෂෙකට කඩේ යන එහෙයියෙක්………….
feel fear about sanga..he can attack also politic because people with HIM
Mahinda aiyada kiwe ohoma kiyapan kiyala?
සනතුත් ඔය ගොබ්බයන්ටම හරියන එකෙක් කියලා මෙයින් පැහැදිලි වෙනවා….මිනිස්සුන්ගෙ හිතේ ඔබට තියන ආදරය ඔය වචනවල් නිසාම නැතිකරගත්තා..
මේ කතාවට එකගයි. 1996දි ලොක කුසලානය දිනනකොට කන්ඩායමට පුදුම විනයක් තිබුනා. දැන් එක නැහැ. මේ පාර කුසලානය දිනපු ගමන් මාලිoග කිව්වෙ, IPL නිසා අපි දින්නා වගේ කතාවක්. මුදලට දැන් ඉන්න කන්ඩායම විකිනිලා ඉවරයි. එක් ක්‍රිඩකයෙක් මසකට මිලියන 10ට වඩා ආදායමක් ගන්නා බව මැතකදි හෙලි උනා. මේ තත්වයට පාලක මන්ඩලය වගේම ජනධිපතිතුමාත් වගකිව යුතුයි. විනය තීරන ගත්තාම ක්‍රිඩකයො ගිහින් ජනාධිපතිතුමා හමු වෙලා වෙනස් කර ගත්තා. මේවා සේරම එකතු වෙලා හරිගස්සන්න ඔන වැඩ. මෙවර ලොක කුසලානය දිනපු කන්ඩායමෙ පලමු සචාරයෙ මුල් ටිකෙ දිනපු නායකයා IPL ගහනවා.
මන් සෙල්ලම් කරන කාලේ එහෙම කළේ නැහැ ඒ කියන්නේ ඉක්මවා ගියේ නැහැ මේවා කතා වැඩ මන් නම් කළේ නායකයා වුන වෙලාවේ මගේ අතටම පුවත් පත් ගෙන්නලා දුන්නේ නැහැ කියලා s.s.c එකේ අවුරුදු 20 වැඩ කළ කෙනාව දැම්ම අස් කරන්න නැත්නම් මන් නායක කමෙන් අස් වෙනවා කියලා ඒ කෙනාව ගෙදර ඇරපු එක මාව කණ්ඩායමෙන් අයින් කලාම ජනාදිපති ගාවට ගිහින් නැවිලා කියලා අපසු කණ්ඩායමට රිංගුපු ඒක ඒවා සීමාව ඉක්ම ගියේ නැහැනේ එලවපු එකයි නැවුන එකයි විතරයිනේ
මං හිතන්නෙ මහේල සීමාව ඉක්මවා ගියා කියල. මං කියන්නෙ අර මාධ්‍ය සාකච්ඡාවෙදි කියපුව ගැන. පඩි මදි නම්, ඒකට ක්‍රියාමාර්ග ගන්න එක කාටවත් මුකුත් කියන්න බෑ. ඒක තමන්ගෙ අයිතියක්. නමුත්, එයාලට ලොකු ගාණක් ගෙවනව. ඒක ඒ අය offline කථා කරල විසද ගන්න ඕන දෙයක්. සංග කට්ටය. දෙපැත්තටම නැති වචන කියන්නෙ.
මෙයා හොදට බැට් කරනවා දැන් තුන්වෙනි ඉනිමත් ගහලා ඉවරයි .ඔවා හොදයි මාතර මෝඩයන්ට
ඔයිට වඩා හොදයි මෙයා නිශාන්තගෙ ගෙදර නිකන් කුලී වැඩට ගියා නම්.. ඉස්සර ජනප්‍රිය ක්‍රීඩකයෙක් පහු ගිය අවුරුදු 6ක විතර ඉදන් එක එක්කෙනාට කඩේ යන්න ගිහින් පච වෙන හැටි දැක්කම අපිටත් දුකයි..
දැන් ක්‍රිකට් නොහැකියි. නමුත් කඩේ ගිහින් හරි ජනප්‍රියතාවය රැක ගත යුතුයි කියන ප්‍රතිපත්තියෙ තමා මෙයත් ඉන්නෙ. දේශපාලුවොනේ.
ඒකටනෙ මේ සේරම.